MENU

Legion [S02 : E09]| මෙලනිට මොකද වුණේ? …

මේ සතිය හැරුනම ලීජන් කතාමාලාව පටන් ගත්ත දා ඉදලම ගිය සතිය කොටසට හරියටම කොටස් අටක් පුරාවටම තාමත් කරන්නේ ෆරූක්ගේ මිනිය හොයන එකයි. තාමත් හොයාගන්න බැරිව දගලන්නේ ඇයි? මොකද මුල් කතාසමය බලපු යට නම් වැටහෙන්න ඕන ෆරූක්ගේ මිනිය හොයන එක නෙවෙයි කතාවේ පසුබිම වෙන්න ඕන කියලා. එහෙම වුනොත් නම් මේ කතාවට පමණට වඩා ඇදී ඇදීම යයි.

පසුගිය සතිය ගැන මතක් කරනවානම් ගිය සතිය පසුබිම් වෙලා තිබුනේ ෆරූක්ගේ මිනිය සොයා ගැන ඩේවිඩ් ගැනයි. එයාගේ එයාගේ රහසිගත මෙහෙයුම ආරම්භ කරන්න කලින්ම සහකයන් දෙන්නෙක්ට මානසික විදිහට දැනුම් දුන්නා. ඩේවිඩ්ට තැනක ඉදන් තවත් තැනකට යන්න තියෙන හැකියාව පාවිච්චි කරලා එයා යන්න ගියා. මේ අතරේ ප්ටොමි තෙවැනි අංශයේ තියෙන ගස් වලින් වැහුණු කම්පියුටර් තැනෙ ඉදන් හුගක් දේවල් හොයාගත්තා. මිය ගිය මී-ගෝ භික්ෂුවගෙ විඥ්ඥානය පවා හොයාගත්තා. ඒවගේම අද්මිරාල් ෆූකියාමාගේ ඉතිහාසය ගැන පවා දැනගන්නට ලැබුණා. වයස අවුරුදු 17 දී රජයට බදාවගෙන කරපු කිසිම කෙනෙක්ට ආරක්ෂාකාරී නැති මානසිකවම ක්‍රියා කරවන්න පුලුවන් අලුත් ලෝකයේ මානසික ක්‍රියාකරවීම් ගැන පවා දකින්න ලැබුණා. ඒ දැකගන්න ලැබුණු කොටස් වලින්ම තීරණයකට එන්න පුලුවන් අද්මිරාල් මේ කතාවේ ඉස්සරහට ලොකු කොටසක් විදිහට ඉස්සරහට අරගෙන යාවි කියලා. ඒවගේම තමයි විශේෂයෙන්ම විපරිතයින්ගේ හැකියාවන් වලට පවා නමම ගන්න බැරි මේ මනුස්සයව ෆරූක් ඉවරයක් කරලා දාන්න දගලන්නේ ඇයි කියලත් ඔයාලට තේරෙනවා ඇති නෙහ්.

ඒවගේම සිඩ්ගෙයි ක්ලාක්ගෙයි අතරේ අමුතු විදිහේ කතාබහක් දකින්නත් ලැබුණා ඩේවිඩ් ගැන. සිඩ් විශ්වාස කරන්නේ ඩේවිඩ් ආයෙමත් ආපු දවසේ ඉදලා ඩේවිඩ්ට සිඩ් ගැන තියෙන හැගීම් වෙනස් වෙලා කියලයි. ඩේවිඩ් ආයෙමත් ආව දවසේ ඉදලා කොහොමත් මේ දෙන්නගෙන් කාටවත් වැඩිය ඩේවිඩ් එක්ක කාලය ගත කරන්න ලැබුනේ නැහැනේ. ක්ලාක් කියන්නේ නම් සිඩ්නි ඩේවිඩ් ගැන කියන දේවල් පරිස්සමින් කියන්න ඕන කියලා මොකද ඩේවිඩ්ගේ චරිතය සිඩ්නි කියන කරුණු කාරනා වලින් වෙනස් වෙනවට ක්ලාක් කැමති නැහැ. ඒකෙන් කියවෙන්නේ නැහැ සිඩ්නි ඩේවිඩ්ට ආදරේ නැති බවක්. ඒත් තාම සිඩ්නිටවත් තේරුම් ගන්න බැරි ඩේවිඩ්ගේ සමහර පැතිකඩයන් වටහාගන්න බැරිවයි සිඩ්නි ඉන්නේ. සිඩ්නිට ඩේවිඩ්ව මුණගැහුණු කාලයේ ඉදන් සමර්ලෑන්ඩ් දක්වාම වෙච්ච හැම ආදරණිය සිදුවීමක් පවාම එයා ක්ලාක්ට කිව්වා. ඒත් පෙනුනහැටියට නම් ක්ලාක් බයෙන් ඉන්නේ සීඩ් නිකන් හරි එයාගේ හිත වෙනස් කරන් මහා බලගතු විපරිතයා ඩේවිඩ්ගේ හිත රිද්දලා එයා මුළු ලෝකෙම විනාශ කරලා දායිද කියලා වගේ. හැබැයි ඉතින් ඒ වගේ දෙයක් නම් පෙනුනේ නැහැ. මොකද සීඩ් ඩේවිඩ්ට තියෙන ආදරේ වැඩි කමටම ඩේවිඩ් ඉන්න කානතාරේට ප්ලේන් එකකින් ගිහින් පැරෂුට් එකකින් හරියටම ඩේවිඩ් හිටිය තැනටම ආවා ලෝකේ බේරගන්නවනම් ඒ දෙන්නා, ඒ දෙන්නගේ ආදරෙත් රැකගන්න ඕන කියලා හිතාගෙන.

ඒවගේම තමයි සිඩ් හා ක්ලාක් දෙන්නගේ කතාබහ අතරේ සිඩ් කිව්වා ඩේවිඩ් දන්නේ නැහැ කියලා ඇත්ත මොකක්ද කියලා. ඒවගේම හරි දේ වගේම වැරදි දේ මොකක්ද කියලත් එයා හරියට දන්නේ නැහැ කියලා. මේ පිළිබද ජෝන් හෑම් හොද පැහැදිලි කිරීමක් කළා. මිනිස්සු කට්ටියක් ගුහාවක් ඇතුලේ ඉදන් සෙවනැලි වලින් යම් යම් දෙන දකිනවා. ඒවගේම එයාලා ගුහාව පිටත තියෙන යතාර්ථය ප්‍රතික්ෂේප කරනවා මොකද එයාලගේ හිත් තුල විශ්වාසයක් තියෙන්නේ වෙනින් දෙයක් ගැන. එතකොට මේකේ අනික් පැත්ත ගැන කතා කරනවානම් ස්මාර්ට් දුරකථන තමයි අලුත්ම ගුහාවල් වගේම මිනිසුන් සෙවනැලි බවට පත් කරවන දේ. ඒවගේම මනුෂ්‍ය ගති ඉවත් කරලා සහකම්පනය පමණක් ඉතිරි කරන්නෙත් දුරකථනයි. ඔය වගේ පැහැදිලි කිරීම් යද්දී පොඩ්ඩක් හොදට බලන්න. මොකද කතාව තුල පැහැදිලි කරලා පෙන්වන්න බැරි කරුණු කාරනා තමයි තව කෙනෙක් ලවා වෙන වෙනම උදාහරණ අරන් පෙන්වන්න හදන්නේ.

කොහොම කොහොමින් හරි සිඩ්ගෙයි ක්ලාක්ගෙයි කතාවට මෙලනි හොරෙන් කන් දීගෙනයි හිටියෙ. ඩේවිඩ් ක්ලාක්ට මානසික විදිහට බාර දීපු රහස් මෙහෙයුමේ කොටස කරන්න යද්දීම මෙලනි ක්ලාක්ට පගර දුන්නා. ඒකෙන් හොදටම පැහැදිලි වුනා මෙලනිගේ හිත මේ වෙද්දීත් ෆරූක් වගේම ඔලිවර් විසින් ඩැහැගෙන ඉවරයි කියලා. මෙලනි වගේ හොද චරිතයකට ඔය වගේ දෙයක් කරපු එක නම් අපරාදයක්. මොකද මේ කතාසමය පටන් ගත්ත දා ඉදලම පෙන්නුවේ මෙලනි ඔලිවර් නැතුව දුකින් ඉන්නවා කියලානේ. එත් කොහොමද එක පාරටම මෙලනි වෙනින් කෙනෙක්ගේ පාලනයකට නතු වුණේ? අද කොටස බලන ඔයාලට ඒ ප්‍රශ්ණ හැම එකකටම විසදුම් ලබාගන්න පුලුවන්. ඒවගේම තමයි ඩේවිඩ්ගේ රහසිගත මෙහෙයුමේ ලෙනීටත් කරන්න වැඩ කොටසක් තියෙනවා. එයා කොහොමද ඒ කොටස කරන්නේ කියලත් බලන්නකෝ එහෙනම්.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!!

 Torrents Download

| HDTV | x264 | SVA | 200MB |

E749EAFFA314994348CB950FE2A159F56DF6D043

Direct Download

| HDTV | x264 | SVA | 200MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Legion [S02 : E09]| මෙලනිට මොකද වුණේ? …

  • ashan lankanath

    Sense8 2016 Christmas special eke link dennako .

    Reply
  • Taj Deemantha Ranasingha

    Love over kiyna Short Movie ekata Sub denna Hell eka gena tiyena Eka loku Pin res wena deyak. Oyalge Subtitles wala qulity eka gena hithala thma Man me Yojanaw denne plz man godak Hoda rasikayek mage illima mata denna.plz meka Thailand shor movie ekak.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *