MENU

Harley and the Davidsons [E01] | යක්ෂ ඉලන්දාරි..!

මේ ලෝකයේ සිටින මිනිසුන් මම මෙහෙම වර්ගීකරණය කරනවා, නිර්මාණශීලිත්වයෙන් වැඩක් ගන්නා මිනිස්සු සහ ඉන් වැඩක් නොගන්නා මිනිස්සු ලෙස. සෑම මිනිසෙක් තුළම නිර්මාණශීලිත්වය ගැබ් වී ඇති බව මම විශ්වාස කරනවා. එහෙත් එය හඳුනා ගන්නේත්, අවදානම දරමින් ඉන් ලොවට යමක් දායාද කරන්නේත් එහෙමත් පිරිසක්. කිසිඳු නව නිපැයුමක් එ සිට එය යථාර්ථයක් බවට පත් වන තුරු එන ගමන් මාර්ගය ලෙහෙසි පහසු නෑ. අවම පහසුකම් යටතේ, බාධක හමුවේ නොසැලී තම නිර්මාණශීලිත්වය තුළින් ලොවටම වටිනා නිපැයුමක් දායාද කළ එවන් මිනිසුන්ගේ කතාන්තරයක් ලෙස මම මෙය හඳුන්වන්නම්.

හාර්ලි-ඩේවිඩ්සන්…! මේ නම ඇසූ පමණින් ඔබගේ මනසේ ඇඳෙන්නට ඇත්තේ සමහරවිට ලෝක ප්‍රකට ඇමරිකානු මෝටර් සයිකල් සමාගම වන්නට ඇති, එහෙමත් නැතිනම් අපූරු මෝටර් සයිකල් සංස්කෘතියක් සහ පන්තියක් හඳුන්වා දුන් සමාගමක් ලෙස, සමහර විට ඔවුන්ගේ මෝටර් සයිකල් වලටම පමණක් අනන්‍ය වූ අපූරු ශබ්දය ” පොටෑටෝ, පොටෑටෝ ” වන්නට ඇති, ඒත් නැත්නම් ඔවුන්ගේ බයිසිකල වල ඇති ” වින්ටේඦ්’ පෙනුම වන්නට ඇති. ඔබ මෝටර් සයිකල් පිස්සෙක් නම් හාර්ලි-ඩේවිඩ්සන් ඔබ දකින්නේ ඉහත කී ආකාර වලින් එකකට වන්නට බොහෝදුරට ඉඩ තිබුනත්, බයිස්කෝප් පිස්සෙක් නම් එය ඊටත් වඩා වෙනස් අයුරින් දැකීමට හැකියි. අතිශය ඉහළ ධාරිතාවයක් හිමි, සාම්ප්‍රදායික මෝටර් සයිකල් පෙනුමෙන් ඔබ්බට ගිය, හාර්ලි-ඩේවිඩ්සන්, සිනමා නළුවන් අතර පමණක් නොවෙයි, නිළියන් අතර ඉතාමත් ජනප්‍රියයි. ඒ කොයි තරම්ද කියලා එකම එක උදාහරණයකින් කියන්නම්. ඔස්කා සම්මානලාභිනී එලිසබත් ටේලර් මේ වර්ගයේ බයිසිකලයක් පැදවූවා. ඇය ස්වාමිපුරුෂයන් සත් දෙනෙක් මාරු කරත්, ඒ බයිසිකලය නම් මාරු කළේ ඇය නොවේ.

හාර්ලි-ඩේවිඩ්සන් මෝටර් සයිකල් එක්තරා සංස්කෘතියක් ඇති කිරීමට සමත් වූවා. අද වනවිට ඔවුන් විදුලි යතුරුපැදි නිපදවන්නට තරම් දියුණුවට පත් ව තිබෙනවා. එහෙත් ඔවුන් ඒ ගමන ආරම්භ කළ ආකාරය පිළිබඳ ඔබ දන්නවා නම් සැබැවින්ම ඔබ මවිතයට පත් වෙයි. එහෙමනම්, ඒ දිග ම දිග කතාන්තරය කෙටි ම කෙටි කරලා කියන්නයි මේ සූදානම.

2016 වසරේ නිකුත් කළ Harley and the Davidsons කොටස් තුනකින් සමන්විත, Biography කාණ්ඩයට අයත් ඉතාමත් අපූරු නිර්මාණයක්. එය සත්‍ය සිදුවීම් පාදක කරගනිමින්, අඩුත් නැතිව, වැඩිත් නැතිව, හාර්ලි-ඩේවිඩ්සන්වරුන් මෝටර් සයිකල් නිපද වූ ගමන්මඟ ඔබේත්, මගේත් මනසට සමීප කිරීමට සමත්. ඔවුන්ගේ හිතුවක්කාරී ස්වභාවය, කැපවීම, අපේක්ෂාව, ජයග්‍රහණයන්, පරාජයන්, ආදරය, මානුෂීය බව ඉතාමත් සිත් ඇදගන්නා සුළු ආකාරයෙන් මෙහි නිරූපණය වෙනවා. IMDb දර්ශකයේ 8.3 කුත්, කුණු තක්කාලි දර්ශකයේ 80% කුත් වගේ ඉතා ඉහළ අගයක් ලැබීමෙන් ම ඔබට තේරෙනවා ඇති මෙය කිසිසේත් ම මඟ නොහැරිය යුතු බව.

පළමුවන කොටස දිග හැරෙන්නේ ආතර් ඩේවිඩ්සන්, විලියම් හාර්ලි සහ ආතර්ගේ සහෝදරයා වෝල්ටර් ඩේවිඩ්සන් එක්ව හාර්ලි-ඩේවිඩ්සන් මෝටර් සයිකල් නාමයට ආරම්භයක් දෙන ආකාරයයි. වචනයෙන් කිව නොහැකි ජවයක්, ශක්තියක් මෙය නැරඹීමේදි ඔබට දැනෙයි. ඒ නිසාම කම්මැලිකමක් නැතිව මෙය එක දිගට නැරඹිය හැකියි. පුද්ගලික ව මගේ සිංහල උපසිරැසිකරණ ජීවිතයේ මට ලැබුන විශාල වාසනාවක් විදියට මම මේ කතාන්තරය දකිනවා.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Brrip | x265 | 720p | 670MB |  

D674C4C478BD59AA5F77437CF93D278F253809A2

Direct Download

| Brrip  | x265 | 720p | 670MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Harley and the Davidsons [E01] | යක්ෂ ඉලන්දාරි..!

  • තැන්ක්ස් සහෝදරි
    මේ වගේ කථාවලට වැඩියෙන් සබ් දෙන්න
    රියල් ස්ටෝරිස් වලට. මම නම් මාරම ආසයි.

    මමත් සබක් හදන්න ආසාවට පටන් ගත්තා කාලෙකට කලින්. එදා තමයි මම දැනගත්තේ සබ් එකක් හන එක කොච්චර අමාරුද කියලා.ඇත්තටම මට ඒක ඉවරයක් කරගන්නවත් ලැබුණේ නෑ කාර්යබහුලත්වය නිසා. ඒක නිසා ඔයාලගේ වටිා කාලය කැප කරලා කරන මේ වැඩේ මාරම වටිනවා. දැන් ඇගයීම් ක්‍රමයක් ක්‍රියාත්මක වෙන එක ඇත්තටම හොඳයි.
    දිගටම සබ් දෙන්න. ජීවිතෙත් ජය ගන්න..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *