MENU

Devil’s Gate (2017) | පරපුරක උරුමය

කොහොමද කස්ටියට?.. ඔන්න මගේ මේ අවුරුද්දෙ පළවෙනි සබ් එක තමයි මේ අරන් එන්නේ. මේකෙ හොඳ කොපියක් රිලීස් වුන ගමන්ම දැනුම් දීපු චමෝද් රශ්මික මල්ලිට ගොඩක් ස්තූතියි. හොඳ කොපියක් රිලීස් වෙලා දවස් තුන හතරක් වුනත් එක එක වැඩ අස්සෙ මේක ඉවර කරලා ඔන්න පුළුවන් ඉක්මනට අරගෙන ආවා. මේ මාසෙ පස්වෙනිදා තමයි මේක රිලීස් වුනේ IMDB එකේ හැටියට නම්. මේ වෙද්දි IMDB අගය 4.9 කට හිමිකම් කියන්න සමත් වෙලා තියෙනවා වගේම Horror , Sci-Fi , Thriller කාණ්ඩවලට අයත් වෙනවා. නළු නිළියො විදිහට ලාස්ට් ශිප් කතා මාලාවේ සාෂා කූපර්ගෙ චරිතය නිරූපණය කරන Bridget Regan , X-Men චිත්‍රපට මාලාවේ බොබී ඩ්‍රේක්ගේ චරිතය නිරූපණය කරන Shawn Ashmore ඒ වගේම Milo Ventimilgo , Amanda Schull ප්‍රධාන වශයෙන් දායක වෙනවා.

කතාව ගැන ටිකක් කියනවා නම් FBI විශේෂ නියෝජිත ෆ්‍රැන්සිස් (Amanda Schull) යනවා එයාට හම්බුන ගැටලුවක් විසඳන්න. ගැටලුව තමයි ප්‍රිචර්ඩ් පවුලෙ ප්‍රිචර්ඩ් මහත්මියයි (Bridget Regan) , එයාගෙ පුංචි පුතයි අතුරුදහන් වෙලා දවස් ගාණක් තිස්සේ. ඒජන්ට් ෆ්‍රැන්සිස් මේ ගැන විමර්ශනය කරනවා ඩිපියුටි සෝල්ටර් (Shawn Ashmore) එක්ක එකතු වෙලා. ඒජන්ට් ෆ්‍රැන්සිස්ට ඕනි වෙනවා මේ ගැන මුලින්ම ප්‍රිචර්ඩ් මහත්මයගෙන් (Milo Ventimilgo) ප්‍රශ්න කරන්න. දෙන්නත් එක්ක යනවා මේ ප්‍රිචර්ඩ් පවුල ජීවත් වෙන ගොවිපළට. ප්‍රිචර්ඩ් පොලිසියට කියලා තියෙන්නේ එයාගෙ බිරිඳ පුතත් එක්ක බිරිඳගෙ සහෝදරියගෙ ගෙදර යන්න කාර් එකෙන් පිටත් වුනා ඊටපස්සෙ ගෙදර ආවෙ නෑ කියලා. ඒ වුනාට ප්‍රිචර්ඩ් ගොවිපළට ගිය වෙලාවෙ ඒ කාර් එක තියෙනවා ගොවිපළේ මඩුවක. එහෙනම් මොකක්ද ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ? නෑ නෑ ප්‍රිචර්ඩ් තමන්ගෙ බිරිඳව මරලා දාලා නම් නෙමෙයි. ඇත්තම කිව්වොත් ඔයාලට ටිකක් වෙනස් කතාවක් බලාගන්න පුළුවන් වෙයි. එතනින් එහා කතාව මම නොකිය ඉන්නම්කෝ. ආ තව දෙයක්. මේකෙ බයිබලෙන් ගත්තු උපුටා ගැනීම් වගයක් තිබුනා. මම ඒවා සිංහලට හැරෙව්වෙ නෑ මොකද අපිට උඩින් එන තේරුමමද ඒ වාක්‍ය වලින් කියවෙන්නෙ කියලා හරියටම දන්නෙ නැති හින්දා. එහෙනම් ඉතින් මෙන්න මම ගියා. අදහසකුත් දාගෙනම යන්නකෝ. ඊළඟ උපසිරැසියෙන් හම්බෙනකම් හැමෝටම ජය වේවා!

***You Cant Stop What’s Happening.
just Like You Can’t Stop mother’s Love***

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | WEB-DL | 720p | MkvCage | 750MB |

FF3017DCDA0A2C7D4A4D6C758C194525434AD8FF

 Direct Download

  | WEB-DL | 480p | x265 | 178MB |

 | WEB-DL | 480p | x264 | 310MB |

 | WEB-DL | 720p | MkvCage | 750MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *