MENU

Inhumans [S01 : E01:E02] | ඉන්හියුමන්වරුන්ගෙ ආගමනය..!

යියේ ලිපියක් ලියවගන්න ඕනි පුළුවන්ද කියල ලහිරු මල්ලි මැසේජ් එකක් දාල තිබුනා.. ඉතින් මාර්වල් එකක් ගැන ලිපියක් නිසා දන්නා විදියට ලියල දෙන්නකෝ කියල කිව්වා නිසා සේරම වැඩ පැත්තකින් තියල ලිපිය ලියන්න පටන් ගත්තා.මාර්වල් සිනමා විශ්වය හෙවත් හැමෝම දන්නා විදියට MCU හි පුංචි තිරයේ නවතම නිර්මාණය තමයි Inhumans කියන්නේ. මාර්වල් ඉන්හියුමන් හෙවත් සරලම විදියට ඉන්හියුමන් ලෙස හඳුන්වන මේ කතා මාලාව ඉන්හියුමන් නමින්ම නිකුත් වූ කොමික් මාලාවන් පදනම් කරගෙන සුපුරුදු විදියට ABC නාලිකාව මගින් තමයි නිර්මාණය කරන්නේ. මුලින්ම මේක MCUතුන්වන අදියෙරේ 2019 එන ෆිල්ම් එකක් විදියට තමයි ඉදිරිපත් උනේ. ඒ නිසාම Marvel’s Agents of S.H.I.E.L.D කතාමාලාව තුලින් ඉන්හියුමන්ලා හඳුන්වාදීම පවා සිදුවිය. නමුත් පසුව මේ සිනමාපටය2016 අප්‍රේල් මාසයේදී MCU තෙවන අදියරෙන් ඉවත් කල අතර පසුව 2016 නොවැම්බර් වලදී මාර්වල් ස්ටූඩියෝව ඉන්හියුමන් කතා මාලාවක් ලෙස නිර්මාණය කරන බව දැනුම් දුන්නා.

මෙලෙස නිර්මාණය වන ඉන්හියුමන් කතා මාලාව 2017 මාර්තු සිට ජූනි දක්වා රූගත කිරීම් වල යෙදුනා. විශේෂත්වය තමයි මේ කතා මාලාව මාර්වල් සහ IMAX Entertainment හි නිර්මාණයක් වීම. ප්‍රථම වරට තමයි රූපවාහිනී කතා මාලාවක් IMAX සමඟ එක්ව IMAX කැමරා මගින් රූගත කිරීම් වල යෙදුනේ. IMAX මගින් නිමවුණු සිනමාපටයක් IMAX සිනමා ශාලාවක නරඹපු අය දන්නවා ඇතිනේ එහි වීඩියෝ වල ගුණාත්මක තාවය.. ඉතින් මේ කතා මාලාවක් ඒ තරම්ම ගුණාත්මක ලෙස නිර්මාණයට මාර්වල් සහ අයිමැක්ස් එකමුතු වෙලා තියෙනවා. මෙලෙස නිර්මණය වුනු ඉන්හියුමන් කතා මාලාවේ පළමු කතාංගය 2017 සැප්තැම්බර් 01 අයිමැක්ස් සිනමාශාලා වල තිරගත වුනා. ඉතිහාසයේ පළමු වතාවට තමයි live-action රූපවාහිනී කතා මාලාවක් අයිමැක්ස් සිනමාශාලාවල තිරගත වුනේ. සැප්තැම්බර් 01 සිනමා ශාලාවල තිරගත වුනත් ABC නාලිකාවේ විකාශය ආරම්භ වුනේ මේ 29 වෙනිදා..

ඉන්හියුමන්ලා මුලින්ම හඳුන්වා දුන්නේ 1965 දෙසැම්බර් Fantastic Four #45 කලාපය තුලින්. මාර්වල් කොමික් හි දැවැන්තයින් දෙදෙනා වන ස්ටෑන් ලී සහ ජැක් කර්බි තමයි මෙහි නිර්මාතෘ වරුන් වන්නේ.Thor #146 (1967 නොවැම්බර්) සිට #152 (1968 මැයි) දක්වාත් Silver Surfer #18 (1970 සැප්තැම්බර්), Amazing Adventures #1 (1970 අගෝස්තු) සිට #10 (1972 ජනවාරි) දක්වා ලෙසින් විවිධ කොමික් වලින් පසුව පැමිණි ඉන්හියුමන් 1975 දී තමන්ගේම කියා කොටස් 12 කින් යුතු කොමික් මාලාවක් හිමිකරගන්නවා.

 පසුව විවිධ කොමික් කතා තුලින් සහ ස්වකීය කොමික් කිහිපයකින්ම ඉන්හියුමන් ලා පැමිණෙනවා. ප්‍රධාන චරිහා විදියට පැමිණෙන්නේ ඉන්හියුමන් රාජකීය පවුල හෙවත් Inhuman Royal Family එකයි. අමජිකයන් විදියට Black Bolt, Medusa, Karnak, Gorgon, Triton, Crystal, Lockjaw, Maximus the Mad, The Unspokenවැන්නවුන් දැකගන්න පුළුවන්. මීට අමතරව තව ප්‍රධාන චරිත රාශියකින් සමන්විතයි.

ඉන්හියුමන් ලා ගැන පොඩි සරල හැඳින්වීමක් කරන්නම්… වසර දහස් ගණනකට පෙර ක්‍රී (Kree) සහ ස්ක්‍රල් (Skrull) අතර යුද්ධයක් ඇතිවෙනවා. මේ අතරතුරේ ක්‍රී වරු ඔවුන්ගේ බලකොටුවක් පිහිටුවනවා යුරේනස් වල. මේ කාලයේ පෘතුවියේ මානව පරිණාමනය වෙමින් පැවතුනේ. ක්‍රී වරු දකිනවා මිනිසාගේ පරිණාමනය සහ ඔවුන්ව වැඩිදියුණු කරන්නට හැකි බව. මේ නිසා ක්‍රී වරු ස්ක්‍රල් වරුන් සමඟ පවතී යුද්දය සඳහා ප්‍රයෝජනයට ගැනීමට සුපිරි සොල්දාදුවන් නිර්මාණය කිරීම සඳහා මනුශ්‍යන්ගෙන් පර්යේෂණ කරනවා. කලකදී ක්‍රී වරුන්ට යුරේනස් අතහැර යන්න සිදුවෙනවා. ඒ නිසා මිනිසා සමඟ කල පර්යේෂනයද අතහැර යන්නට සිදුවෙනවා. මෙලෙස මිනිසාගෙන් ක්‍රී වරු කල පර්යේෂණ වල ප්‍රතිඵලය විදියට තමයි ඉන්හියුමන්ලා බිහිවෙන්නේ. මෑතක් වෙනතුරුම ඉන්හියුමන්ලා මානව පරිණාමනයට බලපෑමක් නොකර වෙනමම ජීවී කණ්ඩායමක් විදියට රහසේ වාසය කරනවා. ඉන්හියුමන්ලාගේ ප්‍රධාන නගරය Attilan. මේක කාලෙන් කාලෙට විවිධ තැන වල ස්ථාපනය කරනවා සෙසු ලෝකයාගෙන් වෙන් වෙලා පවතින්න ඕනි නිසා. උතුරු අත්ලාන්තික් මුහුදේ දූපතක මුලින්ම තිබුණු මේක ඇන්ඩිස් කඳු වැටියේ, හඳේ නොපෙනෙන පැත්තේ වගේම නිව්යෝක් නගරයට ඉහලින් මේ නගරය ස්ථාපනය කරලා තියෙනවා විවිධ කාල වල.

ඉන්හියුමන්ලා එක්ක පවතින තවත් දෙයක් තමයි Terrigenisis ක්‍රියාවලිය. මේක සිදුකරන්නේTerrigen Mist කියන වාෂ්පයෙන්. හඳේ අඳුරු පැත්තේ තිබිල හමුවුණු Terrigen පලිඟු වලින් තමයි මේ වාෂ්පය නිර්මාණය කරන්නේ. මේකෙන් පුළුවන් ඉන්හියුමන් ජාන තියෙන අයගේ වෙනස්වීම් සිදුකරන්න. මේක විශේෂ බලයන් ලබාදීමක් හෝ ස්වරුපයේ වෙනස්වීමක් වෙන්නට පුළුවන්. නැතිනම් ස්වරුපයේ වෙනස්වීමක් සමඟම බලයන් ලැබීමක් සිදුවන්න පුළුවන්. Agents of S.H.I.E.L.D බලපු අයටනම් මේ කියපුව අපූරුවට දකින්න පුළුවන් උනා. ටෙරිජන් පලිඟු, ටෙරිජෙනසිස් ක්‍රියාවලිය වගේ ගොඩක් දේවල් Agents of S.H.I.E.L.D තුලින් ඉදිරිපත් කළා. වර්තමානයේ ඉන්හියුමන් නායකයා තමයි බ්ලැක් බෝල්ට්. බ්ලැක් බෝල්ට් වගේම ඔහුගේ බිරිඳ මෙඩුසා, සහෝදරයා මැක්සිමස් වගේ චරිත තම අපිට මේ tv සීරියස් එකේදී දකින්න ලැබෙන්නෙත්.

කොමික් පැත්ත ගැන ලාවට වගේ කිව්වා ඇති කියල හිතෙනවා.. බලමු කතා මාලාව දිගා. මේකAction|Adventure|Science fiction|Superhero|Drama ගණයට අයත් වෙනවා. Scott Buck විසින්ABC නාලිකාව වෙනුවෙන් නිර්මාණය කරලා තියෙනවා. එමෙන්ම රංගනයෙන්,
Anson Mount – බ්ලැක් බෝල්ට්
Serinda Swan – මෙඩුසා
Ken Leung – කාර්නක්
Eme Ikwuakor – ගොර්ගන්
Isabelle Cornish – ක්‍රිස්ටල්
Ellen Woglom – ලොයිස්
Iwan Rheon – මැක්සිමස් ලෙසින් දායක වනවා..

මේ කතා මාලාව කොටස් 8 කින් යුතු මිනි සීරියස් එකක්. නමුත් කාරනාව තමයි අයිමැක්ස් ශාලාවල තිරගත වුනු පළමු කොටසින්ම මේ කතා මාලාව විචාරකයන්ට ආසාර්ථක කතමාලාවක් බවට පත්වීමක්යි. කුණු තක්කාලි දර්ශකයේ විකාශය වූ දින 0% අගයක් ද ABC හි විකාශය ඇරඹීමට පෙර මේ වන විට 6% ක අගයක්ද ලබා තියෙනවා. දැනට ලැබෙන ආරංචි අනුව මාර්වල් සමගම විසින් රූපවහිනී විකාශය ඇරඹීමට පෙරම පළමු අදියරෙන් කතා මාලව අත්හිටුවා තියෙනවා. නමුත් විකාශය වූ පසුව ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව මේ තීරණය වෙනස් වෙන්නද ඉඩ නැතුව නෙවෙයි.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | HDRip | x264 | SVA | 605MB |    

24f0864865b4b2c04bddc9d88392fe2a99770bac

 | HDRip | x265 | 720p | 527MB |    

6bcfc0f6b0a5f8f3c9992577ed71e34469d1619d

Direct Download

| HDTV | x264 | 480p | 259 MB |

| HDRip | x264 | 480p | 326MB |       

   

| HDRip | x264 | SVA | 605MB |       

   

| HDTV | x265 | 720p | 510 MB |

| HDRip | x265 | 720p | 527MB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “Inhumans [S01 : E01:E02] | ඉන්හියුමන්වරුන්ගෙ ආගමනය..!

  • sthuthiy thorathuru valata.comic book ekak download karan balanna hithuna visthara kiyevvama

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *