MENU

Life (2009) [E06] | කෘමින්ගේ ලෝකය…

කෘමින් කියන්නේ බොහොම පුංචි හැබැයි හිතාගන්න බැරි නිර්මාණ කරන ජීවින් පිරිසක්. බයිස්කෝප් අපිත් වෙලාවට කුහුඹියො වගේ, මි මැස්සෝ වගේ. එකම වෙනස අපිට රජෙක් නැහැ නමුත් බයිස්කෝප් අඩවිය අපිට රාජධානියක්. අද මේ වෙනකම් ආව ගම පුරාවටම අපි ඒ දේ පෙන්නුවා. ඉතිං ඔන්න මේ කතාංගයෙනුත් ඒ දේ පෙන්නුවා. මේ කතාංගයට හිමිකම් කියන්නේ “බයිස්කෝප් සිංහලෙන්” කියන උපසිරසිකරුවා. මේ වෙලාවේ ලිපිය ලියනකොට මතක් වෙනවා අපි ගේම් ඔෆ් ත්‍රෝන් එක මේ විදියටම ලබා දුන්න විදිය ගැන. ඇඩ්මින් මඩුල්ල එකතුවෙලා හිරවෙලා තිබ්බ ගේම් ඔෆ් ත්‍රෝන් කතා මාලාව කොහොම හරි ඉවරයක් වෙන තැනට ගෙනල්ලා රොයිලිගේ දෑත මත ආරක්ෂිතව තැබුව හැටි. ඒ මතකය අලුත් කරවමින් නැවත ඒ විදියටම මේ කතාංගය ඔබ වෙත ගෙන එනවා.  අද මේ මතකය අලුත් කරන්න මේ උපසිරස වෙනුවෙන් හසන්ත වික්‍රමරත්න, අසංක රණතුංග, අශාන් විමුක්ති සහ යශෝධ ශ්‍රීමාල් කියන ඇඩ්මින් සොයුරන් සිව් දෙනා එකතු උනා.

අපි නොදකින ලෝකයකට දොරගුළු විවර කරනවා. අපි ඕනෑතරම් පොඩි පොඩි කෘමි සත්තුන්ව දකිනවා. හැබැයි අපි කවදාවත් ඒ සත්තුන්ට ලං වෙලා බලන්නේ නැහැ නේද ඒ සත්තුන්ගේ ජිවිතේ මොනවගේද කියල. අපි හිතනවට වඩා අපිට දකින්න තියෙනවට වඩා අපි දන්න සත්තු ගැන දනනවා කියල හිතන තරමට වඩා ගොඩක් අභිරහස් ඒ පොඩි සත්තු ඇතුලේ රැස්වෙලා තියෙනව. අද කතාංගයෙන් දැකගන්න පුළුවන් ඒ සත්තු බහුතරයකගේ අභිරහස් ගැන. ඒ වගේම මේ ලෝකේ වැඩියෙන්ම ඉන්න සත්ව වංශයත් මේ කෘමි සතුන් අයිතිවෙන සත්ව වංශය. අමතක කරන්න එපා මහා විද්‍යාඥක් වෙච්ච ඇල්බට් අයින්ස්ටයින් එක පාරක් කිව්වා. මේ ලෝකේ මි මැස්සේ සියලුදෙනාම වඳ වෙලා ගිය දවසට, මිනිසාත් මිහිමතින් තුරන් වීම ඇරඹෙන බව” ඉතිං අපි හිතනවට වඩා මේ පොඩි කෘමි සත්තු මේ ලෝකෙට වැදගත් වෙනවා. එහෙමනම් එන්න බයිස්කෝප් සිංහලෙන් සමගින් කෘමීන්ගේ ලෝකයට පියනගමු අපි…

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 3.9GB |    

966DCFABCBCC6ECA94A36869A331748E785399AA

Direct Download

| Bluray | x264 | 720p | 400MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *