MENU

Legion [S02 : E03] | මනෝ යථාර්ථයක සිරකරුවන් …

කොහොමද ඉතින් බයිස්කෝප්වාසි ලීජන් රසික රසිකාවියන්ට. ඔන්න එහෙමනම් LEGION දෙවැනි සමයේ තුන්වෙනි කතාංගය ඔබ ඉදිරියේ තබන්නයි සූදානම. අද දවසත් මට විශේෂයි. මොකද කියනවනම් අදට(19) මම බයිස්කෝප් අඩවිය හා සම්බන්ධ වෙලා හරියටම තෙවසරක්. එහෙම දවසකම මේක දෙන්න ලැබීම හොදයි. හරි එහෙමනම් බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.

ගිය සතියේ මතක ඇතිනේ අපේ ඩේවිඩ්ට හැකියාවක් ලැබුනා අමාල් ෆරුක්ව ඔහුගේ සැබෑ රුවින් දැකගන්න. ඒ වගේම දෙන්නා සුහද කතාබහක් කරලා පොඩි මිත්‍රශීලි දබරයක් එහෙමත් කරලා අවසානයේ දෙන්නා එකගතාවයකට ආවා. ඒ තමයි ඩේවිඩ් ෆරුක්ට ඔහුගේ සිරුර හොයාගන්න උදව් කරනවා එතකම් මිනිස්සුන්ව මරන්න කරන්න බැහැයි කියන එකගත්වය. ඒ වගේම ඩේවිඩ් සීඩ්ට කියනවා එයා කලින් බොරු කිව්වා කියලත්. ඒ කියන්නේ අනාගතයේ සිඩ් තමයි ඔහුව අර බෝලයක දාගෙන ගියේ කියලා. ඇත්තටම අනාගතයේ මොනා වෙන්න ඇතිද සිඩ් ෆරුක්ට උදව් කරන්න තරම්? ඉතින් ඔය දේවල් අස්සේ අන්තිමටම දැක්කනේ අර ආසාදිතයන් ගොඩේ හිටිය පුද්ගලයකුට සිහිය එනවා.

අමාල් ෆරුක් නැතිනම් ශැඩො කින්ග්ගෙ මිනිස්සුන්ව ගල් ගස්සන වෛරසය මතකයිනේ. ඉතින් තුන්වෙනි කාර්යාංශය එයින් ආසාදනයට පත් උන සෑම පුද්ගලයෙක්වම පාහේ 3වෙනි කාර්යාංශය ඇතුළට ගෙනල්ලා කාමරේකට දාලා තිබ්බා මතකයි නේද? ඉතින් ගිය සතියේ එතනින් සිහිය ආපු පුද්ගලයා මි ගෝ නිකායේ භික්ෂුවක්. ඔහු අද තුන්වෙනි කාර්යාංශය මුළුමනින්ම පාහේ උඩු යටිකුරු කරවනවා. ඩේවිඩ්ගෙ මිත්‍රයන්, අද්මිරාල් ෆුකියාමා ඇතුළු සමස්ත පිරිසම මේ භික්ෂුවගෙ උපායන්ට නතු වෙනවා. භික්ෂුව කරන්නේ තම තමන්ගේ හිත්වල තියෙන යතාර්තයන් ඇතුලේ තමන්වම හිර කාරයෙක් කරන එක. කොටින්ම කිව්වොත් සිරුරින් මනස වෙන් කරලා මනෝ ලෝකයක හිර කරනවා. ඩේවිඩ්නම් මේකට මනෝ ලෝකය කියලා තමා කිව්වේ. එහෙමනම් අපි බලමු අද ඩේවිඩ්ට හැකියාවක් ලැබෙයිද කියලා මේ භික්ෂුව පරාජය කරලා තමන්ගේ මිතුරන් බේරගන්න.. ඒ වගේම භික්ෂුවගෙන් ෆරුක්ගෙ සිරුර තියෙන තැන දැනගන්නත් ලැබෙයිද බලමු.

එහෙමනම් මෙතනින් මං නවතිනවා.. අකුරින් අකුර වචනෙන් වචනේ කොටලා මම මුළු කතාවම කියලද මන්දා? එහෙමනම් යළිත් ඉක්මනින්ම උපසිරසියකින් මුණ ගැහෙමු. ඔබ සැමට ජයෙන් ජය.

 

 Torrents Download

| HDTV | x264 | SVA | 288MB |

7EDE655F8C06702396689BD11D31405A5959D39A

Direct Download

| HDTV | x264 | 480p | 166MB |

 

| HDTV | x265 | 720p | 239MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *