MENU

Eskiya (1996) AKA The Bandit | ඈ…… මගේ මලයි…….

” අයිතිය ප්‍රේමයක්
කරගත් මිනිසුන්ද…..
ප්‍රේමය අයිතිය
කරගත් මිනිසුන්ද…..

අයිතියට පමනක්
ප්‍රේම කරන මිනිසුන්ද…..
ප්‍රේමයට පමනක්
අයිතිය කියන මිනිසුන්ද…..

ප්‍රේමයක් නැතිවම
අයිතිය කියන මිනිසුන්ද…..
අතර…..

ඔහු ඇයට අයිතියක්
නැතිවම ප්‍රේම කලේය….. “

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Come and See (1985) ගිනිගත් දේශයක කදුලු කතාව….. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත් අහම්බෙකින් වගේ බලන්න ලැබුන වෙනස්ම විදියේ ෆිල්ම් එකකටයි. IMDb දර්ශකයේ 8.3 ක් වගේම rottentomatoes දර්ශකයේ 96%ක් ලබා ගන්නත් මේ ෆිල්ම් එකට පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම IMDb දර්ශකයේ හොදම සිනමා පට 250 අතුරින් 178 වෙනි තැන දිනා ගන්නත් මේ සිනමා සිත්තමට හැකි වෙලා තියෙනවා. දැන් හිතා ගන්න පුලුවන්නෙ මේ කියන්න හදන්නෙ කොහොම සුපිරි ෆිල්ම් එකක් ගැනද කියලා. කෙටියෙන්ම කිව්වොත් මිනිත්තු 128 ක් යනකල් උඩට ගත්තු හුස්ම පහලට දාන්න අමතක කරවන ජාතියෙ ෆිල්ම් එකක් තමයි මේක……..

බරන්….. කියන්නේ මීට සෑහෙන කාලෙකට කලින් කූඩි කදුකරය දෙවනත් කරපු මංකොල්ල කල්ලියක සාමාජිකයෙක්. කේජේ කියන්නේ බරන්ගේ ආදරවන්තිය….. නමුත් දෛවයේ සරදමකට මෙන් සිය හොදම මිතුරෙකුගේ පාවාදීමක ගොදුරක් බවට පත්වුන බරන්ට තම ආදරවන්තිය හැරදමා සිරගත වීමට සිද්ද වෙනවා….. සිය ආදරවන්තිය වූ කේජේ ගේ රුව තව එකම වතාවක් හෝ දැක ගැනීමේ අදිටනින් නොමැරී ජීවත් වන බරන් අවසානයේ පුරා තිස්පස් වසරක සිර ගත සමය අවසන් කරමින් නැවත පැමිනෙන්නේ තමාව පාවා දුන් තම මිතුරා වූ මුස්තාෆා ගෙන් පලිගැනීම සිය එකම අරමුණ කර ගනිමින්. නමුත් තිස් පස් වසරක් පුරාවට කාලයේ වැලිතලාවෙන් වැසී තිබුන රහසක් සිය මරණයට පෙර මුස්තාෆා විසින් හෙලි කරනු ලබනවා…… ඉන් පසු…….. ඒ ආදරය විද ගන්න ඔබට කෙරෙන ඇරයුමයි මේ…….

මම මේ ෆිල්ම් එකේ කතාව ගැන මීට වඩා වැඩියමක් නොකියන්නේ මේක වචන වලින් විස්තර කරන්න බැරි තරම් ලස්සන ආදර කතාවක් නිසාමයි. මේ ෆිල්ම් එක තිරගත උන අවුරුද්ද දිහා බලලා ” අපෝ….. සුද්දා වැද්දා කාලෙ ගහපු පරන ජරාවක්නේ….” කියලා හිතාගෙන මේ පෝස්ට් එක කියවන්නවත් මහන්සි නොවී ගිය අයට වඩා මේක කියවලා බලන්න නතර උන ඔබ වාසනාවන්තයි……. දැන් ඉතින් තීරනය ඔබ අතේ…….!

ලගදීම තවත් සුපිරිම ෆිල්ම් එකක උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය…….!

” අප්‍රකාශිත ප්‍රේමය
ප්‍රකාශිත ප්‍රේමයට වඩාත්…..
පරිත්‍යාග කල ප්‍රේමය
අයිති කරගත් ප්‍රේමයට වඩාත්…..
බලවත්ය….

සංසාරය දිගු බැවින්
නිහඬ වෙමි
අයිතිවාසිකම් නොකියමි…..”


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Download

| HDRIP | x264 | ??? | 407MB |

        

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *