MENU

Gotham [S04 : E11]| නව රැජිනක්

කොහොමද කස්ටියට ඉතින් ? සයිට් එකේ පොඩි ප්‍රශ්නයක් උද්ගත උනා කියලා ඉතින් හැමෝම දන්න කාරණාවක්නේ. ඒත් කියන්න සතුටුයි අපිට ආදරේ අපි එක්ක ඉන්න අය ගොඩාක් ඉන්නවා කියලා ඒ කාලය අතරතුර මම දැනගත්තා. ගොඩාක් අය ෆේස්බුක් එකෙන් මැසේජ් දාලා මේ ගැන අහලා තිබුනා. ඉතින් එලොවටත් මෙලොවටත් නැති සුළුතරයක් නිසා උපසිරැසි දෙන එක නැවතුනොත්, ඒක අපිට ආදරේ කරන ඔයාලාට කරන අසාධාරණයක්. බයවෙන්න එපා ඔයාලා අපි එක්ක ඉන්නවා වගේම අපිත් ඔයාලා එක්ක ඉන්නවා. අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු.

දහවෙනි කොටස ගැන මතක් කලොත්, නැරෝස් වල දැන් ඉන්න ලොක්කා ලී තොම්ප්ස්කින්. එතකොට එයාගේ සහයකයා තමයි එඩ්. ඉතින් ලී, නැරෝස් පාලනය කරගෙන යන අතරතුරේ තව මැරකල්ලියක නායකයෙක්ගෙන් ප්‍රශ්නයක් උනා. ඉතින් ලී ඒක විසඳගත්තේ අතින් පයින් නම් නෙමෙයි. මොලයෙන්. ඒ කොටසේ අන්තිමටම ලී එඩ්ට හෙලි කලා එයාගේ මොලේ කිසි ප්‍රශ්නයක් නෑ කියලා. බෙහෙතක් අවශ්‍ය නෑ කියලා. බෘස් මේ දවස්වල ඉන්න හැටි දන්නවානේ. එයා ඇල්ෆ්රඩ්ව එයාගේ භාරකරු තනතුරෙන් පහකරන්න පවා තීරණය කරනවා. එතනින් ගියාම ඒ කොටසේ ප්‍රධානම සිදුවීම තමයි පෙන්ගුයින් සහ සොෆියා අතර යුද්ධය. පෙන්ගුයින් සොෆියා එක්ක යුද්ධය පටන් ගත්තා.

ඉතින් එකොලොස් වෙනි කොටසේ මොකක් වෙයිද ? මේ දෙන්නා අතර යුද්ධය පටන් ගත්තත් ගෝඩ්න් ඒකට මැදිහත් වෙලා සොෆියාව ගෙදර යැව්වා. ඒත් සොෆියා ගෙදර ගියේ නෑ. එයා ගෝතම් අයිතිකරගන්නකම් නවතින්නේ නෑ. තව දෙයක් තමයි ගෝතම් වල හිටපු පාතාල ලෝකයේ රජා ජීවිතයෙන් සමුගන්නවා. ඒක වෙන්නේ කොහොමද කරන්නේ කවුද කියලා ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි. එතකොට කලින් හිටපු භයානක චරිතයක් කතාවේ අන්තිමටම ආයේ බලාගන්න පුලුවන්. ඒවගේම තමයි ගෝඩ්න්ට සොෆියාගෙන් බේරීමක් නෑ. සේරම බලාගන්න මේ කොටස බලන්න කියලා ආරාධනා කරනවා. ඊලඟ කොටසින් අපි එහෙනම් හමුවෙමු. හැමෝටම සුභ නත්තලක්.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 241MB |

 D52E22FEA47F89B7F186ACC0C54A7C6BFAF96E62

| HDTV | x264| 720p | 318MB |

 4B9256694335E1F86D83B2EEE2677869857619BA

Direct Download

| HDTV | x264 | SVA | 241MB |       

         

| HDTV | x264 | 720p | 311MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Gotham [S04 : E11]| නව රැජිනක්

  • gotham s4 eke ep 11 download karaganda bane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *