MENU

Jessica Jones [S02 : E06] | ඇත්තටම ඇය කවුද…?(18+)

හොඳයි එහෙනම් මට තමයි 6 වැනි කොටස අරගෙන එන්න පැවරුනේ. කොහොම හරි 8 වැනිදාම කොටස නම් ඉවර කරගන්න හැකි වුනා නමුත් ඉතින් ඔබට ලැබෙනකොට නම් කවදා වෙයිද දන්නේ නැහැ. ඒ වගේම දෙයක් කියන්න ඕන, මම දැක්කා මුල්ම කොටස වෙනුවෙන් විමා ලිව්ව ලිපියේ ජෙසිකා ගැන කියලා තිබ්බ කතාව, ජෙසිකා ඒ තරම්ම ප්‍රසිද්ධ නැති කතාව… ඇත්තටම මේක ලංකාවේ ප්‍රේක්ෂකයන් එකක් බැලුවම සැබෑවක්. ඩෙයාඩෙවිල්, පනිෂර්, මම හිතන්නේ ලූක් කේජ් හා අයන් ෆිස්ට් පවා ජෙසිකාට වඩා ප්‍රසිද්ධයි ඒ ඔවුන් වැඩි නැඹුරුවක් දක්වන්නේ ඇක්ෂන් පැත්තට නිසා කියලයි මට හිතෙන්නේ. විශේෂයෙන්ම මේ කතා සමයේ සංගීත ඇහෙනකොට මට නම් මතක් වෙන්නේ 1930 – 1950 වගේ කාලය වෙනකම් ලෝකයේ බොහොම ජනප්‍රිය වුන රහස් පරීක්ෂකවරුන්ගේ කතා රැගත් චිත්‍රපටි. ඉතින් මට හිතෙන හැටියට නම් ජෙසිකත් “Film Noir” කාණ්ඩය නියෝජනය කරන වර්තමාන ටෙලි කතා මාලාවක් වගෙයි, ඇයටත් අවස්තාවක් දෙන්න ඔබ පසුතැවෙන එකක් නම් නැහැ.

ඊයේ ලැබුන කොටස බලන්න ඇති කියල හිතනවා. මම ඒ නිසාවෙන් අමතක් කිරීමක් කරන්න නම් යනෙන් නැහැ මොකද වැරදි එක දෙයක් හරි කියවුනොත් කතාව බලන්න කලින් අපරාධයක් වෙන නිසාවෙන්…

මේ කොටස බොහොම වැදගත් කොටසක්, මේ තරම් දවසක් ජෙසිකා පස්සෙන් යන කෙනා අද ජෙසිකා හොයා ගන්නවා, මුහුණට මුහුණ දකිනවා කියන්න ඇහැකි. නමුත් ඒ අවසාන භාගයේ… සුපුරුදු පරිදි ජෙසිකා තමුන්ට ලැබෙන හෝඩුවාවන් පස්සේ කාර්ල් ගැන සොයමින් යනවා. ඒ එක්කම මේ වෙනකොට ට්‍රිෂ්ගේ ජීවිතයත් උඩුයටිකුරු වෙලා කියන්න පුළුවන්. මැල්කම් තමයි අද බොහොම දේ සොයා ගන්නේ ජෙසිකා අවසානයට යන තැනට යන්න වැඩ සුදානම් කරන්න… කතාව අවසානය වෙනකොට මැල්කම්ගේ ඒ මහන්සියටත් බොහොම අගේ ඇති තෑග්ගක් ලැබෙන හැටි දකින්න හැකි වේවි… අර මුලින් කිව්ව පුද්ගලයා හඳුනා ගැනීම නම් ඔබ බලාපොරොත්තු වුන එකක් වෙන්නේ නැහැ… මෙතෙක් මේ කතාවේ ලොකුම පෙරලිය සිද්ධ වෙන්නේ ඇය හඳුනා ගැනීමෙන්…

ඉතින් බලන්න ජෙසිකා මොනවාද හොයා ගන්නේ ? කවුද මේ අභිරහස් ඇය ? මැල්කම්ගේ තෑග්ග මොකද්ද ? ට්‍රිෂ්ගේ තත්වය කොහොම ද? ඔය ඔක්කොම දැනගන්න හැකි වේවි එහෙනම් ඔබට. මම සමුගන්නවා ඊලග කොටාස එකක් තවත් සහෝදර උපසිරැසකරුවෙක් ඔබ හමුවෙමි. එහෙනම් ඔබ සැමට ජය වේවා !!!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRIP | x264 | SVA | 345MB |

4754E91EBE6663CC33C80DDC2DD9C67CB68E5F3E

Direct Download  

| WEBRIP | x265 | 720p | 277MB |       

     

| WEBRIP | x264 | SVA | 345MB |       

   

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *