MENU

Last Chance Harvey (2008) | හුදෙකලාවේ අවසන් වරම…

ආයුබෝවන්ඩ බයිස්කෝප්වාසි සියලුදෙනාට.කොහොමද කට්ටියම, ඔන්න ඉතිං ආයෙත් සිංහල උපසිරසියක් ඔයාලට අරං ආව.මේ මගේ පස්වෙනි සිංහල උපසිරසි ගැන්වීම.කෙටි කාලයක් ඇතුලත මේක ඉවර කරගන්න පුළුවන් උනා. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ආදර කතා වලට කැමති අයට වගේම හිත සැහැල්ලුවෙන් භාවනාවක් වගේ බලං ඉන්න පුළුවන් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම තමයි “Last Chance Harvey”. 2008 වර්ෂයේ දෙසැම්බර් 25 වෙනිදා තමයි තිරගත වෙන්න පටන් අරන් තියෙන්නේ. IMDb වාර්ථා වල 6.7 අගයක් සටහන් වෙලා තියනවා.පැයකුත් මිනිත්තු තිස් තුනක ආසන්න කාලයක් ගලාගෙන යන මේ චිත්‍රපටිය ලියලා වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Joel Hopkins.මේ ෆිල්ම් එක ආදර / නාට්‍ය කියන කොටස් දෙකටම වර්ගීකරණය කරන්න පුළුවන්. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදිහට Dustin Hoffman, Emma Thompson, Kathy Baker අය දායක වෙලා තියනවා.

පම්පෝරි ගැහුවා ඇතිනේ? අපි කථාව දිහාට හැරෙමු. කථාවේ ප්‍රධාන චරිතය “හාර්වේ” නිත්‍යානුකුලව විවාහයෙන් වෙන් වූ ඔහු රුපවාහිනී වෙළද දැන්වීම් හා සංගීත අධ්‍යක්ෂකවරයෙක්. එයා වැඩ කරන්නේ නිව්යෝක් වල.ඉතිං හාර්වේ ට කරන්න ලොකු රාජකාරියක් පවරනවා එයාගේ ආයතනයේ ප්‍රධානියා. ඉතිං ඒ වැඩේ බාර දෙන්න තියන අනිතිම අවස්තාව තම ඒ. රාජකාරි වැඩ අස්සේ හාර්වේගේ දුවගේ විවාහ මංගල උත්සවය ලන්ඩන් වල පවත්වන්නත් තීරණය වෙලා තියනවා.ඉතිං මෙයා බොස් ගෙන් බොහොම අමාරුවෙන් අවසර අරගෙන ඉක්මනට රාජකාරියට වාර්ථා කරනවා කියන පොරොන්දුව පිට ලන්ඩන් වලට ගිහින් විවාහ මංගල උත්සවය ට සහභාගී වෙලා ආයෙත් නිව්යෝක් වලට යන්න ගුවන් තොටුපලට එනකොට අවාසනාවකට එයට ගුවන් යානය මග ඇරෙනවා.එයා සිද්ධිය බොස් ට දුරකතනයෙන් කිව්වත් ඔහුගෙන් කිසිම සමාවක් නම් ලැබෙන්නේ නෑ. ඉතිං මේ වෙලාවේ එයා ගුවන් තොටුපලන් එයා නවාතැන් ගන්න හෝටලේට එනකොට මෙයාට හම්බෙනවා කේට් කියලා ගෑනු කෙනෙක්.ඉතිං ඊට පස්සේ වෙන දේවල් දැනගන්න කථාව බලන්න හැමෝටම ආරාධනා කරනවා

අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න.මේ ෆිල්ම් එක මට බාරදුන්න විමුක්ති සොයුරා ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතිං තවත් උපසිරසියකින් හමුවෙමු !!! ජය !!!

 

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | AC3 | 699MB |

93E91A3066CD21881667B238838527011391E3DE

 Direct Download

| DVDRip | x264 | AC3 | 699MB|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *