MENU

Krypton [S01 : E01] | මේ එල් වංශයේ කතාවයි…

ලිපිය: චාමර සම්පත්

ගෝතම් හැරුනම CW ලගේ ලෝ බජට් සීරිස් ටිකට එහා ගිය දෙයක් දකින්න සැහෙන දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්න ඇත්තෙ. බොරු කියන්න ඕන නැහැ මම නම් එහෙමයි. අන්න එහෙම දවසක් තමයි අද මේ උදාවෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් ලැස්ති වෙන්න එහෙනම් SYFY නාලිකාවේ අලුත්ම අලුත් පලවෙනි කොමික් කතාමාලාව Krypton රසවිදින්න. මොකද මේක ඩීසි කොමික් පදනම් වෙලා නිර්මාණය වුනු කතාවල ලොකු හැරවුම් ලක්ෂයක් වෙන්න පුලුවන්. 2017 වසරේදී පැවති කොමික් කොන් සමුළුවේදී තමයි මේ විදිහට සුපර්මෑන්ගේ Prequel සීරිස් එකක් එහෙම නැත්තම් කැල් එල් පෘතුවියට ඇවිල්ලා  සුපර්මෑන් වෙන්න කලින් ක්‍රිප්ටෝන් වැසියාගේ එකම වාසස්ථානය වුනු ක්‍රිප්ටෝන් ග්‍රහලෝකය කලින් පැවති ආකාරය ගැන කතාමාලාවක් නිර්මාණය වෙන බව දැනුම් දුන්නේ. මම විශ්වාස කරනවා මේ වෙද්දීත් ඔයාලා හැම කෙනෙක්ම ක්‍රිප්ටෝන් ලෝකය ගැන දන්නවා ඇති කියලා.

ක්‍රිප්ටෝන් ලෝකය මුලින්ම අපිට බලාගන්න ලැබෙන්නේ ඇමරිකානු කොමික් චිත්‍රකතා ප්‍රකාශිතයන් වුණු DC කොමික්ලගේ 1938 වසරේ ජුනි මාසයේදී නිකුත් වුන Action Comics #1 නම් වූ චිත්‍රකතාව ප්‍රකාශිත කිරීමෙන්. මේ තුලින් ක්‍රිප්ටෝන් ගැන දැනගන්න ලැබුනත් සම්පුර්ණයෙන්ම ක්‍රිප්ටෝන් ග්‍රහලෝකය ගැන දැකගන්න ලැබෙන්නේ 1939 වසරේ ගිම්හාන කාලයේදී නිකුත් වුන Superman #1 චිත්‍ර කතාව තුලින්. කොමික් ඉතිහාසයේ ලොකු සේවයක් කල ජෙරී සීගල් වගේම ජෝ ෂහ්ටර් දෙදෙනා තමයි මෙහි නිර්මාතෘවරුන් වෙන්නෙ. ක්‍රිප්ටෝන් ගැන කතා කරද්දී කැල්-එල්, කාරා සෝර්-එල්, ඉරාඩිකේටර්, ජෝර්-එල්, ජෙනරාල් සොඩ්, ඩූම්ස්ඩේ වගේ චරිත දකින්න ලැබෙනවා. 
හැමෝම දන්නා සුපුරුදු කාරණය තමයි ක්‍රිප්ටෝන් කියන්නේ දියුණු ශිෂ්ටාචාරයක් ජිවත් වුනු මනකල්පිත ග්‍රහලෝකයක් හැටියට. ඒවගේම තමයි එදාමෙදා කාලය අතරතුර අපි දන්නා කියන කාරණය ක්‍රිප්ටෝන්වල ඉහල යුරේනියම් වලින් යුත් හරය අස්ථාවර වෙලා පුපුරලා කෑලි වෙලා ගියා කියලා. හැම කෙනෙක්ම මේකෙන් මැරිලා යනවා. ඒත් කැල්-එල්ව යානාවක දාලා ජෝර්-එල් එයාව පෘතුවියට පිටත් කරපු නිසා කැල්-එල් පිපිරීමෙන් බේරිලා පසුකාලීනව පෘතුවිය තුල සුපර්මෑන් කියන සුපිරි වීරයකුගේ චරිතය බවට පත්වෙනවා. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. මේ විනාශයෙන් බේරුණු තව අය ඉන්නවා. උදාහරහයක් හැටියට ක්‍රිප්ටෝ කියන සුපර් ඩෝග්, සුපර්ගර්ල් වගේ අයත් ඉන්නවා. ඒත් මේක ඒ ඒ කතාවන් වලට අනුව වෙනස් වෙනවා. ඉතින් කිව්ව විදිහටම ක්‍රිප්ටෝන් වලත් හුගක් අනුවාදයන් බිහි උනා. The Golden Age Krypton, Silver Age Krypton, Modern Krypton ඒ අනුවාදයන් හැටියට නම් කරන්න පුලුවන්. ඔය අපි බලපු MoS චිත්‍රපටයට පාදක කරගෙන තිබුණේ  Modern Krypton. ඒ වගේම මේ සංස්කරණයේ තමයි ඉහල තාක්ෂණයක් තියෙන්නෙත්. විනාශයෙන් පස්සෙ ඒකෙන් බේරෙන මේ චරිත සුපිරි වීරයො වෙනවා දැක්කා මිසක් වෙනින් දෙයක් දකින්නම ලැබුණේ නැහැනෙ. ඒත් මේ අලුතින් පටන් ගත්ත කතාමාලාව ඊට හාත්පසින්ම වෙනස් විදිහේ මුහුණුවරක් තමයි අරගන්නෙ.
මේ කතාමාලාව තුලින් කතාවට ලක් වෙන්නේ MoS චිත්‍රපටයට වසර 200 කට පෙර ක්‍රිප්ටෝන්වල කතා පුවතයි. ඒ කියන්නේ කතාමාලාව තුල ප්‍රධාන තැනක් අරගන්නෙ කැල්-එල්ගෙ සීයා වෙච්චි සෙග්-එල් ගැනයි. ඒ කියන්නේ අපිට මේකෙන් සුපර්මෑන්ව නම් දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි සුපර්මෑන් ගැන පුංචි පුංචි ඉගි ටිකක් දකින්න ලැබේවි.ඒවගේම තමයි මේ කතාමාලාව කිසි සේත්ම චිත්‍රපට විශ්වයට සම්බන්ධ වීමක් නම් නම් නැහැ. ඒ නිසා ඉතින් පදනම් වෙන්නේ මොකක්ද කියලා හර්හැටි විස්තර කරලා කියන්නම් අමාරුයි මොකද මේ ලිපිය ලියන්නේ කතාව නිකුත් වෙන්නත් කලින් නිසා. අනික් කාරණාව තමයි ක්‍රිප්ටෝන් නමින් මේ කතාමාලාව නිකුත් වුවත් සමගම මේ වෙද්දී 2018 වසරට නවතම කොමික් චිත්‍රකතාවක් නිකුත් වුණා The World of Krypton කියලා. බොහෝදුරට මේකත් කතාමාලාව ඉවර වෙන තාක්ම ඇදීගෙන යන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන කතාමාලාව ඇතුලේ අපිට දකින්න ලැබෙනවා විවිධ කොට්ටාශ. ඒවා නම් කරලා තියෙන්නේ “House of”කියලා. මේ වෙද්දී ඔයාලා “එල්” කට්ටිය ගැන නම් දන්නවා ඇති. ඒත් මේ විදිහට කොටස් හතරකින් කතාව තුලින් දකින්න ලැබෙනවා. ඒ හතර මොනාද කියනවනම්,

01) House of EL

  • මේ අය තමයි කැන්ඩොරියන් විද්‍යා ශ්‍රේණියේ ප්‍රාරම්භකයන් හැටියට සලකන්නේ. මේ El (එලස්ලා) තමයි ක්‍රිප්ටෝන්වල පැරණිම අය වෙන්නෙ. ඒවගේම මේ අය තමයි වඩාත් සාර්ථකම වගේම සුපර්මෑන්ගේ මුතුන්මිත්තන් ඉන්න එකම අය වෙන්නෙත් එල්ස්ලා. ඒවගේම තමයි වෙනින් කිසිම දේකට වඩා මේ අය දුෂ්ට හො කෘර පාලනයට එරෙහිව නැගී සිටින තමන්ගේ අරමුණ ගැන හොදාකාරවම දන්නා කොට්ටාශයක් හැටියට සලකන්න පුලුවන්. වඩාත් යහපත් හෙට දවසක් දේ තුල තමයි මේ අයගේ දැඩි විශ්වාසය තියෙන්නේ. ක්‍රිප්ටෝන්වල හිටිය අති දක්ෂම විද්‍යාඥයින්ගෙන් කෙනෙක් තමයි වැල්-එල් කියන්නේ එයා කරපු රාජද්‍රෝහී ක්‍රියාවක් නිසාම එයාට මරණ දණ්ඩනයට ලක් වෙලා තියෙනවා. මේ නිසාම “House of EL” අපකීර්තියට පත්වෙලාත් තියෙනවා. දැන් සෙග්-එල් (ඒ කියන්නේ සුපර්මෑන්ගේ සීයා) තමන්ගේ පවුලේ නැතිවුනු ගෞරවය ආයෙමත් ලබාගන්න ක්‍රියා කරන එකයි ඉස්සරහට කරන්නේ.
02) House of ZOD
  • සොඩ්ලා තමයි ක්‍රිප්ටෝන්වල පුරාතන අය වෙන්නෙ. ඒවගේම මේ අය තමයි ක්‍රිප්ටෝන්වල ආරක්ෂකයො වෙන්නෙත්. මේ අයගේ විශ්වාසය තියෙන්නේ ගෞරවය මතයි. සොඩ් පවුල්වල හැම දරුවෙක් පාසාම ගෞරවය ගැන කරන පරික්ෂාව ඉවසා දරාම සිටීම අනිවාර්යයයි. ඉවසීම වගේම පක්ෂපාතිත්වය තියෙනවනම් එයාලගේ පවුල්වල තැන හිමි වෙනවා. ඔවුන් මේ සියල්ලම ඔප්පු කරලා නියම තැන හිමි කරගත්තට පස්සේ කිසිම කෙනෙක්ට දණ නවන්නේ නැහැ.
03) House of VEX
  • වෙක්ස්ලා තමයි ව්‍යවස්ථාදායකින් වෙන්නේ. ඒවගේම මේ අයම තමයි ක්‍රිප්ටෝන්වල වඩාත් බලගතුම දේශපාලනික පවුල් වලට හිමිකම් කියන්නෙත්. මේ අය ක්‍රිප්ටෝන්තුල කිසිම ලෝභ කමක් නැතුව ජිවත් වෙනවා. ඒවගේම ක්‍රිප්ටෝන් තුල ඉන්න වඩාත් බලගතුම පවුල් එක්ක සම්බන්ධකම් පවත්වනවා වගේම ඒ වගේ සම්බන්ධකම් රැකගෙන ඒ වගේ අය එක්කම විවාහ කරගන්නවා. වෙක්ස්ලා ප්‍රයෝගකාරී විදිහට දක්ෂයි. ඒ කියන්නේ හුගක් කපටියි. මේ අයට තියෙන්නේ හුගක් කෘර මෙහෙයවීමක්. කොටින්ම කියනවනම් ඩැරෝන්-වෙක්ස් මතයක් දරලා තියෙනවා එයා තමයි දැක්මක් තියෙන එකම කෙනා වගේම කැන්ඩෝර් මෙහෙයවන්න පුළුවන් ශක්තියක් තියෙන එකම කෙනා කියලාත්.
04) House of EM
  • මෙහි ප්‍රාරම්භ පියා නැති වුණේ ඔහු සොඩ් අයත් එක්ක ඇතිවුණු මාරාන්තික තරගයකදී පරාද වෙලා. මේ අය සොඩ් හවුස් එකට ගෞරව කරනවා කියන යෝජනාවක් ඉදිරිපත් කරපු දා ඉදලම මේ දෙගොල්ලොම එකට එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එම් පවුලේ අය තමයි හමුදාමය උපකරණ බලාගන්නේ. අතුලාන්තර සංහිදියාව ඇති කරගන්න එක තමයි මේ අයගේ අරමුණ වගේම රාජකාරිය වෙන්නේ.
මට පුලුවන් උපරිම දේ කතාවේ පසුබිම ගැන කිව්වා කියලා විශ්වාස කරනවා. තවත් පුංචිම කොටසක් තියෙනවා. ඒකත් කියලම ඉන්නම්කො. මේ කතාමාලාව Action, Adventure, Drama කියන ගණයන් වලට තමයි අයත් වෙන්නේ. Batman Begins (2005)The Dark Knight (2008)The Dark Knight Rises (2012)Man of Steel (2013) වගේම Batman v Superman: Dawn of Justice (2016) වගේ DC විශ්වයේ අති දැවැන්ත නිර්මාණය වෙන්න දායක වුණු  David S. Goyer එක්ක Damian Kindler දෙන්නා SYFY නාලිකාවේ මේ කතාමාලාව නිර්මාණය කරන්න ඉදිරිපත් වීමම ලොකු විශේෂයක්. ඒවගේම රංගනයෙන් දායක වන නළු-නිලි කැල වශයෙන්,
Cameron Cuffe – සෙග් එල්,
Georgina Campbell – ලේටා සොඩ්,
Ian McElhinney –  වැල් එල්,
Elliot Cowan – ඩැරෝන් වෙක්ස්,
Ann Ogbomo – ඇලූරා සොඩ්,
Rasmus Hardiker – කෙම් යන අය ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා…
මේ වගේ සුපිරි නිර්මාණයක් කරන්න ඩේවිඩ් එස් ගෝයර් ලග අවුරුදු හත අටක ඉදලා මේ වගේ කතාමලාවක් කරන්න සැලසුම් තිබිලා තියෙනවා. ඒ කියන්නේ  The Dark Knight (2008) චිත්‍රපටය නිකුත් වුන කාලයේ වෙන්න ඕන. මෙහි රූගත කිරීම් කටයුතු බැල්ෆාස්ට්, උතුරු අයර්ලන්තයෙදී වගේම යුරෝපය තුලත් වෙලා තියෙනවා. මෙතෙක් DC කොමික් පදනම් වෙලා නිර්මාණය වුනු කතාමලාවන් වලට වඩා කතාව ගලාගෙන යන විදිහෙන්, කතාවේ රූපරාමුවල පවා වෙනස්කමකින් යුක්ත වෙනවා. ඒ බව හොදාකාරවම තේරෙන්න ඇති පූර්ව ප්‍රචාරක පටය බැලුවා නම්. මොකද ඒක නිර්මාණය කරලා තිබුනෙත් හරියට චිත්‍රපටයක වගේමයි. මේ වෙද්දී කොටස් දහයකට සීමා වුණු කතාමලාවක් හැටියටයි මේක නම් වෙලා තියෙන්නේ. කොටස් දහය නෙවෙයි කීයක් උනත් අනුරුද්ධ සහෝ මේක ඔයාලට අඩුවක් නැතුව බලන්න පුළුවන් විදිහට ඉදිරියේදී උපසිරැසි අරගෙන ඒවි. එයාගේ ඉල්ලීම මත තමයි මේ ලිපිය පුලුවන් විදිහට ලිව්වෙත්. එහෙනම් ඉහින් ඉදිරියේදී එයාගේ උපසිරැසි රස විදින අතරතුරේදීඅදහසකුත් පල කරලා පොඩි සහයෝගයක් ලබාදෙන්නයි කියලා හැම කෙනෙක්ගෙන්ම ඉල්ලනවා. එහෙනම් ඉතින් මම මෙතනින් නවතිනවා. ..

 

 Torrents Download

| HDTV | x264 | SVA | 230MB |

8EFC83DA8B93D3FDE3141E10D6354247D30C4FAE

Direct Download

| HDTV | x264 | 480pp | 141MB |

 

| HDTV | x265 | 720p | 180MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Krypton [S01 : E01] | මේ එල් වංශයේ කතාවයි…

  • Mewa download karanna bane ei e in to the bad land ekth ehmai

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *