MENU

Gotham [S04 : E15] | උඩ පැන්නොත් බිම වැටෙනවා…

මෙන්න ගෙනාවා ගෝතම් 15 වෙනි කොටසේ උපසිරැසිය. ගිය සති ටිකේ නගරයට හිසරදයක් වෙලා ඉන්නේ අයිවි පෙපර්. එයා කිසිම ගානක් නැතුව මිනිස්සු මරලා දානවා. ගිය සතියෙන් පස්සේ නම් එයාගේ කරදර ටිකක් අඩුවෙයි වගේ. ඒත් හැමදාටම නෙමෙයි. ඉතින් සොෆියා, පෙන්ගුයින්ව ආකම් වල හිරකරලා තියන්න හේතුව ඔයාලා දන්නවා. එයා එතන කලබල නැතිව ඉන්න හේතුවත් ඔයාලා දන්නවා. ඒත් පෙන්ගුයින් කොච්චර කාලයක් එහෙම ඉඳියිද ? වැඩි කාලයක් ඉන්න එකක් නෑ කියලා අපිට ගිය සතියේ අන්තිම කොටසින් තේරුණා. ඒ මොකද රිඩ්ලර්ගේ නැවත පැමිණීම.

එතකොට බෘස්ට ආපහු ඇල්ෆ්රඩ්ව ඕන උනා. එයාට හැමදෙයක්ම තේරුම් ගිහින් ආපහු ඇල්ෆ්රඩ්ව හොයාගෙන ගියා. ආයෙත් ඇල්ෆ්රඩ්ට බෘස් ලඟට එන්න කිව්වත් ඇල්ෆ්රඩ් ගනන් ඉස්සුවා ? ඉතින් වේන් සමාගමේ තිබුන රාත්‍රි භෝජන සංග්‍රහයකදී බෘස්ට කතාවක් කරන්න අවස්ථාව ලැබුන වෙලාවේ එයා ඒක ප්‍රයෝජනයට අරගෙන ඇල්ෆ්රඩ් ගැන හැමෝටම ඉදිරියේ කිව්වා. හැබැයි නම කිව්වේ නෑ. ඉතින් ඒකෙන් ඇල්ෆ්රඩ් ටිකක් පැහැදුනා. ඔය සාදය තියන තැනට අයිවි කඩන්පාත් උනා. එයාගේ ඉලක්කය උනේ මේ සාදයේ හිටපු වේන් සමාගමේ ඉහල නිලධාරින් ටික එයාගේ අර පැල වලින් මරලා දාන එක. ඒත් පොලිසිය එතනට නොසිතූ වෙලාවක ආපු නිසා අයිවිගේ සැලැස්මට බාධා උනා.

සෙලිනා ඔය අතරේ අයිවි ඉන්න තැනට ගියා. අර විද්‍යාඥයාව මරපු එක ගැන සෙලිනාගේ හිතට තදින්ම වද දෙනවා. අයිවිට මෙච්චර හරියක් කරන්න තව උදව් උනේ අර ලාසරස් දියරය. ඉතින් සෙලීනා අයිවි ලඟ ඉතුරුවෙලා තිබුන ඉතිරි ලාසරස් දියරය විනාස කරලා දැම්මා. ගෝඩ්න්ව හිතෙන හිතෙන විදියට නටවන්න තමයි සොෆියාගේ සැලසුම උනේ. ඒත් ගෝඩ්න් කැමති නෑ රූකඩයක් වෙන්න. ඒත් ගෝඩ්න්ට කරන්න දෙයක් නෑ මොකද එයාගේ රහස් වගයක් සොෆියා ලඟ තියන නිසා. ඒත් ගෝඩ්න් නවතින්නේ නෑ කියලා දන්න නිසා සොෆියා ලීව මේකට සම්බන්ධ කරගන්නවා. ඒ ගෝඩ්න්ගෙන් පලිගන්න. ඉතින් කලින් සතියේ ඉතිරි හරිය ඔයාලාට මතක ඇතිනේ. ඉතින් මේ සතියේ කොටසින් ඔයාලාට ගොඩාක් දේවල් බලාගන්න පුලුවන් වෙනවා. මම ඒ ගැන කියන්න යන්නේ නෑ. අපි එහෙනම් අනික් කොටසින් හමුවෙමු. ජය!!!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 301MB |

  1DE9934D78C095474BFCD63C8A868380CFBDD8B7

Direct Download     

| HDTV | 480p | x264 |  150MB |      

  

| HDTV | 720p | x265 |  228MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *