MENU

Jessica Jones [S02 : E04] | ඝාතකයා සොයා……(18+)

හැමෝටම සුභ දවසක් වේවා!මේ ගෙන එන්නේ ජෙසිකා ජෝන්ස් කතා මාලාවේ දෙවන සමයේ සිව්වන කොටසයි.වෙනදා වගේ පසුගිය කොටස් ගැන මතක් කරන්න ඕනේ ඇති කියලා හිතන්නේ නෑ.ඒත් පොඩ්ඩක් ඒක කෙටියෙන් මතක් කරගෙනම අද කොටස ගැන පොඩි විපරමක් කරලා බලමු.

IGH සම්බන්ධයෙන් සොයමින් යන අතර තුරේ ඒ හා සම්බන්ධ වුන වෛද්‍යවරයෙක් වුන ලෙස්ලි පිළිබඳව දැනගන්න ලැබෙනවා.අනතුරුව ලෙස්ලි සොයා ඔහුගේ නවාතැනට ගියත් එහි දී ඔහුව සොයාගැනීමට ලැබෙන්නේ නෑ.අනතුරුව එහි තිබී හමුවුන මැරුණු මිනිසෙක්ගේ පිළිස්සුන හිස් කබලක් මෝචරියට රැගෙන ගොස් ලබා දෙන්නේ එය පරික්ෂා කරලා ලබා දෙන ලෙස ඉල්ලමින්.එමෙන්ම ට්‍රිෂ් තම වැඩ සටහන තුලින් ලෙස්ලි පිළිබඳව සෙවීමට දැරූ උත්සාහය සාර්ථක වී ලෙස්ලිම ඇය මුණ ගැසීමට එකඟ වෙනවා.හැබැයි ජෙසිකා කරපු වැඩක් නිසා ට්‍රිෂ්ට එලියට බහින්න බැරි වෙනවා වගේම ජෙසිකා අර ඇමතුමක් ගත්ත ලෙස්ලි නම් කාන්තාව මුණ ගැසෙන්නට යනවා.හැබැයි එතන දී සිද්ධ වුන වැඩ නිසා අර කාන්තාව ජෙසිකා හට පහර දී පලා යනවා.එමෙන්ම ජෙසිකා කල වැඩෙන් ට්‍රිෂ් අමාරුවක වැටෙනවා.

ජෙසිකා කල වැඩේ නිසා ට්‍රිෂ්ට මාධ්‍යයකාරයන්ගෙන් විසුමක් වෙන්නේ නෑ.ඒ වගේම තමා ජෙසිකටත්.තමන් වගේම හැකියාවන් තියෙන කෙනෙක් එක්ක තමා දැන් සටන් කරන්න වෙලා තියෙන්නේ.ඒ අස්සේ ජෙරීගේ වැඩේ.කොහොමෙන් කොහොමෙන් හරි ජෙසිකා තමන්ට පහර දුන් කෙනා ගැන හෝඩුවාවක් හොයා ගන්නවා.අද ඒ හෝඩුවාවල් පස්සෙන් පන්නන අතරේ ප්‍රයිස් ජෙසිකට විරුද්ධව ගේමක් ගහනවා.අන්තිමට ප්‍රයිස්ගේ ගේම වතුරේ ගියත් ජෙසිකට හිරේ ලගින්න වෙන වැඩක් වෙලයි නවතින්නේ.ප්‍රයිස් ගහන ගේම් එක මොකක්ද?ජෙසිකට හෝඩුවාවල්වලින් මොනා හොයා ගන්න ලැබේවිද?ජෙසිකා හිරේ යන්න හේතුව මොකක්ද?ඔය ප්‍රශ්න ටික අද විසඳ ගන්න පුළුවන්.

ඇත්තෙන්ම කියනවනම් අද කොටස භාරගෙන තිබුනේ අචින්ත සහෝ.හැබැයි මට ඉස්සරහට කරන්න තියෙන වැඩ රාජකාරි එක්ක මම කරන්න භාරගෙන තිබුන අනිත් කොටස කරන්න කාලයක් ලැබෙන්නේ නැති නිසා අපි දෙන්නා කොටස් මාරු කර ගත්තා.ඒ කරපු උදව්වට අචින්ත සහෝට ස්තුතිවන්ත වෙන ගමන් අදට සමු ගන්නවා.ලබන සතියේ අලුත් කතාවකින් මුණ ගැසෙනකම් හැමෝටම ජය ශ්‍රී…

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRIP | x264 | SVA | 335MB |

26FA2A72F05ADEA3B13E6F11F618B1D7A94CBCB8

Direct Download  

| WEBRIP | x265 | 720p | 220MB |       

     

| WEBRIP | x264 | SVA | 335MB |       

   

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *