MENU

Harley and the Davidsons [E03] | අපේ උරුමය පරපුරෙන්, පරපුරට

එහෙමනම්, තුන්වන කොටස එහෙමත් නැත්නම් අවසානයත් අරගෙනයි ආවේ. හාර්ලි-ඩේවිඩ්සන් නම දවසින් දවස ඉදිරියට ගිය ගමන පහුගිය කොටසින් දකින්න ඇති. විශේෂයෙන්ම ඔවුන් නිපද වූ අංශක 45 ක කලා වෙනසකින් යුත් ඝන සෙන්ටි මීටර 440 බයිසිකලය එනම්, V twin අතිශයෙන්ම ජනප්‍රිය වූවා. ඔවුන්ගේ බයිසිකල වල අතිශය සිත් ඇදගන්නා සුළු ශබ්දයක් තිබුනා. එය අල වලට කියන ඉංග්‍රීසි වචනය දිගින් දිගටම කියනවාක් වැනියි. ” potato, potato..!”

මේ ආකාරයෙන් හාර්ලි-ඩේවිඩ්සන් බයිසිකල දිනෙන් දින දියුණු වෙද්දී, පළමු වන ලෝක සංග්‍රාමය සමය උදා වුනා. එයද ඔවුන්ට ලාභ ගෙනදීමට සමත් වූවේ යුධ සෙබලුන්ට මෝටර් සයිකල් සැපයීමට ඔවුන්ට හැකි වූ නිසයි. මේ කාලය වන විට ඔවුන්ට සිටි ප්‍රධානම ප්‍රතිවාදියා වූවේ ඉන්දියන් බයිසිකල් සමාගමයි. කොහොම වෙතත්, ආතර් ඩේවිඩ්සන්ගේ උපායශීලි කතා බහත්, විලියම් හාර්ලිගේ නිර්මාණශීලිත්වයත්, වෝල්ටර් ඩේවිඩ්සන්ගේ දැඩි තීරණත් සමඟින් ඔවුන් ඉදිරියට යනවා. පළමු වන ලෝක සංග්‍රාමය අවසානය වන විට ඔවුන් විශාල ලාභයක් උපයා ගන්නට සමත් වෙනවා පමණක් නොවෙයි, පළමුවන ලෝක සංග්‍රාමයේදී ජර්මනියට ඇතුලු වූ පළමු වන ඇමරිකානු සෙබලා ගෙනයන හාර්ලි ඩේවිඩ්සන් යතුරු පැදිය රැගත් ඡායාරූපය ඔවුන්ට ඉතාමත් අභිමානයක් ගෙන එනවා.

එහෙත්, 1929 දී ඇති වූ මහා ආර්ථික අවපාතය හමුවේ ඔවුන්ට විශාල ලෙස පාඩු විඳීමට සිදු වෙනවා. අද කොටස බලද්දී ඔබට පෙනෙයි මෝටර් සයිකල් නිෂ්පාදනය පසෙකින් තබා රෝද තුනේ සර්වි කාර් නිෂ්පාදනයට ඔවුන්ට සිදු වෙන ආකාරය. මේ සියලු හැල හැප්පීම් වලට මුහුණ දෙමින් දිරියෙන් නැගී සිටින ආතර්, හාර්ලි, වෝල්ටර් කෙමෙන් කෙමෙන් වයසට යද්දී, ඊලඟ පරම්පරාව වෙනුවෙන් ඔවුන් යමක් ඉතිරි කොට යනවා. ඒ මොකක්ද කියන දේට පිළිතුර මේ කොටස අවසානයේ ඔබට ලැබෙයි.

අදටත් හාර්ලි නිෂ්පාදන, ලොව කඩවසම්ම මෝටර් සයිකල බල කවුරුන් වුවත් අවිවාදයෙන් පිළිගන්නවා ඇති. හාර්ලි- ඩේවිඩ්සන් හුදෙක්ම මෝටර් සයිකල වෙළඳපොලට නිකුත් කරන සමාගමක් නොවී, සමාජය තුළ ඔවුන්ගේ මෝටර් සයිකල් උප සංස්කෘතියක් ඇති කළා.

එමෙන්ම 2008 වසරේදී උතුරු ඇමරිකාවේ හාර්ලි-ඩේවිඩ්සන් කෞතුකාගාරයක් විවෘත වූවා. වසර 100 යකටත් වඩා ඉපැරණි ඔවුන්ගේ ඉතිහාසය සහ ඔවුන්ගේ මුල් නිෂ්පාදන දැක බලා ගැනීමේ හැකියාව ඉන් හිමි වෙනවා.

ඒත් එක්කම Harley and the Davidsons සමඟින් අපි ගත කළ කාලය අවසන් කරන්නයි යන්නේ.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Brrip | x265 | 720p | 510MB |  

D674C4C478BD59AA5F77437CF93D278F253809A2

Direct Download

| Brrip  | x265 | 720p | 510MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *