පසුගිය සතියෙ කොටස වෙන් වෙලා තිබුනේ ච්ෆ්ව හොයාගෙන ගිය විකෘතිකයන්ට රූකඩ වලට මුහුණ දෙන්නයි. ෆක්ටෝපියාව.. අහ්හ් සමාවෙන්න ෆියුක්ටෝපියාවට යන ක්රේසි ජේන්ට, ලැරී වගේම ක්ලිෆ්ට එරික් මෝඩින්ගේ කතාව දැනගන්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මෙයාලගේ චීෆ් කරපු දෙයකුත් රූකඩ සංදර්ශනය අතරවාරේ දැකගන්න ලැබෙනවා. විශේෂයෙන්ම පහුගිය කොටසෙ චරිත දෙකක ඒ කිව්වේ සයිබොර්ග්ට වගේම ලැරීට මුහුණ දෙන්න වුනු අනතුරින් පස්සෙ වෙච්ච සිදුවීම් කිහිපයකුත් දැකගන්න ලැබුනා. ලැරීගේ අසම්මත සමලිංගික ආදරය නිසා එයාගේ පවුලට ඒක තදින්ම බලපාපු බවක් තමයි පෙන්නුම් කලේ. හැබැයි ඉතින් වෙච්ච කිසිම දේකින් ගානක්වත් නැති බවක් තමයි පෙනුනේ. හැබැයි ඉතින් අහස් යානය පදවලා අනතුරට ලක් වෙලා විකෘතිවෙලා ඉද්දි නම් තමන්ගේ බිරිද වගේම තමන්ගේ ආදරවන්තයා තමන්ව බලන්න ආවම මූනට මූන තියා කටහඩින්වත් කතා කරගන්න බැරි වුන නිසා ලැරීගේ හිතට තදින්ම බලපාපු බවක් තමයි පෙන්නුම් කලේ. ෆියුක්ටෝපියාවට ගිය මේ තුන්දෙනාට චීෆ්ව නම් හොයාගන්න ලැබුනේ නැහැ හැබැයි. ඒ වෙනුවට චීෆ්ගේ රූකඩය අරන් එන්නයි සිද්දවුනේ.
අද කොටස තුලින් දැකගන්න ලැබෙයි නයිල්ස්ව හොයන් යන අපේ කට්ටියට ඒ වැඩේ පැත්තකට කරලා වෙනින් රාජකාරියක් කරන්න. අද කතාව එකතු වෙනවා තවත් අලුත් චරිතයක්. හරියට කොන්ස්ටන්ටින්ගෙ චරිතට ටිකක් සමාන කෙනෙක්. කීප්ලින් කියන ඒ චරිතයට එකතු වෙන්නේ සුපර්නැචුරල් කතාමාලාවේ හිටිය බොහෝ දෙනෙක්ගෙ කැමතිම චරිතයක් වෙච්ච ක්රව්ලිගෙ චරිතයට දායක වූ Mark Sheppard. මොකද වෙන්නේ කියලා එහෙනම් බලලම ඉන්නකො.
මේ විදිහේ ලිපි කෑලි ලේසියෙන් ලියවෙන්නෙ නැති මට අද ලියන්න සිද්දවුනා. මොකද මගේ වැඩත් එක්ක පහුගිය සිකුරාදා නිකුත් වෙච්ච සුපර්නැචුරල් කොටසයි,සෙනසුරාදා නිකුත් වෙච්ච් ස්ට්රයික් බැක් කොටසයි කරලා අනික් පැත්තට ආපහු මේ සීරිස් එකේ කොටස කරද්දීත් හොදටම හෙම්බත් වෙලා ඉන්නෙ. ඒ නිසා ලිපිය ගැන සමාවෙන්න ඕන.
ලබන සතියෙ කොටස තවත් කෙනෙක් අරගෙන ඒවි. ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින්එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2 thoughts on “Doom Patrol [S01: E04] | ලෝක විනාශයක පෙර සලකුණු!”
Ado mokkakda bn ara karapoththage sambande? u wallpaper eketh innawane.
Thanks !!!!!!!!!!!!!!