MENU

Gotham [S04 : E22]| ප්‍රචණ්ඩත්වය රජයන නගරයක්…

ඔන්න එහෙනම් ගෝතම් අවසන් කොටස සමගයි මේ එකතු වෙන්නේ. ගෝතම් ගැන සෑහෙන්න කතාබහක් පහුගිය සතිය තුල අහන්න දකින්න ලැබුනා. මොකද හැමෝම හිතුවේ මේ තමයි ගෝතම් අපිට දකින්න ලැබෙන අවසන් කොටස කියල. බොහෝ දෙනෙක් බලාපොරොත්තු නොවුන ආකාරයට ගෝතම් වල පස්වන කතා මාලාව පටන් ගැනීම සම්බන්ධයෙන් තීරණය ලැබුනේ පසුගිය සතිය තුලයි. අපිට සතුටුදායක වගේම දුකට හේතුවන ආරංචියක් තමයි ලැබුනේ. සතුටට හේතුව නම් අපිට ගෝතම් පස්වන කතා මාලාවක් අපිට දකින්න ලැබෙනවා. දුකට හේතුව නම් පස්වන කතා මාලාවෙන් පසුව අපිට ගෝතම් දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඊළඟ කතා මාලාව තුල මෙසේ කතා මාලා හතරක් ඔස්සේ දැකපු ගෝතම් නගරයේ සිද්ධ උන අමුතු දේවල් දකින්න ලැබෙන එකක් නැහැ. බොහෝ දුරට ගෝතම් වල ආරක්ෂකයාගේ ආගමනය මීළඟ කතා මාලාව තුල දකින්න ලැබේවි. එහෙනම් මම කලින් කොටස ගැන මතක් කිරීමක් කරන්නම්.

කලින් කොටසේදී දකින්න ලැබුනා ජෙරමායා නගරය තුල සිය බලය පතුරවන හැටි. නමුත් එයාට තමන්ගේ සැලසුම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරගන්න ලැබෙන්නේ නැහැ මොකද ජෙරමයාගේ සැලැස්ම එඩ් විසින් හොයාගෙන ඒක ජේම්ස් ගෝර්ඩන් හට ලබා දෙන නිසා. ඔහුට පුපුරව හරින්න වෙන්නේ එකම එක බෝම්බයක් පමණයි. ඒ වගේම හාර්වි නිර්භීත වැඩක් කරනවා දකින්නත් ඇති. බෘස්අ ඇල්ෆ්‍රඩ්ව හොයන්න ගිහින් ස්කෙයාක්‍රෝගේ උගුලකට අහුවෙලා ඉන්න කොට ඉන් බේරාගන්නේ සෙලිනා විසින්. පසුව රේෂ් අල් ගුල් නැවතත් ගෝතම් වෙතට පැමිණෙනවා. ඒ ඔහු විසින් දැකපු දර්ශනය සැබෑ නොවුන නිසා. ඔහු ජෙරමාය මුණ ගැහෙන්නේ ඒ දර්ශනය අනූව සෑම දෙයක්ම සිද්ධ කරගන්න. මොකද ඔහුට අවශ්‍ය වෙන්නේ බෘස් වෙයින් කියන තරුණයා මේ නගරය ආරක්ෂා කරන අන්ධකාරයේ නයිට්වරයා බවට පත් කර ගැනීමයි.  අවසානයේ දැක්කේ මෙතුවක් කලකට එකට හිටිය බෘස් සහ සෙලිනා දෙන්නගේ හාදුව. එත් එක්කම අපි දැක්කා ජෙරමායා එතනට එනවා. අපි අන්තිමටම දැක්කේ ජෙරමායගේ වෙඩි පහරට ලක්වූ සෙලිනාව.

අද කොටස තවත් ගොඩක් රසවත්. අද කොටස පටන් ගන්නේ පහුගිය සතියේ කොටසේ ඉතිරි කල සෙලිනාගේ සිදුවීමත් සමඟින්. මම කිසිම දෙයක් නොකිය ඉන්නම්. එත් DC කොමික් වල තියෙන අන්ධකාරයට ආස කරන ඒ අන්ධකාරයේ සහිත ගෝතම් නගරය තුල දකින්න ලැබෙන එකම ආලෝකය ඇරඹෙන්නේ කෙස්ද කියලා ඔයාලට දැකගන්න ලැබේවි කියල කියන්නම්. ඒ වගේම තව ආරංචියක් ආවා ඇල්ෆ්‍රඩ් උන්නැහේටත් වෙනම කතා මාලාවක් නිර්මාණය කරන්න යනවා කියලා. ඇල්ෆ්‍රඩ්ගේ ජිවිත කතාව අලලා කොටස් 10 කින් යුතු කතා මාලාවක් ඉදිරියේදී දැකගන්න ලැබේවි. එසේ නම් පස්වන කතා මාලාවේ ආරම්භයත් සමඟ නැවත මුණ ගැහෙමු . ඔබට ජය !!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x265 | 720p | 190MB |

DA36A8DA031EFC88CD803472356A1DA439238569

Direct Download   

| WEB-DL | 480p | x264 |  130MB |      

  

| WEB-DL | 720p | x265 |  190MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Gotham [S04 : E22]| ප්‍රචණ්ඩත්වය රජයන නගරයක්…

  • Meke link wada nane machan

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *