MENU

I’ll Always Know What You Did Last Summer (2006) | බිහිසුණු මාළුකරුගෙන් ඔබට ගැළවුමක් නම් නොමැත

හොඳයි, ආයෙත් ඉක්මනටම මම ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. මේ දවස් වල පවතින උණුසුම් කාළගුනය නිසා පුටුවේ ඉඳගෙන දාඩිය පෙරාගෙන තමයි මේකට උපසිරැසි කරේ ☹ ෆෑන් තිබුනට වැඩක් නෑ. ඒවා දැම්මම ඊට හපන්. එන්නේ රස්නේ හුළං ☹ ඇත්තටම මේ දවස් වල එපා වෙනවා කිසිම වැඩක් කරන්න. හරි, වැඩි කතා නැතුව මම ඔයාලට අද අරගෙන ආපු ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්.

I know What You Did Last Summer (1997)
I Still Know What You Did Last Summer (1998)
මේ උඩ ෆිල්ම් දෙක බළලා තියන අයට නම් ආයේ අමුතුවෙන් මේ කතාව ගැන තේරුම් කරලා දෙන්න ඕනේ නෑ. මොකද එයාලා කතාව ගැන දන්නවා. තාම මේක බලපු නැති අය ඉන්නවා නම් දෙකම අරන් ඉස්සෙල්ලාම බළලා මේක අන්තිමට බැලුවොත් හොඳයි. මොකද එතකොට ඔයාලට හොඳට කතාව තේරුම් ගන්න පුළුවන්. I know What You Did Last Summer (1997) I Still Know What You Did Last Summer (1998) මේ දේකම තියෙන්නේ එකම කතාවේ වෙන සිද්දි දාමයන්. ඒ වගේම එකම චරිත ටික තමයි දෙකේම ඉන්නෙත්. ඒත් මම ඔයාලට දෙන මේ කතාව ඇවිල්ලා අර කතා දෙකේ තුන්වෙනි කොටසක් නෙමෙයි. ඒකම නළු නිළියෝ ටිකත් නෙමෙයි ඉන්නේ. මේක ඇවිල්ලා වෙනම කතාවක් වෙනමම සිද්දි මාලාවක් අඩංගු.

කතාව මෙහෙමයි,

ඇම්බර් සහ ඇගේ පෙම්වතා වන කොබී හා ඇගේ මිතුරිය වන සෝයි හා රෝජර්, P.J යන මිතුරන් පිරිස විනෝදය උදෙසා තම නගරයේ පැවැත්වෙන සැණකෙළියකදි ජූලි 4 වෙනි දින තරුණ ළමුන් මැරීම සඳහා පැමිණෙන මාළු කරුගේ ජනප්‍රවාද චරිතයට පෙන පොවමින් සැණකෙළියේ රැස්ව සිටින සියලුම දෙන බිය වද්දවයි. නමුත් මොවුන්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ මෙය නොවේ. තම මිතුරෙකු වන P.J ට නගරයේ රැස්ව සිටින පිරිස ඉදිරියේ යම් ප්‍රසිද්ධත්වයක් ලබා දීමයි. මේ සඳහා P.J විශාල ගොඩනැඟිල්ලකට නැග තම මිතුරෙකුම වන මාළුකරු සමඟ සුළු සටනක් කරයි. ඉන් පසු ඔහු ස්කේට් බෝඩ් එකක් ආධාරයෙන් ගොඩනැඟිල්ලෙන් ඉවතට පනියි. මෙහෙදි ඔහු අනපේක්ෂිත අයුරින් බිමට ඇද වැටී ජීවිතක්ෂයට පවත්වේ. චිත්‍රපටය ආරම්භ වන්නේ මෙතැන් සිටියි. මෙම ව්‍යාජ ක්‍රියාවට සම්බන්ධ වූ මිතුරන් පිරිස මෙය රහසක් ලෙස තබා ගැනීමට අවසානයේ තීරණය කරයි, නීතියෙන් බේරීම සඳහා. නමුත් මොවුන් එකිනෙකාගේ ජීවිත සැබෑ මාළුකරු අතින් විනාස වීම ආරම්භ වන්නේ ඔවුන් සත්‍ය සිද්දිය මෙහි පළමු චිත්‍රපටයේ අයුරින් යට ගැසීම හේතුවෙනි.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRIP | x264 | avi | 700MB |

D657FFCE865965B40A3CE7E89CBD51BF035EA065

Direct Download

| DVDRIP | x264 | avi | 700MB | 

         

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *