MENU

Krypton [S01 : E05] | සෝඩ් වංශය…

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ පළමු සමයේ පස්වන කොටසයි.

පසුගිය සතියෙන්….

රෑන්ක්ලස් මෙහෙයුම අසාර්ථක වීම හා රෑන්ක්ලස් මිනිසුන්ගේ ඇති වුන ප්‍රතිචාරයට පිළිතුරක් ලෙසින් වොයිස් ඔෆ් රාඕ ඉහල නිලයක සිටින කෙනෙක්ට එහි වරද පටවා දඬුවම් කරන ලෙස ඩැරන් වෙක්ස්හට නියෝග කර සිටිනවා. ඒ අනුව ක්‍රියාත්ම වෙන ඔහු ලයිටා සෝඩ් මෙහි වගඋත්තර කාරිය ලෙස සිරබාරයට ගෙන ඇයට රාජද්‍රෝහී චෝදනා එක්ක කර සිටිනවා. මෙය දැනගන්නා සෙග් ඇයව බේරාදෙන ලෙස නයිසාගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව නයිසා මේ පිළිබඳව සොයා බලා ලයිටා යනු නිවැරදිකාරියක් බව දැනගෙන තමන්ගේ පියාගෙන් ඇයව සිරබාරයට ගැනීමට හේතු කාරනා විමසා සිටිනවා. හේතු කාරනා දැනගත් පසු නයිසා පවසන්නේ යම් හෙයකින් ලයිටාට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළහොත්,ජෙයිනාගේ සහය තමන්ට නැතිව යන බවයි. ජෙයිනාගේ සහය නැතිව වොයිස් ඔෆ් රාඕ පරාජය කර බලය ලබා ගත නොහැකි නිසාවෙන් නයිසා ජෙයිනාට කොන්දේසි සහිතව සහය දැක්වීමට කල්පනා කරනවා. ඒ ජෙයිනා තමන්ගේ සහය තමන්ගේ පියාට ලබා දෙන්න පොරොන්දු වුවහොත් ලයිටාව මරණ දණ්ඩනයෙන් ගලවා දෙන බවටයි. මේ අතර වාරයේ වොයිස් ඔෆ් රාඕ විසින් නෝවා සයිකල් නම් උත්සවය සිද්ධ කරන්නේ රෑන්ක්ලස්වරුන් අතරයි. මිය ගිය තම මව වෙනුවෙන් මේ උත්සවයට යන ඕනා එහි දී වොයිස්හට රාඕගේ පිළිරුවක් ලබා දෙනවා. මේ අවස්ථාවේ දී කෙම් පැවසු දේ අසා සිටින වොයිස් ඕනාව තම ගෝලයෙක් කර ගන්නවා. මේ අතර සෙග්ව පැහැර ගන්නා එක්තරා පිරිසක් බ්‍රේනියැක් පරාජය කිරීම සඳහා සෙග්ගේ සහය තමන්ට ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.නමුත් එතනින් පැන ගැනීමට සෙග් සමත් වුනා.අවසාන වශයෙන් දක්කනට ලැබුනේ ඕනා ලබා දුන් රාඕගේ පිළිමය ඇතුලේ සිටි සෙන්ට්‍රි වොයිස්ව තම ධාරකයා කර ගන්නා හැටියි.

මේ සතියෙන්…

තමන් පැහැර ගත් පිරිසෙන් පැනගත් සෙග් බලකොටුව බලා ගමන් කරන විට මඟ දී එක්තරා කාන්තාවක් මුණ ගැසෙනවා. ඇයද සිරකාරියක් බව වටහා ගන්න සෙග් ඇය සමග එතනින් පලා යනවා. මේ අතර වාරයේ රාජද්‍රෝහී චෝදනා ලබා සිටි ලයිටා හට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරනවා, එසේනම් සේග්ට හමුවන කාන්තාව කවුද? තම පවුල වෙනුවෙන් ජෙයිනා සෝඩ් වංශයේ ගෞරවය පාවා දෙවි ද? සෙග්ව පැහැර ගත් ඒ පුද්ගලයා කවුද? සෝඩ් වංශය ගැන කියවෙන මේ කොටස රස විඳින අතරම ඉහල ප්‍රශ්න ටිකත් විසඳ ගන්න අද කොටසින් හැමෝටම අවස්තාව ලැබෙනවා.

මේ වෙනකම් කතාව බලපු අයට ක්‍රිප්ටෝන්හි වංශ ගැන දැනුමක් ඇති කියලා හිතනවා. පලවෙනි ලිපියෙනුත් අපේ චාමර සහෝ හොඳ පැහැදිලි කිරීමක් කලානේ. ඉතින් කතාව බලන අයට පොඩි ප්‍රශ්නයක් ඇති වොයිස් ඔෆ් රාඕ කියන්නේ කවුද කියන එක ගැන .මොකද තාම හරියට මෙයාගේ මුණ පෙන්නුවේ නෑ. වොයිස් ඔෆ් රාඕ කියන්නේ ඇත්තෙන්ම නමක් නෙවෙයි. තනතුරක්. එහෙම නැත්තම් ක්‍රිප්ටෝන්හි දෙවියන් වන රාඕ නියෝජනය කරන කෙනා තමා මේ නාමයෙන් හඳුන් වන්නේ. උපසිරසේ වොයිස් ඔෆ් රාඕ කියලා එහෙම්ම තිබ්බේ ඒ නිසයි. ඒ වගේම මේ කතාවේ යම් වංශයකට අයත් නොවන,නම්බු නාම නැති, පහත ගණයේ අය හඳුන්වන නම තමා රෑන්ක්ලස් කියන්නේ. උපසිරසේ ඒකත් ඒ විදියටම තියලා තියෙන්නේ ඒ නිසයි.

එසේනම් මේ සමුගන්න අවස්තාව.හෙට දිනයේ දී ඇරෝ කතා මාලාවේ පසුගිය සතියේ කොටසින් මුණ ගැසෙමු එසේනම්.

~ජය ශ්‍රී~

 Torrents Download

| HDTV | x264 | SVA | 240MB |

F9B86F1E2B476BBE9E42E689E36DAB6A1C5606CE

Direct Download

| HDTV | x264 | 480p | 150MB |

 

| HDTV | x265 | 720p | 180MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong