MENU

Krypton [S01 : E04] | රාඕට ප්‍රශංසා වේවා!

 

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ පළමු සමයේ සිව්වන කොටසයි. පසුගිය සතියේ විකාශය වුන තුන්වන කොටසේ උපසිරස අපේ ජෙරොම් සහෝ ගෙන ආවනේ. ඒ වෙනුවෙන් ජෙරොම් සහෝට කෘතඥතා පුර්ව ස්තුතිය පුදකරමින් පසුගිය සතිය ගැන කෙටියෙන් මතක් කර ගනිමු.

පසුගිය සතියෙන්…

බ්‍රේනියැක්ගේ යානයෙන් දියත් කළ නිරීක්ෂණ යානයක සිටි සෙන්ට්‍රි නම් වූ පරපෝෂිත සත්වයෙක් ඕනාගේ මව වන රොම්ව ධාරකයා කරගනිමින් බ්‍රේනියැක් හට දත්ත යැවීම සිද්ධ කරනවා. මේ පිළිබඳව දැනගන්න සෙග් ඇයව එයින් මුදවා ගැනීමට වෙර දරුවත් එය අසාර්තක වෙනවා. කෙසේ හෝ ලයිටාගෙන් ඉල්ලා ගත් කම්පන බෝම්බය උපයෝගී කරගනිමින් රොම්ව නිර්වින්දනය කර ඇයව බලකොටුව කරා රැගෙන යාමට සෙග් සමත් වෙනවා. මේ අතර වාරයේ බ්ලැක් සීරෝගේ සහචරයන් සොයා 19වන කොට්ටාශයේ පිරික්සුමක් සිද්ධ කරන්නේ ලයිටාගේ ප්‍රධානත්වයෙන්. මෙහි දී කෝල් ඩාගේ ක්‍රියා කලාපය නිසා එක් රෑන්ක්ලස් වැසියෙක් මරණයට පත් වෙනවා. මේ නිසා මෙහෙයුම අසාර්ථක වෙනවා පමණක් නෙවෙයි ලයිටා විසින් ප්‍රයිමස්ගේ අණ නොතකා හැරීමක් සිද්ධ කරනවා.

මේ සතියෙන්…

මෙහෙයුම අසාර්ථක වීම,රෑන්ක්ලස් විරෝධය යන කාරනා නිසා වොයිස් ඔෆ් රාඕ දැඩි ලෙස කිපී මෙයට වග උත්තරකරුවන් වහාම නීතිය හමුවට පමුණුවන ලෙස වෙක්ස් හට නියෝග කරනවා. එමෙන්ම නෝවා සයිකල් නම් උත්සවය පැවැත්වීම සඳහා වොයිස් ඔෆ් රාඕ විසින් නියෝගකර සිටිනවා. මේ අතර වාරයේ බලකොටුවට රැගෙන ගිය රොම් හට ප්‍රතිකාර කිරීම සිද්ධ කරන්නේ වැල් විසින්. එනමුත් එය අසාර්ථක වෙනවා පමණක් නෙවෙයි රොම් මිය යනවා. එසේනම් වෙක්ස් විසින් කා හට චෝදනාව ගොනු කරාවිද? නොවා සයිකල් යනු කුමක්ද? රොම් මිය ගිය පසු සෙන්ට්‍රි කවුරු තම ධාරකයා කර ගනීවිද? ඕනා හට කුමක් වේවි ද?මේ ප්‍රශ්න විසඳන කොටසයි මේ.

එහෙනම් මේ සතියේ විකාශය වුන කොටසේ උපසිරස සමගින් මුණ ගැසෙන තුරු හැමෝටම සුභ දවසක් වේවා.

~ජය ශ්‍රී ~

 Torrents Download

| HDTV | x264 | SVA | 230MB |

Direct Download

| HDTV | x264 | 480p | 130MB |

 

| HDTV | x265 | 720p | 200MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *