MENU

ImMATURE [S01 : E3]| මට ඔබ විතරක් වුණාට ඔබට ඉන්නේ මන් විතරද?

අද තුන්වෙනි දවස. තුන්වෙනි කතාංගය. තව කොටස් දෙකයි.. කතාව ඉවරෙටම ඉවරයි. බොහොම පොඩියට මුලු කතාමාලාවම ඉවර වුණාට විනෝදේ නම් පොඩියක් නෑ. එපිසෝඩ් දෙකක් පුරාවට ඒ බව හොඳටම දැනෙන්න ඇතිනේ…

මතකනේ චවී වෙනුවෙන් නාට්‍යක රජතුමාගේ චරිතය රඟපාන්න ගිය දෘව්ට වුණු අකරතැබ්බිය. අන්තිම මොහොතේ ඒ පටලැවිල්ලෙන් බේරෙන්න පුලුවන් වුණාට කතාව ඉවර වුණේ චවීගේ පෙම්වතාගේ පැමිණීමත් එක්කමයි.

මොකක්?? චවීගේ පෙම්වතා..?

එතකොට දෘව් කවුද.. මොනවා කරන්න ඉතින්! මුල ඉඳන්ම අවාසනාව මිනිහා පස්සේ පන්නගෙන ආවනේ. පිට පිට බාධක!! නොහිතපු වෙලාවක කඩන් වැටුණු මේ මරාලය නිසා දෘව්ගේ හිත හොඳටම රිදෙනවා. මේ වගේ වෙලාවක තමයි හිතේ දුක තුනී කරගන්න කබීර් නියම යෝජනාවක් ගේන්නේ.

“මන් අහලා තියෙනවා බිව්වාම හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවලු. අපිත් අද බාර් එකට ගිහින් ට්‍රයි පාරක් දෙමු!”

මසුරන් වටින මේ අදහසට කැමති වුණු දෘව් හා සුසූ බාර් එකට යනවා…

හොඳටම වෙරි වුණු මේ ට්‍රිබල ඊළඟට යන්නේ චවීගේ පෙම්වතා, ශාන්තනූගේ ගෙදරට. රෑ කෑමකට එහෙම නෙමේ ඉතින්… චවී එක්ක යාලු වුණාට හොඳටම ගහන්න!

IMDb මීටරය 9.2ට කරකවපු මේ කතාංගයත් පෙර කතාංග වගේම විහිලුවෙන් තහලුවෙන් උපරිමේටම ගිහින් තියෙනවා. මේ ලිපියෙන් කතාමාලාව ගැන උනන්දුවක් ආපු මිත්‍රයෝ ඉන්නවානම් ආරාධනා කරනවා ඔවුන්ටත් පළවෙනි එපියේ ඉඳන්ම එකතු වෙන්න කියලා! ස්ට්‍රෙස් එකේ ඉන්න වෙලාවක පොඩ්ඩක් හිත සැහැල්ලු කරගන්න හොඳම බෙහෙතක් විදිහට මේ කතාමාලාව රෙකමන්ඩ් කරන්න පුලුවන්.

වැඩි කතා ඕනේ නෑ. බලන්න පටන් ගන්නකෝ එහෙනම්. හැබැයි පෙර කතාංගයේ අපැහැදිලි තැන්.. හිත ඇඳගත්තු දේවල්.. කතාමාලාවේ ගුණදොස්.. ඔයාලගේ අදහස් ඔක්කොම කියාගෙනම යයි කියලා බලාපොරොත්තු වෙනවා. සුපුරුදු පරිදි හතරවන කතාංගය සමඟින් හෙට හමුවෙමු.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  HDRip | x264 | 720p | 1GB | Complete S01

 

Direct Download

| HDRip | x264 | 720p | 180MB |

| HDRip | x264 | 720p | 1GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “ImMATURE [S01 : E3]| මට ඔබ විතරක් වුණාට ඔබට ඉන්නේ මන් විතරද?

  • tharindu rathnayke

    addicted to this patta mcn

    Reply
  • mewage english school kathawak ahema nedda bro

    Reply
  • userdrive eke link eka weda nehene e03 ekei e05i plz help

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *