MENU

Gotham [S04 : E02] | ස්කෙයාක්‍රෝ

තුන්වෙනි කතා සමය අවසන් වෙලා මාස තුනකට පස්සේ හතරවෙනි කතා සමය ගිය සතියේ ආරම්භ උනා. කලින් සිද්ධවුනු දේවල් එක්ක ගත්තාම මේ කාලය අතරතුර අපරාධ අඩුවෙලා ගිහින්. හේතුව ඔයාලා දන්නවා.

ඒ කවුරුවත් නෙමෙයි පෙන්ගුයින් නිසා. පෙන්ගුයින් නගරය පුරා අපරාධකරුවන්ට බලපත්‍රයක් නිකුත් කරනවා. අපරාධයක් කරනවා නම් පෙන්ගුයින් දෙන බලපත්‍රයක් තියෙන්න ඕන. (මෙතන අපරාධ ගනයට වැටෙන්නේ ගොඩාක්ම මංකොල්ලකෑම් තමයි) බලපත්‍රයක් නැති නම් පෙන්ගුයින්, වික්ටර් සෑස්ව යවනවා ඒ ගැන දැනුවත් කරන්න. (හොඳින් හෝ නරකින්) ගෝතම් පොලිසියටවත් කරන්න බැරි උනදේ පෙන්ගුයින් කරලා තියනවා. නගරය ජීවත්වෙන්න ආරක්ෂිත තැනක් කරලා තියනවා. ඒ කාරණාවේදී නම් කියන්න තියෙන්නේ මීයක් කඩන්නේ අත පිහිදගන්න නෙමෙයිනේ කියන කතාව.

ඉතින් ගෝඩ්න් මේ ලයිසන් කතාව ගැන දැනගන්නේ හොරෙක්ව අල්ලපු වෙලාවේ. මුළු පොලිස් දෙපාර්තමේන්තුව, නගරාධිපති, කවුරු මේකට කැමැත්ත දුන්නක් ගෝඩ්න් මේකට කැමැත්ත දෙන්නේ නෑ. ඒක පෙන්ගුයින් පවා දන්නවා. පෙන්ගුයින්ට ඕන නගරයට පොලිසියෙන් වැඩක් නෑ කියලා පෙන්වන්න. එයා හිටියාම ඇති කියලා පෙන්වන්න. ගෝඩ්න්ට ඕන ඒකේ අනික් පැත්ත. පෙන්ගුයින් මොනදේ හරියට කලත් අන්තිමේ කොහෙන් හරි කරුමයක් පඩිසන් දෙනවා. ගිය කොටසේ අන්තිමේට ඔයාලා ඒක දකින්න ඇතිනේ ? ඒත් ඒකට මුල අයිවි. අයිවි ඇයි එහෙම කලේ ? තවමත් ඒක ගැටළුවක්. ඒකෙන් වාසිය උනේ නම් ගෝතම් පොලිසියට.

එතකොට බෘස් ගැන ටිකක් කිව්වොත් ගෝතම් නගරය රාත්‍රි ආරක්ෂකයාගේ මුල් පියවර එයා තිබ්බා. ඒත් ඉතින් තවම හොඳටම වැඩකාරයෙක් නෙමෙයි. ගිය කොටසේ දැක්කානේ වහලේ කඩාගෙන බිමට වැටුනා. එතනින් ගියාම සෙලීනාට බෘස් බැනපු නිසා මේ දෙන්නා ඈත්වෙලා හිටියේ. ඒත් පෙන්ගුයින්ගේ සමාජ ශාලාව විවෘත කරන උත්සවයට සෙලීනාගේ ලස්සන දැකලා බෘස්ගේ හිත ආයෙත් වෙනස් වෙනවා.

​මේ සතියේ කොටසේ ජොනතන් එහෙම නැත්නම් ස්කෙයාක්‍රෝගේ වැඩ බලාගන්න පුලුවන්. ඒවගේම තමයි මැරුණා කියලා හිතන් හිටපු කෙනෙක් ආපහු එනවා. එතනින් ගියාම පෙන්ගුයින් සහ ගෝඩ්න් ආරවුලට මොකක් වෙයිද කලින් සතියේ බෘස් බිමට වැටිලා පොලිසියට අහු උනාද ටැබිතා සෙලීනා එක්ක මොනවා කරයිද මේ සේරම එහෙනම් දෙවෙනි කොටසින් බලාගන්න.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

| HDTV | x264 | 480p | 188MB |    

5f73db7b05cc59a55870a941981b4b685b8c880c

| HDTV | x264 | LOL | 234MB |    

2519d971bf13a069017b3eb9dff1eb2b41149627

| HDTV | x264 | 720p | 905MB |    

0400f02a4891c8ce2db4f6b195cbc672c31f6e48

Direct Download

| HDTV | x264 | 480p | 187MB |

      

| HDTV | x264 | LOL | 234MB |

      

| HDTV | x264 | 720p | 905MB |

      

| HDTV | x265 | 720p | 200MB |

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *