MENU

Final Destination | අවසන් ගමනාන්තය – Movie Collection

1.Final Destination (2000) | පුළුවන්නම්… බේරිලා බලමුද ?

කතාවත් පොඩ්ඩක් කියන්නම්කෝ. එක ඉස්කෝලෙක ළමයින් 40ක් ප්‍රංශයට ට්‍රිප් එකක් යන්න යනවා. ඒ සෙට් එකේ ඉන්නවා ඇලෙක්ස් කියලා කොල්ලෙක්. මේ ගමන පටන් ගත්ත වෙලේ ඉඳන් මිනිහට නිකන් අමුතු අමුතු ඒවා හිතෙන්න පටන් ගන්නවා. කොහොමහරි ඇලෙක්ස් හීනයක් දකිනවා, එයාලා යන ගුවන් යානය  කඩා වැටෙනවා. මේ නිසා ඇලෙක්ස් ගොඩක් කලබල වෙලා ගුවන් යානයේ ඉන්න හැමෝටම ඒ ගැන කියනවා. එතන ලොකු කලබලයක් ඇති වෙලා කොහොමහරි ඇලෙක්ස් ඇතුළු කිහිප දෙනෙක්ට ඒ ගුවන් යානයේ යන්න බැරි වෙනවා. හැමෝගෙම ඇගිල්ල ඇලෙක්ස් දිහාවට දික් වෙද්දී ඇත්තටම එයාලා යන්න හිටිය ගුවන් යානය කඩා වැටිලා ඒකෙ හිටපු අය ඔක්කොම මැරෙනවා. ඇලෙක්ස් නිසා කිහිපදෙනෙක් බේරුනත් ඊට පස්සේ ඒ හැමෝටම හිතපු නැති ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. එයාලා එකිනෙකා එක එක විදිහට ජීවිතයෙන් වන්දි ගෙවන්න පටන් ගන්නවා. ඉරණමේ වෙන්න තියෙන දේ කොහොමත් වෙනවලුනේ. ඒ කියන්නේ මැරෙන්න හිටපු එකා මැරෙන්නම ඕන කියන්නා වගේ ඊට පස්සේ හිතා ගන්න බැරි ලොකු ලොකු දේවල් ගොඩක්  මෙයාලගේ ජීවිත වලට සිද්ද වෙනවා. මේ හිතාගන්න බැරි සිද්ධි දාමය පිටිපස්සේ ඇලෙක්ස් පන්නනවා. උත්සාහය තමන්ගෙත්, යාළුවන්ගෙත් ජීවිත බේරගැනීමයි. සටන එසේ මෙසේ කෙනෙක් එක්ක නෙමේ. මාරයා එක්කයි. උත්සාහය සාර්ථක වෙයිද????

 

2.Final Destination 2 (2003) | මරණ මංචකයේ ආයෙත්

Flight 180 අනතුර සිද්ද වෙලා හරියටම අවුරුද්දක් ගත වෙද්දී කිම්බර්ලියි එයාගේ යාළුවො ටිකයි ට්‍රිප් එකක් යන්න යනවා. ඒත් ගමන යන අතරමගදී කිම්බර්ලිට අමුත්තක් දැනෙනවා.හරියට Flight 180 හිටපු ඇලෙක්ස්ට දැනිච්ච හැගීම වගේ එකක්. එයාලා යන පාරේ ලොකුම ලොකු අනතුරක් සිද්ද වෙනවා කිම්බර්ලි පුර්ව දෘෂ්ටියකින් දකිනවා. මේ හින්දා එයා ඒ අනතුර වලක්වන්න හිතාගෙන පාර හරස් කරනවා. හැමෝම කිම්බර්ලිට පිස්සු කියල හිතද්දී ඇත්තටම අනතුරක් සිද්ද වෙනවා. කිම්බර්ලි සහ තව කිහිපදෙනෙක් මේ අනතුරින් අනු නමයෙන් බේරුනත් කිම්බර්ලිගේ යාලුවන්ට නම් බේරෙන්න බැරි වෙනවා. කොහොම කොහොමහරි දවස් ගත වෙනවා. ටික දවසකින් කිම්බර්ලිට ආරංචි වෙනවා එදා අනතුරින් බේරුණු අය එකිනෙකා මැරෙන්න පටන් අරන් කියලා. මේ ගැන හොයාගෙන යද්දී එයාට flight 180 ගැන ආරංචි වෙනවා. ඒ වගේම එකට සම්බන්ධ ක්ලෙයාර් තවමත් ජීවතුන් අතර කියලත් එයා දැනගන්නවා. ඉතින් ක්ලේයාර්ගේ වගේම තෝමස් කියලා පොලිස් කාරයෙක්ගේත්උදව් ඇතුව කිම්බර්ලි මේ අරුම පුදුම සිද්දි වලට උත්තර හොයන්න යනවා. තමන්ගෙත් අනිත් අයගෙත් ජීවිත බේරගන්න. ඒ වැඩේ කරගන්න මෙයාලට පුළුවන් වෙයිද?? නැත්තම් ඇලෙක්ස්ට වෙච්ච දේම මෙයලටත් වෙයිද??? ක්ලේයාර්ට මේ සැරෙත් බේරෙන්න පුළුවන් වෙයිද??

3.Final Destination 3 (2006) | අද අද එයි මරු

වෙන්ඩි සහ එයාගේ යාළුවො කැම්පස් එකේ තියෙන කානිවල් එකක විනෝද වෙනවා. ගොඩක් උස තැන් වලට එහෙම බය වෙන්ඩි ෆොටෝ අරන් විතරක් සෑහීමකට පත් වෙද්දී එයාගේ පෙම්වතා සහ යාළුවො ටික නම් හොදට විනෝද වෙනවා. යාලුවන්ගේ බල කිරීමට වෙන්ඩි එයාලත් එක්ක රෝලර් කෝස්ටරේ විතරක් යන්න කැමැති වෙනවා. ඒත් රෝලර් කොස්ටරේ ගමන පටන් ගන්න කලින් වෙන්ඩිට පුර්ව නිමිත්තක් පේනවා, රෝලර් කෝස්ටරේ අතර මගදී කඩන් වැටෙනවා. මේ හින්දා එයා එතන ලොකු කලබලයක් ඇති කරලා කිහිපදෙනෙක්ට ඒ රයිඩ් එකට යන්න බැරි වෙනවා. ඒත් වෙන්ඩිගේ පෙම්වතයි එයාගේ යාළුවොයි නම් රයිඩ් එක යනවා. හදිසියේම වෙන්ඩි දැක්කා වගේම රෝලර් කෝස්ටරේ කඩන් වැටිලා වෙන්ඩිගේ පෙම්වතා ඇතුළු ගොඩක් අය මැරෙනවා.
මේ සිදුවීම් හින්දම වෙන්ඩි මානසිකව ගොඩක් වැටෙනවා, හැමදේකින්ම ඈත් වෙන්න හදද්දී එයාගේ ජීවිත වලට බලපාන අමුතු භයානම සිදුවීම් ගොඩක් සිද්ද වෙනවා. ඒ වගේම මේ සිදුවීම් එදා කානිවල් එකේදී තමන් ගත්ත ෆොටෝස් වලටත් සම්බන්ධයි කියලා වෙන්ඩි හොයාගන්නවා. ඉතින් වෙන්ඩි, එයාගේ යාළුවගේ පෙම්වතා කෙවින් එක්ක එකතු වෙලා   මේ සිද්දි වල අග මුල හොයන්න පටන් ගන්නවා. අන්තිමට මොනවා වෙයිද?? වෙන්ඩිට මොනවා වෙයිද කියලා බලලම දැනගමු.

4.The Final Destination (2009) | හැරී බලන්න… මාරයා ඔබ අබියසයි

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. කතාවට මුලික වෙන්නේ මෝටර් වාහන ධාවන තරග පිටියක සිදුවීමක්. නික් කියන තරුණයා තමන්ගේ පෙම්වතිය සහ යාළුවන් දෙදෙනෙක්  එක්ක මේ තරගය බලන්න යනවා. නමුත් එතැන සිද්දවෙන්න යන ලොකු අනතුරක් ගැන නික්ට ඉවෙන් වගේ දැනෙනවා.ඒ නිසා එයා එතන ලොකු කලබගෑනියක් කරලා කිහිපදෙනෙක්ව ඒ ධාවන තරඟ පිටියෙන් ඉවත් කරගන්නවා. ඒත් එක්කම නික්ට දැනුනු අර අනතුර හැබෑවටම සිද්දවෙලා ගොඩක් අයට මැරෙන්නට සිද්ද වෙනවා. ඉතින් ජීවිතේ බේරුණු අය සතුටු වෙන්න එපැයි. ඒත් එයාලට සතුටු වෙන්න හම්බ උනේ හරිම ටික කාලයයි. දන්නවනේ ඉතින් ඇයි කියලා…!! ?

5.Final Destination 5 (2011) | ජීවිතං අනියතං, මරණං නියතං

හොඳයි චිත්‍රපට දිහාවට හැරුනොතින්, මේ බයිස්කෝප් එක ප්‍රේක්ෂකයන් 70,058 දෙනෙකු අතරින් IMDb කණුවේ 5.9 ක අගයක් අරන් තියෙනවා. මේක Horror, Thriller යන පැති වලට අයත් මෙය රූගත කිරීමේදී Cypress Park, British Columbia, Canada ප්‍රදේශ මුල් වෙලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය Steven Quale ගේ. කතාව අකුරු කරලා තියෙන්නේ Eric Heisserer, Jeffrey Reddick යන දෙන්නයි.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1.Final Destination (2000) | පුළුවන්නම්… බේරිලා බලමුද ?

Torrents Download

| Bluray | x264 | 720p | 630MB |

Direct Download

| Bluray | x264 | 720p | 630MB |

    

2.Final Destination 2 (2003) | මරණ මංචකයේ ආයෙත්

Torrents Download

| Bluray | x264 | 720p | 600MB |

Direct Download

| Bluray | x264 | 720p | 600MB |

    

3.Final Destination 3 (2006) | අද අද එයි මරු

Torrents Download

| Bluray | x264 | 720p | 600MB |

Direct Download

| Bluray | x264 | 720p | 600MB |

    

4.The Final Destination (2009) | හැරී බලන්න… මාරයා ඔබ අබියසයි

| Bluray | x264 | 720p | 585MB |

Direct Download

| Bluray | x264 | 720p | 585MB |

    

5.Final Destination 5 (2011) | ජීවිතං අනියතං, මරණං නියතං

Torrents Download

| Bluray | x264 | 720p | 600MB |

Direct Download

| Bluray | x264 | 720p | 600MB |

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

11 thoughts on “Final Destination | අවසන් ගමනාන්තය – Movie Collection

  • Jaya wewa!!! Baiscopelk,,,

    Reply
  • uptobox danna epa bn eka wadak na openload dapan

    Reply
    • Dilan Ranga

      Openload dila tiyenne

      Reply
  • M lakshan

    Mama godak dawas hoyapu film set ekak final destination

    Reply
  • Sulakkhana

    Eka link ekakwath wada na

    Reply
  • me link expire wela neda

    Reply
  • Thilan Madusha

    Mewa ekakwath download karanna bane… file not found kiyala enawa

    Reply
    • Ravindu Heshan

      oyata ona film eka kynna man update karala dennam

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *