MENU

In Enemy Hands (2004) | සිරකරුවෝද මනුෂ්‍යයෝය

ප්‍රධාන වශයෙන් ජර්මනිය කියන්නේ දෙවැනි ලෝක යුද්දෙදි ගොඩබිමින් වගේම මුහුදිනුත් ආධිපත්‍ය පතුරවාගෙන හිටිය රටක්. ජර්මනිය ප්‍රධාන වශයෙන් නැව් වලින් වගේම සබ්මැරින් (u-බෝට්ටු )වලිනුත් ඔවුන්ගේ බලය පැතිරවුවා.මුලදී උතුරු අත්ලාන්තික් සාගරයෙන් පටන්ගත්ත මේ u-බෝට්ටු වල ක්‍රියාකාරකම් 1940 ගිම්හානය වෙද්දී උච්ච අතට හැරිලා තියනවා. ඒ බටහිරින් උතුරු ඇමරිකාව හා දකුණු ඇමරිකාව දෙසටත් නැගෙනහිරින් අප්‍රිකානු මහාද්වීපය දෙසටත් ඔවුන්ගේ මෙහෙයුම් දියත් කරලා තියනවා. මෙව්වා මිත්රපාක්ෂික රටවලට කොච්චර කරදරයක් වුනාද කිව්වොත් ඔවුන්ට සැපයුම් නැවක්වත් තමන්ගේ මුහුදු සිමාවේ යාත්‍රා කරන්න හැකි වෙලා නෑ. ඉතින් එතකොට ඇමරිකාවේ ජනාධිපති වෙලා හිටිය තියඩෝර් රුස්වෙලට් (Theodore Roosevelt) සහ එංගලන්ත අගමැති වින්ස්ටන් චර්චිල් (Winston Churchill) සාකච්ඡා කරලා තියනවා මුලින්ම ප්‍රමුඛතාවය දෙන්න ඕනි මේ u-බෝට්ටු නවත්තන්න කියලා. ඒකෙ ප්‍රතිපලයක් විදිහට මිත්රපාක්ෂික හමුදා නවීන තාක්ෂනය සමග සන්නද්ධ වෙලා තියනවා. විශේෂයෙන්ම මේ u-බෝට්ටු විනාශ කරන්න. මුලදී හිමිට එක දෙක විනාශ විච්ච u-බෝට්ටු 1943 මැයි මාසේ වෙනකොට විශාල වශයෙන් විනාශ වෙන්න පටන් ගෙන තියනවා. ඒ කොච්චරද කියනවානම් ඒ මැයි මාසේ විතරක් ජර්මන් u-බෝට්ටු 41 මිත්‍ර හමුදා ගිල්ලවලා තියනවා . ඒ වගේම ඒ බෝට්ටු වල හිටිය නාවිකයන් 8/10 ක්ම මිය ගිහින් තියනවා. ඒ මාසය තමයි ජර්මනිය විශාලම පාඩුවක් විච්ච මාසය වෙලා තියෙන්නේ. ඒ හින්දා ඒක හදුන්වන්නේ “කළු මැයි මාසය” (Black May) කියලා. කොහොම වෙතත් දෙවැනි ලෝක යුද්දයේ අවසන් දවස වෙද්දීත් මේ u-බෝට්ටු 41ක් ඔවුන්ගේ මෙහෙයුම් වල අත්ලාන්තික් සාගරයේ නිරත වෙලා තියනවා.මේ චිත්‍රපටිය පටන් ගන්නේ ඇමරිකානු මෙහෙයුම් සබ්මැරීනයකින්. ලුතිනන් කමාන්ඩර් රැන්ඩල් සුලිවාන් (Lt.Cmdr.Randall Sullivan) කියන්නේ තමාගේ පියාගෙන් ආව නාවික උරුමය ගැන හිතට ගත්ත තරමක් අහංකාර නාවිකයෙක්. එයාගේ තුන් වෙනියා නැති නම් චිෆ් (Chief of Boat)විදිහට කටයුතු කරන්නේ අත්දැකීම් බහුල නේතන් ට්‍රැවර්ස් (Nathan Travers).ඉතින් මේ කට්ටිය අත්ලාන්තික් සාගරයට යනවා u-බෝට්ටු දඩයම සදහා. ඉතින් මෙයාලා මාස ගානක් ඉදලත් කිසිම සතුරු ක්‍රියාකාරකමක් වාර්තා වන්නේ නෑ. ඒ වගේම මේ කැප්ටන්ගේ පුහුණු සැසි වලින් සියලුම නැවියෝ හෙම්බත් වෙලා ඉන්නේ.ඉතින් මෙයාගේ චිෆ් ඒ ගැන කිව්වත් එයා ගණන් ගන්නේ නෑ. ඔය අතරේදී බෝට්ටුවේ දෙවනියට මාරාන්තික ලෙඩක් හැදෙනවා. මෙනින්ජයිටිස් කියලා හදුන්වන ඒ ලෙඩ, බෝ වෙන ලෙඩක් කියලයි බෝට්ටුව් දොස්තර කියන්නේ. ඒ හින්දා එයාව සේවයෙන් ඉවත් කරලා තියන්න කියලා උපදෙස් දුන්නත් කැප්ටන් ඒක අහන්නේ නෑ. ඔහොම ඉද්දි මෙයාලට සතුරු u-බෝට්ටුවක් පහර දෙනවා. ඔය යුද්දයෙන් එයාලා u-බෝට්ටුව පුපුරවලා දැම්මත් තවත් u-බෝට්ටුවකින් එල්ල කරපු ටෝපිඩෝවකින් එයාලගෙ බෝට්ටුව ගිලෙන්න ගන්නවා. ඒ හින්දා එයාලා බෝට්ටුව අතාරිනවා. ඒ හින්දා එයාලට සිද්ද වෙන්නේ අනිත් u-බෝට්ටුවේ ඒ කියන්නේ u-429 බෝට්ටුවේ සිරකාරයෝ වෙන්න. ඔය අතරේ එයාලා දැනගන්නවා එයාලගේ කැප්ටන්ටත් මෙනින්ජයිටිස් වැළදිලා කියලා. ඉතින් ඊළගට මොකක් වෙයිද ? ජර්මන් අය එයාලට මොනවා කරයිද ? එයාලාටත් කැප්ටන්ට වගේ ලෙඩ හැදෙයිද ?

මේක ඇමරිකානු චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ 2004 වර්ෂයේදී Tony Giglio කියන අධ්‍යක්‍ෂකවරයා විසින්.මේකට IMDB රේටින්ග්ස් 6.0/10 හම්බවෙලා තියනවා මනාප 3,387 සමග. මේ චිත්‍රපටියේ Chief of Boat-Nathan Travers විදිහට පණ පොවන්නේ Air Force One (1997)Jurassic Park III (2001)Cellular (2004)Blood Father (2016) යන චිත්‍රපටි වලට රංගනයෙන් දායක වෙනWilliam H. Macy විසිනුයි. Lt. Cmdr. Randall Sullivan ලෙස Scott Caan සහ u-429 ජර්මන් බෝට්ටුවේ කැප්ටන් (Kapitän Jonas Herdt) ලෙස Inglourious Basterds (2009)Far Cry (2008),Lara Croft Tomb Raider: The Cradle of Life (2003)The Three Musketeers (2011) යන චිත්‍රපටි වලට දායක වෙන ජර්මන් ජාතික Til Schweiger විසිනුයි . තව u-බෝට්ටුවේ 1st Watch Officer Ludwig Cremer ලෙස The Pianist (2002)Downfall (2004)Resident Evil: Apocalypse (2004)King Kong (2005)Wanted (2008), Valkyrie (2008)Stalingrad (2013)Captain America: The Winter Soldier (2014)Avengers: Age of Ultron (2015)Hitman: Agent 47 (2015) සහ Central Intelligence (2016) යන චිත්‍රපටි වලට රංගනයෙන් දායක වෙන ජර්මානු නලුThomas Kretschmann විසිනුයි.පුරා පැය 1 සහ මිනිත්තු 34 පුරා දිවෙන මේ චිත්‍රපටිය කම්මැලි නැතුව එක දිගට නරබන්න පුළුවන්. එහෙනම් නැවත හමුවෙමු. ඔබට ජය!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 720p | 700MB |

a8e629c97a2355a05395f62fb37dca08446c3ef8

 Direct Download

| DVDRip | x264 | 720p | 886MB |

| DVDRip | x264 | 720p | 1GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *