MENU

Gotham [S04 : E12] | බිඳුනු කැඩපතක කොටස්…

ඉතින් මිත්‍රවරුනි දිග නිවාඩුවකින් පස්සේ ආපහු ගෝතම් කතා මාලාව එක්ක එකතුවෙන්න තමයි මේ සූදානම. මේ අරගෙන ආවේ 12 වෙනි කොටස. 11 වෙනි කොටසේ මොකද උනේ කියලා දැන් මතකවත් නැතුව ඇති කට්ටියට. අපි පොඩ්ඩක් ඒ ගැන බලමු එහෙනම්.

ඇත්තටම කලින් කොටසේ සෑහෙන සිදුවීම් ගනනාවක්ම සිද්ධවුනා. මෙච්චර කාලයක් ගෝතම් නගරයට වදයක් වෙලා හිටපු පිග් කියන මිනීමරුවා අන්තිම හුස්ම හෙලුවා. එතකොට ගෝඩ්න් පෙන්ගුයින්ව අල්ලලා ආපහු හිරේට දැම්මා. සොෆියා තමයි හැමදෙයකම පිටිපස්සේ හිටියේ කියන එක හෙලිකරගන්න ගෝඩ්න්ට පුලුවන් උනා. අනික ෆැල්කොන්ව මැරෙව්වෙත් සොෆියා කියන එක එතනින් හෙලිවුනා. එතනින් ගියාම බෘස් දැන් අගාධෙටම යනවා. එයාට ඕන කාලා බීලා නටලා ජොලි කරන්න. හිතෙන හිතෙන දේවල් කරන්න. ඇල්ෆ්රඩ් එයාව හරිමගට ගන්න හැදුවත් වැඩක් උනේ නෑ. බෘස් ඇල්ෆ්රඩ් එක්ක ගහගන්න තැනට පවා වැඩ සිද්ධවුනා.ඉතින් එයාගේ වැඩ වලට ඇල්ෆ්රඩ් බාධාවක් නිසා එයා ඇල්ෆ්රඩ්ව අස්කරලා දැම්මා. එතකොට ග්‍රන්ඩිව අමතක උනානේ. ඒ කියන්නේ කලින් හිටපු බුච්. ටැබිතා ගොඩාක් උත්සාහ ගත්තා ග්‍රන්ඩිගේ හොඳ සිහිය ගන්න. ඒත් එයාට ඒක බැරිවුනු නිසා වැඩේ අතැරලා දැම්මා. ඒත් ග්‍රන්ඩිට අන්තිමේ හොඳ සිහිය ආවා. කතාවේ අන්තිම හරිය මතකයිද ? කලින් හිටපු දුෂ්ඨ චරිතයක් ආපහු එලියට එන්න හදන පාටක් තමයි ඒකෙන් පෙනුනේ. ඉස්සරහට කතාව ඇදිලා යන විදිය ගැන ඉතින් හිතාගන්න පුලුවන්.

ඉතින් මේ සතියේ කොටස ගැනත් ටිකක් කියන්නම්. ඔයාලාට මතකද අයිවි අර චීනෙක්ගේ කඩයකට ගිහින් මොනවාද බෙහෙත් වගයක් බීලා මොකක්ද උනා ? එතනින් පස්සේ මොකද උනේ කියලා පෙන්නුවේ නැහැනේ. ඔන්න මේ කොටසින් ඔයාලාට අයිවි බලාගන්න පුලුවන්. හැබැයි අයිවි නැවතත් එන්නේ අලුත්ම ස්වරූපයකින්. ඒ කවුද කියලා ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි. ඒවගේම තව ගොඩාක් දේවල් තියෙනවා. අපි එහෙනම් ඊලඟ සතියේ කොටසින් මුණගැහෙමු. ජය !!!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 284MB |

  B086284C420CD90586BEA48B9C30CABA29A5CAC3

Direct Download

| HDTV | x264 | 480p | 150MB |       

         

| HDTV | x265 | 720p | 190MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *