MENU

Life (2009) [E02]| උරගයින් සහ උභය ජීවීන්….

අද බොහොම සතුටු දවසක්. ඔයාලා දැනටමත් දන්නවා ඒ ඇයි කියලා. සුවහසක් වූ බයිස්කෝප් සිංහලෙන් රසික කැළ මෙන්ම බයිස්කෝප් සිංහලෙන් උපසිරැසිකරුවන් සියල්ල අද දිනයේ සතුටු වන්නේ වසර 9 ක් පුරාවට මේ ආ ගමන් මඟේ කොටස්කරුවන් වීම නිසාවෙන්මයි. අද දිනය ඔබ සැමට වෙනස්ම අත්දැකීමක් වෙනවා ඇති. ඒ අත්දැකීමේ සම්පත් දායකයෙක් වන්නට මටත් මේ විදියට අවස්ථාවක් ලැබුණා. සෑම සාර්ථක ගමනකම පිටුපස දුක් කම් කටොළු, කටෝර බාධක, කකුලෙන් ඇදීම්, පාවාදීම් සියල්ල සැඟව තිබෙනවා. ඒ නීරස අත්දැකීම් තමයි ශක්තිමත් ගමනකට පන්නරය වන්නේ. බයිස්කෝප් සිංහලෙන් අපටත් එසේමයි. අනෙකාගේ සතුට වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවන ආදරණීය මිනිසුන් රැසක් හමුවූ, ඉදිරියටත් හමුවන තොටුපළක් තමයි මේ අපේ අඩවිය. ඉදින් එහෙනම් ඒ තොටුපළට එකතු වෙන ඔබ සැමගේ ශුභාශිංසන සමඟින් තවත් චිරාත් කාලයක් සිංහල වෙබ් අවකාශයේ ජය කෙහෙළි නංවන්නට බයිස්කෝප් සිංහලෙන් අපේ අඩවියට ශක්තිය, ආශිර්වාදය ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.

පෘථිවය මත තම පැවැත්ම තහවුරු කරගැනීම සඳහා ජීවි කොට්ඨාශ විසින් වර්ධනය කරගෙන ඇති පුදුමය දනවන උපක්‍රම, ලොවක් ඉදිරියේ හෙළිදරවු කළ BBC Life (2009) රූපවාහිනී වාර්තා වැඩසටහන් පෙළේ දෙවන කොටස දිගහැරෙන්නේ ඩයිනෝසරයන් මේ මිහිමත රජ කරන යුගයටත් ප්‍රථමයෙන් ලොව බිහි වූ උරගයින් සහ උභයජීවීන් වටා. ඩයිනෝසර යුගය නැවත මතක් කරවන ඉන්දුනීසියාවේ කොමොඩෝ මකරුන්, වෙනිසුයුලාවේ පැන පැන ගොස් දිවි බේරාගත නොහැකි නමුත් දෙනෙත් පුදුම කරවන අන්දමේ උපායශීලිත්වයකින් යුතු ගෙම්බන්, දිය මත දිව යන කටුස්සන්, ඇඟිලි තුඩකට ගත හැකි කිසි ලෙසකින්වත් ජලයේ ගිල්විය නොහැකි බ්‍රසීල අඟුටුමිටි හූනන්, සිරුරේ උණුසුම පාලනය කරනු වස් ශරීරයේ පැහැය වෙනස් කරගන්නා අරුම පුදුම කටුස්සන්, තම සිරුරේ උණුසුම වැඩි කරගනු වස් ගැහැණු වෙස් ගන්නා කැනේඩියානු ගාටර් සර්පයින්, කරපටි තලගොයින්ගේ බිත්තර සොරා කෑමට ගරිල්ලා සටන් ක්‍රම අනුගමනය කරන හොස්ස එසවුණු හොග්නෝස් සර්පයින්, මුළු ජීවිතයම මුහුදේ ගත කළත් අභිජනනය උදෙසා විලෝපිකයින්ගෙන් තොර ස්ථානයක් ඉතාම උපක්‍රමශීලිව සොයාගන්නා ක්‍රේට් මුහුදු සර්පයින්, තම ඉදිරි පරම්පරාව රැක ගැනීමට තනිව වෙහෙසෙන රෞද්‍ර අප්‍රිකානු යෝධ ගෙම්බන් වගේම ඩයිනෝසර යුගයේ අත්දැකීමක් ලබාදන කොමඩෝ මකරුන්ගේ හරක් දඩයම ඔබ සැම වෙනත්ම මානයකට ගෙන යනු නිසැකයි.

ඉතින් ආරාධනා කරනවා හැමෝටම අද දවසේ අප අඩවියේ සාමාජිකයින් විසින් ඔබට සිංහල උපසිරැසි සහිතව නැරඹීමට අවකාශය ලබා දෙන මේ අගනා වාර්තා වැඩසටහනේ සියලුම කතාංග නරඹන්න. ජිවිතයට වටිනා යමක් එක් කරගන්න. සුපුරුදු විදියටම අදහස් ප්‍රකාශ කරන්න. ඔබ සැමට ජයෙන් ජය..! අපි බයිස්කෝප් සිංහලෙන්.. හැමදාමත් ඔබ සමඟයි.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 3.9GB |    

966DCFABCBCC6ECA94A36869A331748E785399AA

Direct Download

| Bluray | x264 | 720p | 400MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *