අහෝ … !! මොන විපතක්ද , අහු උනා නේද ? මල කෙලියයි දැන් මොකද වෙන්නෙ ???
කරන්න දෙයක් නෑ , “කුම්බලා මාලු කෑවානම් විදවාපන් බලළෝ” කිවුවලුනෙ.. කවුද හරි කවුද වැරදි කියලා බලයට පොරබදින මේ සමාජෙ අපිට තීරනයක් ගන්න බෑ. කොහොම උනත් බෙන්ටන්ට වෛර කරන්න සාධාරන හේතු රාශියක් තියෙන නිසා අපි හාප්ගෙ පැත්තට ජය ඝෝෂා නගමු.
හාප්ව අල්ල ගත්තු බෙන්ටන්ට වෙන රාජකාරියක් නෑ වගෙයි. මොකද කටු අත්තක පැටලුනු පුලුන් රොදක් සේ ඔහු හාප් අසලමයි.. අනේ තියෙන ආදරේ නේද ?? එහෙම හිතෙනවත් ඇති ඔයාලට.. අනෙ මගුල තමයි. මොන ආදරයක්ද. බෙන්ටන්ට හිතාගන්න බෑ තමන්ගෙ වෛරය කොහෙන් පිටකරන්නද කියලා. මස් කඩේ ඌරෙක් එල්ලා ඇති ආකාරයක ලේ වෑහෙන හාප්ව එල්ලා තබා ඔහු ඔහුගේ පලිගැනීම දියත් කර ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. හාප්ගේ වේදනාව කාට ඇසේවිද කුමක් කෙසේ කවදා කොහොද සිදු වේවිද ? වෙන දෙයක් ඉක්මනටම උනොත් හොදයි. මොකද බෙන්ටන් උතුමානන් තමන්ට ලැබුනු අලුත් ගොදුරෙන් තමන්ගේ පහත් ආශාවන් ඉටු කරගන්නෙ අප්‍රසන්න ආකාරයකට…
ඔය අතරේ ග්‍රාන්ට් තමන්ගෙ බලය පුලුල් කරගැනීම උදෙසා වෙහෙස වෙනවා. ඒවානම් තනිකරම වාගේ ව්‍යාපාරික කතානෙ.. අපි ඇඩ්වෙන්චර් පැත්තට පනිමුකෝ. හාප්ට අරම ඉන්න දේවිද මයිකල්ලා.නෑ…. ඒල් නිවසට වෙලා ඔවුන් ඔවුන්ගෙ සැලසුම් දියත් කරන්නත් සූදානම් වෙනවා. මේක සාමාන්‍ය බේරා ගැනීමක් නොවෙන්නත් පුලුවන්. මොකද තිදෙනෙකුට එරෙහිව මුලු බල සේනාවක්ම ඉන්න නිසා…
වැඩේ කියන්නෙ ග්රාන්ට්ගෙ පැලෑනත් අවුල් වෙන ගතියක් තමයි මේ කොටසින් නම් තියෙන්නෙ. මොකද කියලා හිතන්නෙපා. බලන්න. ප්ලෑන් වලට හෙන ගහන ලේ වැගිරෙන මිතුරන් ඇති වෙන බලාපොරොත්තු ඉටුවෙන එපියක් තමයි අද මගෙ යාලුවොන්ට හම්බුවෙලා තියෙන්නෙ.
කියන්න දේවල් ගොඩයි. ඒ උනාට මෙහෙම කියලා ස්පොයිල් කරලා ඉවරවෙලා කතාව බලනෙකෙත් තේරුමක් නෑනෙ.. ඔයාලා එහෙනම් ගිහින් බලන්න. බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට. ගිහින් එන්නම්.
මතක තියාගන්න. ආයෙම එන්නෙ පලමු සමයේ අවසාන එපියත් අරගෙනයි.ජය !!!
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| Complete | HDTV | x264 | 720p | 2.9 GB |
Direct Download
| HDTV | x264 | KILLERS | 215MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)