ආදරය කියන්නේ හරි සුන්දර හැඟීමක්…
තමන්ගේ ජීවිතය තවත් කෙනෙක්ගේ ආලයත් එක්ක ගැටගැහෙද්දී
දෙන්නෙක් වුණත් එකම හීනයක කොටස්කාරයෝ වෙද්දී
ආදරේ නාමයෙන් ජීවිතේ සුන්දරම කාලේ ගෙවෙද්දී..
ඇත්ත! ඒ ලෝකේ වෙනමම හීනයක්.
තමන්ගේ ප්‍රේමිය වෙනුවෙන් ඕනේම දෙයක් කරන පෙම්වතුන් මේ ලෝකේ ඉන්නවා.
අද මන් කියන්නෙත් ඒ වගේ කතාවක්..
නෑ. නෑ. මල් ගස් වටේ දුවන ලව් ස්ටෝරියක් නෙමෙයි.
වීරයා ඇවිත් දුෂ්ටයාව අඩි හයක් උඩ යවලා කෙල්ලව බේරගන්න කතාවක් නෙමෙයි.
ඇත්තම ආදර කතාවක්..
පොළොවේ පය ගහපු “කපල්” එකක්..
අන්තිම තත්පරේ වෙනකන්ම හිත හිරිවට්ටන ජාතියේ හීනයක්..
මොන මොන තත්වේ උඩ වුණත් තමන්ගේ ප්‍රේමියව දාලා නොයන
මොන මොන බාධක උඩ වුණත් ආදරේ රස හොයන
සාමාන්‍ය ගමක ඉන්න මධ්‍යම පාන්තික පෙම්වතෙක්ගේ කතාවක්…
හරි ලස්සනට මැච් වෙන ස්ටෝරිලයින් එකක්..
කන්නන් කියන්නේ ගමේ ඉන්න සාමාන්‍ය කොල්ලෙක්!
භාරතී තමයි ඒ ගමට අලුතෙන් ආපු බැංකු මැනේජර්වරිය..
ලස්සනයි, ඒත් කොහෙන්දෝ මන්දා පාත් වුණු අවාසනාවකුත් ඒ ලස්සන අස්සේ හැංගිලා තිබුණේ කාටත් නොදැනීමයි. බය නැතිව කියන්න පුලුවන්, මේ 2019 වසරේ මුල භාගයේ ආපු ලස්සනම ඉන්දියානු ආදර කතාවලින් එකක්.
තමන්නා!!!
මුලු ඉන්දියාවම වසඟ කරගත්තු සුන්දරිය. මේ තමන්නාගේ 50වෙනි චිත්‍රපටියයි. ප්‍රධාන චරිතයකට රඟපාන්නේ 23වෙනි වතාවටලු. මෙච්චර ලොකු කඩයිමක් වෙනුවෙන් තමන්නාගේ තේරීම නම් හරියටම හරි…
88% ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගනිමින් පෙබරවාරි 22 වනදා තිරගත වීම ඇරඹි Kanne Kalaimaane චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවෙන්නේ මධුරෙයි අසල අතිශය ලස්සන ගම් පියසක. 2018 වසරේ ජනවාරි මාසේ තමයි නිෂ්පාදන කටයුතු ඇරඹිලා තියන්නේ. ආදායම පිළිබඳ නම් එච්චර තොරතුරු හොයාගන්න ලැබුණේ නැහැ. ප්‍රථම දින ආදායම විදිහට කෝටි 1.03 ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඊළඟට මුල් දින දහය ඇතුළත තමිල්නාඩුවේදී පමණක් ඉන්දියානු රුපියල් ලක්ෂ 525 සීමාව පසු කරන්න හැකි වුණා. සලරුව අයත් වෙන්නේ Romance | Dramaවර්ගීකරණයටයි.
ශ්‍රී දේවි හා කමල්හසන් රඟපාන Moondram Pirai (1982) චිත්‍රපටියේ ජනප්‍රිය සිංදුවක මුල් පද පේළි දෙකෙන් තමයි Kanne Kalaimaane කියන චිත්‍රපටියේ නම යොදාගෙන තියන්නේ. Seenu Ramasamyගේ තිර පිටපතකට අනුව ඔහු විසින් අධ්‍යක්ෂණය කළ මෙය සංගීතවත් කරන්නේ ඉන්දියාවේ ප්‍රබලම සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන යුවන් ශංකර් රාජා විසිනුයි. දින 45ක් වැනි කෙටි කාලයකින් සියලුම රූගත කිරීම් අවසන් කරන්න අධ්‍යක්ෂකවරයා සමත් වුණා කියලා අන්තර්ජාලයේ සඳහන් වෙලා තියෙනවා.
Gethu, Saravanam Irukka Bayamean, Ippadai Vellum වැනි චිත්‍රපට තුළින් ජනප්‍රිය වුණු Udhayanidhi Stalin ප්‍රධාන චරිතයට රඟපානවා. චිත්‍රපටියේ නිෂ්පාදකවරයාත් ඔහුමයි. ප්‍රධාන චරිතේ තමා අර ගමේ ඉන්න සාමාන්‍ය කොල්ලා…
ඊළඟට කවුද? ඔව්..ඔව්.. එයා තමා මේ චිත්‍රපටිය සාර්ථකව දුවන්න ප්‍රධානතම හේතුව වුණේ. තමන්නා!! ගමට එන අලුත් බැංකු මැනේජර්. Next Enti, F2: Fun and Frustation, Sketch වැනි සුපර්හිට් තුළින් සාර්ථක වූ ඇය වැඩියෙන්ම මිනිස්සු අතරට ගියේ Baahubali චිත්‍රපටි ද්විත්වයෙනුයි.
ඔය ඇති නේද කතා කළා..? ලොකු විස්තරයක් කියලා බොරුවට මහන්සි කරවන්නත් ඕනේ නෑනේ. දැන් ඉතින් හා හා පුරා කියලා බලන්න පටන් ගන්න. යන ගමන් තමන්ගේ අදහසත් කියාගෙනම ගියා කියලා තරහ වෙන්නේ නෑ ඉතින්.. ?
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
Direct Download
| HDRIP | x264 | ESub | 200MB |
| HDRIP | x264 | ESub | 400MB |
| HDRIP | x264 | ESub | 700MB |
| HDRIP | x265 | 720P | 880MB |
| HDRIP | x264 | 720p | 1GB |
| HDRIP | x264 | 1080p | 1.1GB |
| HDRIP | x265 | 1080p | 1.5GB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)