මේ චිත්රපටය නිකුත් වෙලා තියෙන්නේ 2009 පෙබරවාරි 20 දින. පැය 2යි මිනිත්තු 21ක කාලයක් මෙය තිරගත වෙනවා. මෙය නිෂ්පාදනය කර තිබෙන්නේ Rakeysh Omprakash Mehra සහ Ronnie Screwvala විසිනුයි. අධ්යක්ෂණය Rakeysh Omprakash Mehraයි. තිර රචනය සිදු කර තිබෙන්නේ Rakeysh Omprakash Mehra සහ Kamlesh Pandey විසින්. මෙම චිත්රපටය Comedy/ Drama ගණයට අයත් වෙන චිත්රපටයක්. Showman Pictures ආයතනය, UTV Motion Pictures, Rakeysh Omprakash Mehra Pictures ආයතන තමයි මෙහි බෙදාහැරීම් කටයුතු සිදුකර තිබෙන්නේ. මෙම චිත්රපටය Imdb දර්ශකය ලෙස 6/10ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. ප්රධාන චරිත විදිහට Abhishek Bachchan (රෝෂන්), Sonam Kapoor (බිට්ටු), Om Puri (මදන්ගොපාල්), Waheeda Rahman (ආච්චි), Rishi Kapoor (අලී), Divya Dutta (ජලේබි) යන පිරිස රංගනයෙන් දායක වෙලා තියනවා. ප්රධාන වශයෙන්ම අද වන විට ඉතා ජනප්රිය නිළියක් ලෙස සිටින Sonam Kapoor දෙවැනි වතාවට රඟපෑ චිත්රපටයත් මෙයයි. මෙය 2009 මාර්තු මස වන විට පමණක් ලබා ඇති ආදායම ඇමරිකානු ඩොලර් 879,913ක් වුණා. ඒ වගේම,
1. Film fare award for best music director ( A.R. Rahnman)
2. Nargis Dutt award for best feature film on national integration ( Rakeysh Omprakash Mehra)
3. National film award for best supporting actress (Divya Dutta)
යන සම්මාන වලට පාත්ර වී තිබෙනවා.
හින්දි ගීත රසිකාවියක් විදිහට මෙම චිත්රපටයේ සියළුම ගීත ඉතාමත් අලංකාර බව අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. අපි කවුරුත් දන්න “මසක්කලී” ගීතය ඇතුළු තවත් ඉතා රසවත් මෙන්ම චිත්රපටයේ කතා රසය නොබිඳෙන විදිහට නිර්මාණය කරලා තිබෙන ගීත නිසා මේ චිත්රපටයේ අලංකාරත්වය වැඩි වෙලා තියනවා කිව්වොත් නිවැරදියි.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.