MENU

From the Land of the Moon (2016) | ප්‍රේමය නම්…….! (18+)

ආදරය, ප්‍රේමය කොහොම කිව්වත් ඒක හරිම සුන්දර දෙයක්නේ.ආදරයෙන් පරාජය වීම, ආදරයෙන් ජය ගැනීම හා ආදරයෙන් අන්ධ වීම මේ ඔක්කොම ආදරය හා එකට බැඳුනු දේවල්. මේ සලරුවත් මේ හැම දේකම සම්මිශ්‍රණයක් කිව්වොත් නිවැරදියි.මේක මගේ පළමු වෙනි උපසිරැසි ගැන්වීම. අඩුපාඩු වැරදි තියෙන්න පුළුවන්. එහෙම උනොත් ඔබ සැමගේ සමාව ඉල්ලා සිටිනවා. මේ සලරුවේ මුල් නම Mal de pierres. ධාවන කාලය ආසන්න වශයෙන් පැය දෙකකට ටිකක් වැඩියි. අධ්‍යක්ෂණය කරලා තියන්නේ Nicole Garcia විසින්. මේක ලියල තියන්නේ Nicole Garcia, Jacques Fieschi සහ Natalie Carter කියන කට්ටිය. මේගොල්ලෝ මේකට Milena Agus විසින් ලියපු නවකතාවක් පාදක කරගෙන තියනවා.

මෙහි ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ Marion Cotillard කියන ප්‍රංශ නිළිය. මෙයා ඔයගොල්ලෝ දන්න Assassin’s Creed(2016), Macbeth (2015), The Immigrant (2014), The Dark Knight Rises (2012), Inception (2010) වගේ සුපිරි චිත්‍රපට වලත්, තවත් බොහෝ ප්‍රංශ චිත්‍රපට වලත් රඟපාලා තියනවා. ඒ වගේම ඇකඩමි සම්මානයත් ලබගෙන් තියන සුපිරි චරිතාංග නිලියක්.

චිත්‍රපටිය ගැන කියනවනම් මේක නිකුත් වෙලා තියන්නේ 2016 මැයි 15, Cannes Film Festival එකේදී.විවිධ චිත්‍රපට සම්මාන උළෙලවල්වල්දී මෙය සම්මාන 14කට යෝජනා වෙලත් තියනවා. මේක දාලා තියන්නේ Drama/Romance කියන Category එකට. IMDB 6.7 හා Rotten Tomatometer එකේ 32%කුත් අරගෙන තියනවා. හැබැයි මේක වඩාත්ම සුදුසු වයස 18+ කියලයි මට හිතෙන්නේ. හරිම කලාත්මක දෙබස් ටිකක් විතර අඩු ආදරය ගැන විවිද පැතිකඩවල් වලින් කතාකරන සලරුවක්.

මෙහි කතාව දිගහැරෙන්නේ 1950 වගේ කාලේ ප්‍රංශේ. ප්‍රධාන චරිතයේ නම “Gabrielle“. මෙයා හරි වෙනස්. තනි තීරණ ගන්න, මුරණ්ඩු චරිතයක්. හිතට එනදේ දෙපාරක් නොහිතා කියන කරන කෙනෙක්. මෙයා එයාගේ පවුලේ අයත් එක්ක ඉන්නේ ප්‍රංශයේ දකුණු පැත්තට වෙන්න.මෙයා මෙයාගේ සත්‍ය ප්‍රේමය ගැන හීන දකිමින් තමයි ඉන්නේ. ඒ උනාට මෙයාගේ දෙමවුපියන් මෙයාව José කියන අවංක, ආදරණීය ගොවිපොලක වැඩ කරන කෙනෙකුට විවාහ කරලා දෙනවා. ඒ උනාට මෙය jose ට ආදරේ කරන්න නෑ.කොහොම හරි මෙයාගේ වකුගඩු වල අමාරුවකට යවනවා ඉස්පිරිතාලෙකට. එහෙදි මෙයට හම්බ වෙනවා තව කෙනෙක්. මෙතන ඉඳල කතාව මම කියන්නනේ නෑ, බලලම රස විඳින්න.

අඩුපාඩු තිබුනොත් කියන්න.එහෙනම් සියලු දෙනාම සතුටින් රසවිදි කියල හිතනවා……!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 990MB | YIFY |

B1904505BE0CF8D2796020028490951E0CBDF226

 Direct Download

| BluRay | x264 | 720p | 990MB | YIFY |

| BluRay | x264 | 1080p | 1.8GB | YIFY |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *