MENU

Long quan xiao zi (2016) AKA Kung Fu Boys | ගල් ඉබ්බයි රට හාවයි

ගප්පි කියන නමින්ම හදුන්වන මෙම චිත්‍රපටිය නිකුත් වුණේ 2016 අගෝස්තු 5 වන දිනයි. පැය 2යි මිනිත්තු 38ක් දක්වා දිවයන මෙය නිශ්පාදනය කර තිබෙන්නේ මුකේෂ් ආර් මෙහ්තා, A.V අනූප් සහ C.V සාරථී යන ශිල්පීන් විසිනුයි.

අධ්‍යක්ෂනය සහ රචනය ජෝන් පෝල් ජෝර්ජ් විසින්. මෙම චිත්‍රපටිය drama/comedy ගණයට අයත් චිත්‍රපටයක්. බෙදා හැර තිබෙන්නේ E4 Entertainment වෙතින්. මෙයට ලැබී ඇති imdb දර්ශකය ඇසුවොත් ඔබට මෙය නරඹන්නම හිතේවි. Imdb 8.1 ක අගයක් හිමිකරගෙන ඇති මෙම නිර්මාණයකෝටි 3.1 ක ආදායමක් උපයා ගැනීමට සමත් වෙලා තිබෙනවා.

මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ළමා නළු චේතන් ජයලාල් (ගප්පි), ටොවිනෝ තෝමස් (තේජස් වර්කෙයි), ස්රී නිවාසන් (ආමිනාගේ සීයා) යන පිරිස විසින්.

මිකායිල් කියන්නෙ මේ කතාවේ ප්‍රධානම චරිතය. මිකායිල්, ගප්පි වගාවක් කරනවා. ඒ වගේම ගප්පියො විකුණනවා. මේ නිසා කොළණියෙ හැමෝම මේ පිරිමි ළමයව හදුන්වන්නේ ‘ගප්පි’ යන නමින්. ගප්පිගේ තාත්තා ධීවරයෙක්. ගප්පි කුඩා කාලයේදීම තාත්තා මුහුදේදී මියයනවා. තාත්තා මිය ගිය ශෝකයෙන් ගප්පිගෙ අම්මගෙ ශරීරය පණ නැති ඔත්පල කෙනෙකු බවට පත් වෙනවා. තාත්තා මිය ගියාට පස්සෙ ගප්පි තමයි අම්මව බලාගන්නේ. අම්මව නාවලා, පිරිසිදු කරලා, කවලා, පොවලා ගප්පි අම්මව ආදරෙන් බලාගන්නවා.

මේ ගප්පිගෙ හිතේ ලොකු ආශාවක් තියනවා එයාගෙ අම්මට අලුත් පන්නයේ රෝද පුටුවක් අරන් දෙන්න. ඉතින් ගප්පි, ගප්පි මාළුවෝ විකුණලා ලැබෙන සල්ලි බොහොම පරෙස්සමින් ඉතිරි කරගන්නවා.

මේ කොළණියේම ඉන්නවා ලස්සන ගෑණු ළමයෙක්. එයාගෙ නම ආමිනා. ගප්පි ක්‍රිස්තියානි වුණත් ආමිනා මුස්ලිම් දැරිවියක්. ආමිනාගේ ලස්සන කොතරම්ද කියනවානම් ගප්පි ඇතුළු මුළු කොළණියේම පිරිමි ළමයි ඉන්නෙ ඇයට වහ වැටිලා. නමුත් මේ ආමිනාගේ හිත ඇදිලා යන්නෙ ගප්පිට විතරයි.

මෙහෙම දින ගෙවිලා යද්දි මේ කොළණියට පාලමක් හදන්න ඉන්ජිනේරු මහත්මයෙක් එනවා. ඔහු නමින් ‘තේජාස් වර්කෙයි’. ඔහුගේ සම්ප්‍රාප්තියත් සමග ගප්පිගේ සහ ඔහුගේ ජීවිතවල යම් වෙනස්කමක් සිදුවෙනවා. මේ විදිහට තමයි කතාවෙ ආරම්භය සිද්ධ වෙන්නෙ.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 720p | 1.9GB |

70ef54d30d281f4abef61b3aaa75a45907a76be8

| HDRip | x264 | 720p | 2.3GB |

5f8f234e6a93076c0253ed593c4f374d02e838d7

 Direct Download

| HC HDRip | x264 | 480p | 400MB |

| HC HDRip | x264 | 720p | 870MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Long quan xiao zi (2016) AKA Kung Fu Boys | ගල් ඉබ්බයි රට හාවයි

  • salinda

    මේ ලිපිය වැරදියි ..

    Reply
  • ජගන්නාථ

    නම හා අන්තර්ගතය වැරදියි.

    Reply
  • stefn kavii

    mata film eka hoya ganna vidiyak nathuwa hitaya film elata thank you

    Reply
  • Nadun wickramanayaka

    Mata meke subtitles hoya ganna ba ne baiscope eke meke subtitle nadda mata download karanna penne na

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *