MENU

Get the Girl (2017) | කැමතිම කෙල්ලව සෙට් කරගන්න හැටි

මේකෙ ප්‍රධාන චරිත තුන රඟපාන්නෙ Justin Dobies (Clarence), Elizabeth Whitson (Alex), Noah Segan (Patrick) කියන තුන්දෙනා.

Justin Dobies කියන්නෙ Dear White PeapleWe Love You චිත්‍රපටිවල වගේම Broad City, Making Moves කියන රූපවාහිනී කතාමාලාවල රඟපාපු කෙනෙක්. එතකොට Superhumanරූපවාහිනි කතාමාලාවෙ Action Cordinater විදිහට වැඩ කළෙත් මෙයා තමයි. Awkward රූපවාහිනී කතා මාලාව බලලා තියෙනව නම් ඒකෙ Eva විදිහට රඟපෑවෙ Elizabeth Whitson තමයි. එතකොට මේකෙ පැට්‍රික් (Noah Segan) නම් BrickWaterborne, Deadgirl, Quit, Looper, The Frozen, වගේම තවත් චිත්‍රපටි ගණනාවක රඟපාලා තියෙන නිසා අමතක වෙන්න විදිහක් නෑ.

මේ කතාවෙ ක්ලැරන්ස්, බාර් එකක වැඩ කරන ඇලෙක්ස් කියන කෙල්ලට හිතින් ආදරය කරනවා. ඒත් මේක ඇලෙක්ස්ට කියන්න ක්ලැරන්ස් ටිකක් බයයි. ඇලෙක්ස් කියන්නෙ විවාහක කාන්තාවක් බව දැන ගත්තත් ඒ විවාහය අසාර්ථක එකක් බවත්, ඇලෙක්ස් තමන්ගෙ ස්වාමි පුරුෂයාගෙන් දික්කසාද වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න බවත් දැන ගත්ත නිසා ක්ලැරන්ස් ඇලෙක්ස්ගෙ පස්සෙන් යන එක නතර කරන්නෙ නෑ. හැම කතාවෙම වගේ කෙල්ලට පොඩි වැඩ කෑල්ලක් දාලා, කෙල්ල ඉස්සරහා වීරයා වෙලා, කෙල්ලගෙ හිත දිනාගන්න තමයි ක්ලැරන්ස් පැට්‍රික්ව සම්බන්ධ කරගන්නෙ. ඉතින් ක්ලැරන්ස්ගෙ මේ උත්සාහය සාර්ථක වෙයිද? නැද්ද? ඇලෙක්ස් ක්ලැරන්ස්ට කැමති වෙයිද? නැත්නම් වැඩේ අහුවෙයිද? මේවා ඔක්කොම බලාගන්න පුළුවන් ෆිල්ම් එකයි, මේ සිංහල උපසිරැසියයි බාගෙන මේක බැලුවොත්.

මේ ෆිල්ම් එකේ අන්තිමට තියෙන “තුන්වෙනි විකල්පය” මොකක්ද කියල තේරුම් ගත්තොත්, ඒක මොකක්ද කියල පහළින් අදහසක් දාන්නත් අමතක කරන්න එපා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 650MB |

46446e1a22f54a3c03d243f2f4e09f622f078005

| BluRay | x264 | 720p | YTS | 1.3GB |

c22bcaf4939632abde8af02829bf612083cb84be

 Direct Download

| BluRay | x264 | 480p | 400MB |

| BluRay | x264 | 720p | YTS | 650MB |

| BluRay | x264 | 720p | YTS | 1.3GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Get the Girl (2017) | කැමතිම කෙල්ලව සෙට් කරගන්න හැටි

  • | BluRay | x264 | 480p | 400MB | me dila tiyana link eka wena film ekak bng saduwa! puluwanm nameeka danawada? mko film eka download kara!

    Reply
    • සිදුවු අපහසුතාවයට කනගාටුව නිවැරදි කර අැත

      Reply
  • puluwanm name dapanko bng saduwa film eka! man download kara!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *