MENU

Great Expectations [S01 E01] | උදාර අපේක්ෂා!

මෙලෙස සිංහල උපසිරසි ගන්වා ඔබ වෙත පිරිනමන්නේ ලෝක පූජිත ගත කතුවර චාල්ස් ඩිකන්ස් විසින් රචිත ‘Great Expectations’ නමැති අග්‍රගණ්‍ය කෘතිය පාදක කරගනිමින්, Sarah Phelps විසින් ලියූ පිටපතකට අනුව 2011 දී Brian Kirk විසින් අධ්‍යක්ෂණය කෙරුණු Great Expectations නම් බ්‍රිතාන්‍ය කෙටි ටෙලිවෘතාන්තය යි. මේ නවකතාව චන්ද්‍ර අනගිරත්නයන් අතින් “උදාර අපේක්ෂා” නමින් සිංහලයට ද පරිවර්තනය කෙරුණා. මේක කියවපු අය දන්නවා ඇති මේ ඉතාම ලස්සන නවකතාවක් කියල. මේ බ්‍රිතාන්‍ය ටෙලිවෘතාන්තය මිනිත්තු පනහක පමණ ධාවන කාලයකින් යුතු කථාංග තුනකින් සමන්විත වෙනවා. ඒවගේම The X files ටෙලිවෘතාන්තයේ ‘ඩේනා ස්කලී’ ලෙස රංගනයේ යෙදුණු Gillian Anderson මෙහි හැවිෂම් මෙනවිය ලෙසත්, Romeo and Juliet (2013) චිත්‍රපටයේ ‘රෝමියෝ’ ලෙසින් රංගනයේ යෙදුනු Douglas Booth මෙහි පිප් ලෙසින් ද, ප්‍රධාන චරිත වලට පණ පොවනවා.

2011 ජුලි මාසයේ, දින තුනක් තිස්සේ, BBC මගින් නොර්ත්හැම්ටන් අසල හොල්ඩෙන්බි නිවස සැටිස් මන්දිරයේ බාහිර දර්ශන සඳහා රූගත කිරිමට යොදාගත්තා. සැටිස් නිවසේ අභ්‍යන්තර දර්ශන රූගත කෙරුණේ, හර්ෆඩ්ෂයර් වල වොට්ෆර්ඩ් අසළ පිහිටි ‘ලැංලීබරි මන්දිරය’ නම් පැරැණි ගම්බද නිවෙසක් තුළයි. ගාජරි නිවෙස සහ කම්මල ඉදිකෙරුණේ ටෝල්ස්බරි වල එසෙක්ස් ගම්මානයේ නැගෙනහිර පෙදෙසේ වගුරුබිමක් අසලයි. එමෙන්ම ආරම්භක දර්ශනයේ පෙන්වන දේවස්ථානය ලෙස භාවිතා කෙරුණේ අත්හැර දැමු කෙන්ට් ගම්මානයේ රොම්නි විල්ලුවෙහි පිහිටි ශාන්ත තෝමස් දේවස්ථානයයි. ගාජරි නිවසේ ඇතුළත දර්ශන බෙඩ්ෆඩ් ෂයර් හි ලූටන් හූ ගොවිපළ තුළ රූගත කෙරුණා.

මේ ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වන්නේ
Gillian Anderson – හැවිෂම් මෙනවිය ලෙසින්
Douglas Booth – පිප් හෙවත් ෆිලිප් පිරිප් ලෙසින්
Vanessa Kirby – එස්ටෙලා ලෙසින්
Shaun Dooley – ජෝ ගාජරි ලෙසින්
Claire Rushbrook – ගාජරි මහත්මිය ලෙසින්
Harry Lloyd – හර්බට් පොකට් ලෙසින්
Ray Winstone – ඇබෙල් මැග්විච් ලෙසින්
Oscar Kennedy – කුඩා පිප් ලෙසින්
Izzy Meikle-Small – කුඩා එස්ටෙලා ලෙසින්
Eros Vlahos – කුඩා හර්බට් පොකට් ලෙසින්
David Suchet – ජැගර්ස් ලෙසින්
Mark Addy – පම්බ්ල්චුක් මාමා ලෙසින්
Frances Barber – බ්‍රැන්ඩ්ලි මහත්මිය ලෙසින්
Tom Burke – බෙන්ටලී ඩ්‍රම්ල් ලෙසින්
Charlie Creed-Miles -සාජන් ලෙස
Susan Lynch – මොලී ලෙසින්
Paul Ritter – ජෝන් වෙමික් ලෙස
Jack Roth – ඩොල්ජ් ඔර්ලික් ලෙස
Perdita Weeks – ක්ලාරා ලෙසින්

අද පළවෙන කථාංගය ගැන:
පළමු කොටස
අධ්‍යක්ෂණය – බ්‍රයන් කර්ක්
තිරරචනය – සාරා ෆෙල්ප්ස් (චාල්ස් ඩිකන්ස්ගේ නවකතාව ඇසුරින්)
IMdb Ratings – 8.3/10
මුල්වරට විකාශය වුණු දිනය – 2011 දෙසැම්බර් 27

ෆිලිප් පිරිප් එහෙම නැත්නම් පිප් කියන්නෙ අම්මා තාත්තා අහිමිවුණු අනාථ දරුවෙක්. එයා ජිවත් වෙන්නෙ තමන්ගේ අක්කයි, කම්මල්කරුවෙක් වන මස්සිනයි එක්ක විල්ලුවක පිහිටි කම්මලක. දවසක් පුංචි පිප්ට විල්ලුවේදී භයානක අපරාධකරුවෙක් හමුවෙනවා. ඔහු පිප්ගෙන් උදව්වක් ඉල්ලනවා. පිප්‍ ඔහුට අනුකම්පා කරලා උපකාරය කරනවා. පස්සේ මේ අපරාධකාරයා පොලිසියෙන් අල්ලාගෙන යනවා. මේ අතරේ දවසක් හුදෙකලාව ජිවත් වෙන ධනවත් හැවිෂම් මෙනවියගේ නිවසෙන් පිප්ට ආරාධනයක් ලැබෙනවා. මේ ආරාධනය පිප්ගේ ජීවිතයට බලපාන්නෙ කොහොමද? ඇය එහෙම හදිසියේ ආරාධනා කළේ ඇයි? මේ ගැන අද කතාවෙන් බලන්න.

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | XviD | 548MB |  

DF5002959E70022222131F840E14317494FE038A

Direct Download

| HDTV | x264 | XviD | 548MB |      

           

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Great Expectations [S01 E01] | උදාර අපේක්ෂා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *