MENU

Legion [S02 : E06] | ඩේවිඩ් …

ඔන්න එහෙනම් මාවල්ලගේ සයිකෝ සිරිස් එකේ දෙවැනි කතා සමයේ හයවෙනි කතාංගය. එහෙමත් නැත්නම් සිරිස් එකේම 14 වැනි පරිච්ච්ජේදය. මේ වෙනකම් කතාව පොඩ්ඩක් මතක් කලොත්. මේ වෙනකොට ෆරුක් ඩේවිඩ්ව කැමති කරවාගෙන ඉන්නේ එයාගේ සිරුර හංගල තියෙන තැන හොයාගන්න. ඒත් භික්ෂුවක් නිසා වැඩේ ලෙහෙසි වෙන්නේ නැහැ. අන්තිමේදී අභිරහසක් ඉතුරු කරමින් භික්ෂුව සියදිවි නසාගන්නවා. ඒත් එක්කම භික්ෂුව නිසා මිනිස්සු ගොඩකටවැළඳිලා තිබ්බ මානසික රෝගයකුත් හොඳ වෙනවා. හොඳ වෙන්නේ භික්ෂුවගේ මරණයත් එක්කමයි. ඉතිං ඒ අතරවාරයේ ලෙනි සැබෑ ලෝකයට එනවා හදිසියේම. ෆරුක්ගේ මානසික හිරකාරයෙක් විදියට හිරවෙලා හිටිය ලෙනිගේ විඥ්ඥාණය එක පාරටම එයාගේ භෞතික සිරුර හොයාගෙන ඩේවිඩ්ව හොයන් ආව එක හැමෝටම ප්‍රශ්නයක් වෙනවා. ඉතිං එතැනදී ඩේවිඩ් දැනගන්නවා ලෙනිගේ විඥ්ඥාණය දාල තියෙන්නේ ඩේවිඩ්ගේ අක්කගේ භෞතික ශරීරයට කියල. ඉතිං ඊට පස්සේ ඩේවිඩ් සෑහෙන කම්පනයකට පත්වෙනවා…

ඉතිං අද සිද්දවෙන්නේ ගිය සුමානේ ඩේවිඩ්ට කම්පනයෙන් පස්සේ වෙච්ච දේවල් නම් නෙමේ. අ අපිට පෙන්වන්නේ ඩේවිඩ් මේ කාර්යාංශයට ආව විදිය ගැන අද කතාව ටයිම් ලයින් දෙකක දුවනවා. එක ටයිම් ලයින් එකක් තමා ඩේවිඩ්ගේ අතීතය ගැන කියන එක. දෙවැනි එක ඉතාම සුළු කොටසක්. ඒ වර්තමානය. ලෙනිගේ කාමරේ ඩේවිඩ් ඉන්න එක. ඒ වගේම මවාගත්තු යථාර්තයක් අපිට පෙන්වනවා. අද සිද්ධාන්තය වෙන්නෙ අපි යම්කිසි තීරණයක් ගත්තම ඒ තීරණය නිසා අපිව අලුත් මාවතකට එනවා ඒ මාවතේදී තීරණයක් ගත්තම තව මාවතකට වෙනවා. හරියට ගහක අත්තකිං තව අතු බෙදිලා ඒ අතු වලින් තව අතු බෙදිලා ඒ අතු වලිනුත් තව අතු බෙදෙනවා වගේ. අපි කලින් ගත්තු තීරණය නැතුව වෙන තීරණයක් ගත්තනම් අපි යන්නේ අර කලින් ගිය මාවතේ නෙමේ වෙන මාවතක. ඒ මාවතේ අපි අර දෙවනියට ගත්ත තීරණය නැතුව වෙන තීරණයක් ගත්තනම් අපි යන්නේ වෙනම මාවතක.. අන්න ඒ වගේ ඉතිං ඩේවිඩ් බෙහෙත් ටික හරියට බිව්වනම් ඩේවිඩ්ගේ ජිවිතේ අවසන් වෙන විධිය ගැන වෙනම යථාර්තයක්.. නොපවතින යථාර්තයකුත් අපිට පෙන්වනවා.. ඉතිං එහෙනම් සයිකෝ සිරිස් එකේ ඊළඟ කතාංගය අචින්ත උදයංග සහෝ අරගෙන එයි. ලොස්ට් ඉන් ස්පේස් තුලින් අනිද්දට මුණගැහෙමු.. ජයෙන් ජය

 Torrents Download

| HDTV | x264 | 720p | 985MB |

BD8F2536560F78907275C133288DC712EE9D955A

Direct Download

| HDTV | x265 | 720p | 170MB |

 

| HDTV | x264 | 480p | 150MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *