MENU

ImMATURE [S01 : E4 | විභාගය මැද මතුවුණු ආදරය…

පාසල් ප්‍රේමයක් ගැන නිර්මාණය වුණු immature වෙබ් කතාමාලාවේ අවසානයටත් ටිකෙන් ටික ළංවෙලා. අද හතරවන කතාංගයට පස්සේ තව එක කතාංගයයි! පහුගිය එපියෙන් වුණු සිද්ධි මතක ඇතිනේ.. එනිසා කෙලින්ම අද කතා සාරාංශයට බහින්නම්.

දෘව්, කබීර් හා සුසූ..

මේ තුන්දෙනා කළොත් කරන්නේ පිස්සු වැඩක් කියලා කට්ටිය හොඳට දන්නවනේ. එපි තුනක් පුරාවටම මේ පිස්සු වැඩ කන්දරාව දැකගන්න පුලුවන් වුණානේ. හැබැයි අද කතාංගයේ මුල කොටස පොඩ්ඩක් සීරියස් වෙන්න ගන්නේ මේ තුන්දෙනාගේ පිස්සු වැඩ තොගේ ඉවසගන්න බැරි වුණු උප-විදුහල්පතිගේ තර්ජනයත් එක්කමයි.

තව සතියකින් තියෙන වාර විභාගෙන් ලැබෙන ලකුණු අඩු නම් මේ තුන්දෙනාව විද්‍යා අංශයෙන් වාණිජ අංශයට මාරු කරනවා කියලා ඔහු තර්ජනය කරනවා. ඒ තර්ජනේට බය වුණු මේ තුන්කට්ටුව මීට කලින් කිසිම දවසක නොකරපු දෙයක් කරන්න ලෑස්ති වෙනවා.

“ මහන්සි වෙලා පාඩම් කරන්න පටන් ගන්නවා! “

මොකද වාණිජ අංශයට යන්න සිද්ධ වුණාම චවීවත් අතහරින්න සිද්ධ වෙනවනේ. හැබැයි ඉතින් කොච්චර ට්‍රයි කළත් පාඩම් කරනෙක හරි යන්නෙම නැහැ. අන්න ඒ වගේ වෙලාවක තමා, දෙයියෝ බැලුවා වගේ චවී උදව්වට එන්නේ..!

සුසූව බිල්ලට දීලා කබීර්ගේ කපටි උපායකින් චවීව නම්මගන්න මේ ට්‍රිබල, එයා එක්ක පාඩම් වැඩ කටයුතු කරන්න පටන් ගන්නවා. මේ නිසා දෘව් හා චවී ගොඩක් සමීප වෙනවා.

ඔතනින් එහාට මන් කතාව කියන්නේ නැහැ. උප විදුහල්පති නිසා දෘව්ට සිද්ධ වෙන නස්පැත්ති වගේම ඒවයින් ගොඩ එන්න විභාගය මැද්දේ චවී කරන උපකාරත් බලන්නකෝ එහෙනම්. අවසන් කොටස සමඟින් හමුවෙමු.

මතක ඇතිව කතාමාලාවේ හොඳ නරක කොටාගෙන යන්නත් අමතක කරන්න එපා…

ආහ්, තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අද කතාංගයට IMDb අගය 9.3ක් ලැබිලා තියෙනෝ.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  HDRip | x264 | 720p | 1GB | Complete S01

Direct Download

| HDRip | x264 | 720p | 190MB |

| HDRip | x264 | 720p | 1GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *