MENU

Legion [S02 : E02] | මට ඔබ විශ්වාසයි…

දෙවනි සීසන් එක ආරම්භයෙ නම් ලොකු විශේෂයක් තිබුනෙ නැ, ඒත් මතක ඇති පලවෙනි අදයරෙ අවසානයට ඩේවිඩ්ව කුඩා ඩ්‍රෝන් එක්කට ඇදලා අරගන්නවා. ඊට පස්සෙ දෙවනි අදියරේදි තමයි ඩේවිඩ්ව හොයාගත්තෙ. ඒකත් අවුරුද්දකට පස්සෙ. හැබැයි ඩේවිඩ්ට ඒක දවසක් වගේ. ඩේවිඩ්ට එයා අතුරුදන් වෙලා හිටිය එක පිළිබඳව මහ ලොකු මතකයත් නැතත් පොඩි පොඩි දේවල් ටිකක් මතක තියෙනවා. මතක ඇති මේ අය කලින් හිටියෙ සමර්ලෑන්ඩ් කියලා තැනක. හැබැයි මේ අදියරේ ඒක නැ කොහොමහරි. දැන් මෙයාලා ඩිවිෂන් 3 එකත් එක්ක එකතුවෙලා ඔලිවර්ව හොයනවා. මතකනෙ පලවෙනි සීසන් එකේ අන්තිමට ෂැඩෝ කිං ඔලිවර්ව තමන්ගෙ ධාරකයා කර ගන්නවා. ඒ කියන්නෙ දැං ෂැඩෝ කිං ඉන්නෙ ඔලිවර්ගෙ ඇගේ, ඒ වගේම ෂැඩෝ කිං තමන්ගෙ සැබෑ සිරුර හොයාගෙන යන්නෙ. ඉතිං මේක නතර කරන්න තමයි ඩිවිෂන් 3 උත්සහ කරන්නෙ.

ඩිවිෂන් 3 පාලනය කරන්නෙ අද්මිරාල් ෆුකියාමා කියලා කෙනෙක්, අර ඔලුවට බාස්කට් එකක් දාගෙන ඉන්න තමන්ගෙ පස්සෙන් ගෑණු රොබෝලා වගයක් හැමතිස්සෙම ඉන්න හාදයා. ෂැඩෝ කිං යන යන තැන වෛරස් එකක් පතුරවගෙන යනවා, ඒ වෛරස් එක නිසා මිනිස්සු ගල් ගැහිලා දත් කටින්න ගන්නවා. මේකට පිළියම් හොයන්නෙත් ඩිවිෂන් 3 එකෙන්ම තමයි. ඒ වගේම පහුගිය අවුරුද්දෙ ඩේවිඩ් කරපු කියපු දේවල් මතක් කරන්න පුළුවන් වෙන විදිහෙ මැෂින් එකක් මේ කණ්ඩායම නිර්මාණය කරනවා මේ සිදුවීම් වලට උත්තර හොයන්න.

මතක ඇති අන්තිම දර්ශනය, ඔව් කොහොම අහඹු දැශන වලට යන එක මේ කතාවෙ හැටියක්නෙ, ඩේවිඩ් ඩ්‍රෝන් එක ඇතුලට ගියාට පස්සෙ වෙච්ච සිදුවීමක් පෙන්නුවා, එතනදි එයාට සිද්ව හම්බවෙනවා. හැබැයි එයා අනාගතේ ඉන්න කෙනෙක්, එතකොට ඩේවිඩ් වර්තමානයේ, එතනදි තමයි සිද් ඩේවිඩ්ට කියන්නෙ ෂැඩෝ කිං එයාගෙ ශරීරය හොයනවා, එයාට උදව් කරන්න කියලා. ඒ මොකටද කියන එක නම් තවත් ප්‍රශ්නයක්, මොකද හැමෝම උත්සහ කරන්නෙ ෂැඩෝ කිං තමන්ගෙ සිරුර හොයාගන්න එක නතර කරන්න. ඉතිං අපි බලාගෙන ඉමු ඉදිරියට මොකද වෙන්නෙ මොනවද මේ දේවල් වල තේරුම කියලා.අද කොටස ගැන කියන්න යන්නෙ නැ, පරක්කු වුනාට සමාවෙන්න ඕන. අවුරුදු දවස්නෙ. එහෙනම් මම යනවා. ඊලග කොටස තවත් අපෙ සහෝදරයෙක් අරගෙන ඒවි.

මතක තියාගන්න, හැමදේකම තේරුමක් තියෙනවා, තේරුම මොකක්ද කියන්න අපි තාම නොදන්නව වුනත්.

   ☀ ලබන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! ☀

 Torrents Download

| WEB-DL | x264 | EzTv | 227MB |

942C6D355735C2B2B7EE3A25D4C6CC97854BB751

Direct Download

| WEB-DL | x264 | EzTv | 227MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *