MENU

Don’t Sleep (2017) | අඳුරෙන් උපන් ආදරය…

සැක් බ්‍රැඩ්ෆර්ඩ් කියන්නෙ සාමාන්‍ය පිරිමි ළමයෙක්. මෙයාට පොඩිකාලෙදි අසාමාන්‍ය විදියේ හීන පේන්න ගන්නවා. මේ හීනවල වෙස් මූණක් දාගත්තු පොඩි ගෑනුලමයෙකුයි, කළු ඇදගත්තු පිරිමි කෙනෙකුයි ඉන්නවා. මේ හීනවලට මේ ළමයා නිතරම වගේ බයවෙන්න ගන්නවා. මේක නිසා මෙයාගේ දෙමව්පියෝ මේ ළමයව මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්නනවා. ඒ වෛද්‍යවරයා මෙයාට වෙන ප්‍රතිකාරයක් හරියන්නෙ නැති නිසා මේ ළමයගේ මතකය සුළු වශයෙන් නැති කරන්න තීරනය කරනවා. පස්සෙ මෙයා හොද සතුටින් ජීවත් වෙනවා. ඒත් අවුරුදු 13කට පස්සෙ ආයෙත් කළින් විදියටම නරක දේවල් මේ සැක් ට වෙන්න පටන්ගන්නවා. මේ වෙනකොට මෙයාට ලස්සන ගෑනුලමයෙකුත් ඉන්නවා(ෂෝන්). මේ දෙන්නා ටවුමෙන් අලුත් ගෙදරක් ගන්නවා. දවසක් මේ ගෙදර අයිතිකාර ගෑනුකෙනාගෙ තාත්තා සියදිවි නසාගන්නවා. මේක සිද්දවෙන්නෙ අර කළු ඇදගත්තු කෙනා නිසා. මේ සිද්දිය නිසා අර ගෑනු කෙනා ගොඩක් දුකට පත්වෙනවා වගේම ගොඩක් බය වෙනවා. ඊටපස්සෙ දවසක් රෑක අර ගෑනු කෙනාට අමුතු දේකින් කරදර කරනවා. මේක නිසා මෙයා මේ ගැන ෂෝන්ට අනතුරුඅගවනවා. මේ දේවල් නිසා සැක්ටත් පිස්සු වගේ. ඒක නිසා මේ දෙන්නා රණ්ඩුත් වෙනවා. මේ අතරෙදි ෂෝන්ට අමුතු දෙයක් සිද්දවෙනවා. ඒ දෙයින් මේ සේරම දේවල් සිද්දවෙන්න හේතුව සැක් දැනගන්නවා. ඉතිං මීට වඩා නම් කියන්න යන්නෙ නෑ. මේ කතාවේ අවසානෙ සිද්දවෙන්නෙ මොකක්ද කියලා තේරුම්ගන්න නම් මුල ඉදලම බලන්න ඕනි. නැත්නම් තේරෙන්නෙ නැති වෙයි.

Don’t Sleep (2017) නම් මෙම චිත්‍රපටය තිරගතවුනේ මේ වසරේ සැප්තැම්බර් 29 වනදා. ආදරණීය, අත්භූත, ත්‍රාසජනක, ගණයට අයත් වන මෙය Imdb දර්ශකයේ 3.2 වැනි සුළු අගයක් අරගෙන තිබීම නම් කනගාටුවක්. මෙහි ප්‍රධාන චරිත ලෙස Dominic Sherwood, Charlbi Dean Kriek යන අය රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒවගේම Jill Hennessy, Cary Elwes, Alex Rocco, Dash Williams, Alex Carter යන අය ද රංගනයෙන් දායක වී තිබෙනවා. ඒවගේම මේ කතාව ආදරයේ ඇති සුන්දරත්වය මැනවින් විදහා දක්වනවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 700MB | 

a52ebcce98333fcff8f3ad0ecec676923e22f2bc

| WEB-DL | x265 | 720p | 664MB | 

e30bd45d4d63f25d4ceaa790f0c07b44bde6368f

 Direct Download

| WEB-DL | x264 | 480p | 375MB | 

| WEB-DL | x264 | 720p | 700MB | 

| WEB-DL | x265 | 720p | 650MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *