MENU

Into the Badlands [S03 : E10] | අන්ධකාරය සහ ආලෝකය..!

හරි ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ රුදුරුබිමේ එකවර නිකුත් වුණු කතාංගයන් දෙකෙන් 10 වැනි කතාංගය. කලින් කතාංගය බැලුවනම් තේරුම් යන්න ඇති ඇත්තටම චාඕ නෙවෙයි රුදුරුබිමේ සැබෑම සතුරා වෙන්නෙ පිල්ග්‍රිම් කියල. මතක් කරගෙන ඉමු කලින් කතාංගය තුළ මොනවද වුණේ කියල.
පසුගිය කොටසින්..
විඩෝ, චාඕ එක්ක සටන් කරන අතරෙ මාස්ටර් ඇවිල්ල විඩෝ අරගෙන ගියා. මෙහෙම ගිහින් ඇය විඩෝට පැහැදිලි කරන්න උත්සාහ කළා ඇත්තම සටන තියෙන්නෙ චාඕ එක්ක නෙවෙයි පිල්ග්‍රිම් එක්ක කියල. නමුත් මේක පිළිගන්න විඩෝ සූදානම් වුණේ නෑ. ඒ වෙනුවට ඇය කළේ මාසටර් එක්ක සටන් කරපු එක. හැබැයි ඉතිං ඒකෙන් වුණේ අවසානෙ අතපය කඩාගෙන මාස්ටර් කියන දේ අහන්න වුණු එක විතරයි. හැබැයි විඩෝ නිකම්ම ඒක අහන්නෙත් නෑ. ඇය යෝජනාවක් ගේනව මාස්ටර්ට. පිල්ග්‍රිම් පරාද කළාට පස්සෙ ඇයගේ අහිමි බලය නැවත ලබා දෙන්න කියල. මේ අතරෙ පිල්ග්‍රිම් හෙන්රි සනීප කළාට පස්සෙ සනී, බාජිවත් බේරගෙන දූපතෙන් ගොඩට ඇවිල්ල බාජි අතේ හෙන්රිව යවනව ලිඩියා ලඟට. ඊට පස්සෙ සනී ආපහු යන්නෙ උච්ඡස්ථ කුටිය විනාශ කරන්න. එහෙම ගිහින් යන්ත්‍ර වලට හානි කරද්දි MK ඇවිල්ල සනීව පිල්ග්‍රිම්ට අල්ලල දෙනව. ඊට පස්සෙ සනී පිල්ග්‍රිම් කියන දේ අහන්නෙ නැති නිසා දෙන්න අතරෙ ලොකු සටනක් යනව. ඒකෙන් පස්සෙ සනීට හොඳටම පහර දීල වැවට දාන්න පිල්ග්‍රිම් කටයුතු කරනව.අද කොටසින්..වැවට වැටුණු හෙන්රි ඇත්තටම මැරෙන්නෙ නෑ. යන්තම් පණ බේරගෙන ගොඩට එනව. නමුත් ක්‍රෙසිඩා සැක කරනව සනී මැරෙන්නෙ නැතුව ඇති කියල. ඒ නිසා පිල්ග්‍රිම් පිරිසක් යවනව සනීව හොයන්න. එතනදි තුවාල වෙලා හිටපු සනීට ප්‍රහාරයක් එල්ල වෙනව. මේ අතරෙ මාසටර් විසින් විඩෝ ඉල්ලපු බලය ලබා දෙන්න කටයුතු කරනව. හැබැයි ඒකෙන් බලය ලැබෙනව වෙනුවට ඇත්තටම වෙන්නෙ විඩෝ තමන්ගෙම යටි හිත ඇතුළට යන එක. මෙතනදි තමයි විඩෝ තමන්ගෙම යථාර්ථරූපය එක්ක කතා කරන්නෙ. මේක නිසා විඩෝ තමන් මෙතෙක් යටපත් කරගෙන තිබුණු හැඟීමක් එක්ක පොරබදනව. මේ අතරෙ රේවන් කියල කෙනෙක් අලුත් හතුරෙක් එක්ක විඩෝ හැප්පෙනව. මේ අතරෙ බාජිට හැකි වෙනව හෙන්රි ලිඩියා අතට පත් කරන්න. ඒ වගේම පිල්ග්‍රිම් ලඟින්ම ඉන්න කෙනෙක් පිල්ග්‍රිම්ට තර්ජනයක් වෙන ලකුණු මතු වෙනව. ඒ වගේම අවාසනාවට ඒක ක්‍රෙසීඩගෙ සැකයට භාජනය වෙනව. එහෙනම් බලල ඉන්නකො මේ කොටසෙ මොකෝ වෙන්නෙ කියල. ඊලඟ සතියෙ කොටස පරණ විදියටම උදයංග අරගෙන ඒවි.ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න

Torrents Download  

| HDTV | x264 | SVA | 393MB |    

Direct Download

| HDTV | x264 | SVA | 237MB |

 

| HDTV | x265 | 720p | 234MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *