MENU

Harley and the Davidsons [E02] | අපි තාම තරුණයි..

Harley and the Davidsons 2016 දෙවන කොටස අරගෙනයි ආවේ. ස්ථිර රැකියාවක් නැතුව, තක්කඩි තාලේ වැඩ කර කර කාලේ ගත කරපු ආතර් ඩේවිඩ්සන්, කොහොමින් කොහොම හරි අලුත්ම තාලේ මෝටර් බයිසිකලයක් හදන්න විලියම් හාර්ලිව නම්ම ගත්තා විතරක් නෙවෙයි නාහෙට නාහන වෝල්ටර් ඩේවිඩ්සන්ගේ අතේ තිබුන සතේ දක්වා ඒ වැඩේට ආයෝජනය කරන තැනට ගෙනාවා. එහෙම පටන් ගත්ත ගමනේ ඔවුන්ට ආව බාධක අපමණයි. උදව් කරන්න ආව අයට වඩා කකුලෙන් අදින්න ආව අය අපමණයි. ඒත්, වැටුන හැම වෙලාවෙදිම ඔවුන් ආයිත් නැගිට්ටා. ඒ පෙරටත් වඩා වැඩි ජවයකින්. මේ කතාව බලාගෙන යද්දී මට හිතුනේ ඔවුන්ගේ ජයග්‍රහණ වල රහස වෙන්නේ, තම තමන් ඇත්තටම දක්ෂ මොන දේටද කියනෙක ඔවුන් හොඳින්ම හඳුනාගෙන සිටීම කියලයි. ආසාවට වගේ පටන් ගත්ත වැඩේ වෝල්ටර් ඩේවිඩ්සන් යට කරපු සල්ලියි, විලියම් හාර්ලිට තමන්ගේ පවුලේ බර කරට ගන්න සිදු වීමයි වගේ හේතු උඩ ව්‍යාපාරයක් බවට පත් වෙනවා. ආතර්-ඩේවිඩ්සන් විදියට පුංචියට පටන් ගත්ත ව්‍යාපාරේ ආතර් ඩේවිඩ්සන්ගේ භූමිකාව වෙන්නේ විකිණුම් සහ අලෙවිකරණ අංශයේ කටයුතු කිරීම. කතාවෙන් මිනිස්සු අල්ල ගන්න ඔහුට තිබුන හැකියාව පළමු කොටසෙන් දකින්න ඇති. එතකොට අපේ විලියම් හාර්ලි එහෙමත් නැත්නම් කොයි වෙලෙත් පැන්සලක් අතේ තියන් කුරුටු ගගා හිටපු ඉලන්දාරියා ඇන්ද චිත්‍ර, හැබෑවක් බවට පත් වුනා. ඔහු තමයි හාර්ලි-ඩේවිඩ්සන් සමාගමේ ඉංජිනේරු වැඩ කටයුතු වල ප්‍රධානියා වුනේ. වෝල්ටර් ඩේවිඩ්සන්, කවුරුවත් කියන දෙයක් මායිම් කරන්නේ නැති හිතුවක්කාරයා කාර්මික ශිල්පියෙක් විදියට තමන් ගාව තියන දැනුම සමාගමට ලබා දෙනවා විතරක් නෙවෙයි ඔහු පෙන්වනවා, ඔහුගේ අසමසම වේග ධාවන හැකියාව. ඒ වගේම ඔවුන් තුන්දෙනාටම සමීප මිත්‍රයෙක් වුන එඩී කොහොම අමතක කරන්නද?

කලින් කොටස අවසන් වුනෙ බොහොම දුක හිතෙන සිදුවීමකින්. මෝටර්-ඩ්‍රෝම් ධාවනය කරන්න එපා කියන දේ ආතර් දිගින් දිගටම කිව්වත්, වෝල්ටර් ඒක පිළිගත්තේ නෑ. හිතුවක්කාරයෙක්ට ඉන්නේ වෝල්ටර් විතරයි කියලා හිතුවට එඩී ඊටත් එහා! කොහොමෙන් කොහොම හරි එඩීගේ හිතුවක්කාරකම කෙළවර වෙන්නෙ ඔහුට ජීවිතෙත් අහිමි කරවලයි. දකින්න ඇතිනේ, කලින් කොටසේ අවසාන හරියේ එඩීගේ සිරුර දිහා බලන් ඉඳලා ආතර්, වෝල්ටර් දිහා බලපු හැටි! වෝල්ටර් ගේ හිතුවක්කාරකම් වලින් ආතර් නොසෑහෙන්න බැට කාලා ඉන්න පාටයි. කලින් ඉන්දියන් සමාගමේ අයිතිකාරය එක්ක ගහගෙන පාඩු කරා, දැන් තවත් ප්‍රශ්නයක්.

එතන ඉඳන් මොකද වෙන්නේ කියලා බලාගන්න ඔයාලට ම භාර කරලා මම සමුගන්නවා. අවසාන කොටසින් හමුවෙමු.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Brrip | x265 | 720p | 500MB |  

D674C4C478BD59AA5F77437CF93D278F253809A2

Direct Download

| Brrip  | x265 | 720p | 500MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Harley and the Davidsons [E02] | අපි තාම තරුණයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • formula baru pola jitu mahjong ways mengguncang dunia
  • kupas tuntas update terbaru teknik sinkronisasi mahjong ways
  • teknik jitu durasi spin manual agar sambaran petir zeus tiada henti
  • survei tahunan membuktikan bahwa rasio kemenangan mahjong ways meningkat drastis menjelang akhir tahun
  • analisa pakar teknologi terkait aplikasi mutakhir mahjong ways
  • download apk untuk mendapatkan saldo gratis mulai dari higgs domino hingga mahjong ways