MENU

Lost in Space (2018) [S01 : E01]| නව ලෝකයකට පිය මැනීම…

යම් තැනක අතරමන් වීම තරම් බයානක දෙයක් ලොව කොහෙත් නැතුව ඇති, ඔබ දන්නේ නැහැ ඔබ දිවි ගලවා ගනී දැයි කියා, මේ වගේ වෙලාවක තමුන් ආදරය කරන උදවිය ගැන, මෙතෙක් ගතකල ජීවිතය ගැන මොන තරම් නම් දේ මතක් වෙනවා ඇති ද? නමුත් හිතන්න මේ වෙලේ තමුන් ඉන්නේ තමුන්ගේ ආදරණිය පවුල එක්ක කියල… විශ්වාසයි අර කලින් කිව්ව බයානක හැඟීම වගේ කිහිප ගුණයක් බයානක හැඟීමක් ඇති වේවි ඔබේ සිතට, මොකද තනියම නැති වෙන තමුන්ගේ ජීවිතය වගේ නෙමෙයි දැන් තමුන්ගේ ජිවිතයේ ආදරණීයම මිනිසුන් තමුන් එක්ක අතරමන් වෙලා ඔවුනට මොනවා වේවි ද? නමුත් මේ බයානක කමම විටෙක අස්වැසිල්ලක් වෙන්නට හැකි. ඉතින් මේ සුදානම එහෙම ගමනක නිරතවෙන පවුලක් හා බැදුන අතිවිශිෂ්ඨ ටෙලි කතා මාලාවක් ඔබ වෙත තිලින කිරීමටයි…

කතා මාලාව ගැන හාර අවුස්සනට පෙර මම හිතුවා මේ කතා මාලාව ඔබ වෙත අරගෙන එන්නට මුලික වුන තැනැත්තා මුහුණු පොතේ මේ ගැන සඳහන් කරපු දේ ඔබ වෙත අරගෙන එන්නට… නමින් අශාන් විමුක්ති නැතහොත් විමා වන ඔහු කිව්වේ මෙහෙම දෙයක්…

The 100 + Terra Nova වගේ කතා සංකල්ප දෙකක එකතුවකුයි. වොකින් ඩේඩ් එකේ ශේන් වගේ තමන්ගේ ලඟම ඉන්න මිතුරෙක් වෙච්ච බොරුකාර හතුරෙකුයිි, අල්ට්‍රෝන් වගේ ශක්තියක් තියෙන එලියන් රොබෝ කෙනෙකුයි. ඔය කියපු මරු බඩු සෙට් එකක් එක කතාවක ඉන්නවා කියල.. අනිවා කට්ටිය ඇබ්බැහිවෙන කතාවක්…❤ කාලෙකින් දුෂ්ඨ චරිතෙකට වෛර කරනවා… නොදකින් ඒ ගෑනි ?

ඉතින් ඔබ දකිනා ආරම්භය නමුත් මේ ටෙලි කතා මාලාවේ මුල් පුර්ව ප්‍රචාරක පටයත් එක්ක තමයි මොහුගේ මේ නොමද ආශාව ආරම්භ වෙන්නේ කොහොම නමුත් ඉතින් ඔන්න දැන් ඒ සිහිනය සැබෑ වෙන්න මුල්ගල තියන්නයි මම මේ සුදානම් වෙන්නේ.

ඔබත් 1990 ගණන් 2000 ගණන්වල මුල ජාතික රුපවාහිනිය නැරඹු දරුවෙකු නම් මතක ඇති අපි බොහොම අසාවෙන් බලා උන්න The Adventures of Swiss Family Robinson එහෙමත් නැත්නම් අපි දන්නා නමින් “රොබිසන් අන්දරය” නම් පවුලේ කතාව මතක ඇතුවාට සැකයක් නැහැ, සිංහල උපසිරසකරණය වගේම සිංහල හඬ මුසුවේ මහා දැවැන්තයෙක් වුන අතුල රන්සිරිලාල් මාමාගේ මුලිකත්වයෙන් අපි වෙත ආව ඒ සුන්දර කතා එකක් අපි බැදිලා හිටියේ ඒ තුල අපි දැක්ක ඒ සුන්දර පවුල නිසාවෙන් කියන එකයි මම හිතන්නේ. පවුලක් හරියට තමුන්ගේ ළමයින් වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්නට සුදානම් මවක්, පියෙක්. තමුන්ගේ සහෝදරයා, සහෝදරිය වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්නට සුදානම් මේ පවුල මගේ හිතේ නම් සදා රැදෙනවා විශ්වාසයි ඉතින් මේ කතාවේ මුලික වෙන්නෙත් ඒ වගේම රොබින්සන් පවුලක්…

මේ රොබින්සන් පවුල රේසලුට් නම් අභ්‍යවකාශ යානයේ ගමන් ගන්නා 24 වැනි කොලනියට අයත් කණ්ඩායමට තමයි අයත් වෙන්නේ. නමුත් මග දී ඇති වූ බාධකයක් හේතුවෙන් රේසලුට් මව් යානයට සිදු වෙනවා තමුන්ගේ කුඩා ජුපිටර් යානා මව් යානයෙන් මුදා හරින්නටා ඉතින් මෙහෙම යන රොබින්සන් පවුලේ යානය කඩා වැටෙන්නේ පෘථිවියට ආසන්න වායු ගෝලයක්, වායු පීඩනයක්, ගුරුත්වාකර්ෂණයක් ඇති ලෝකයක, ඒ තමයි ඔවුන්ට අත්විදින්නට ලැබෙන ප්‍රථම සුභ ආරංචිය හා එහි අවසානය මොකද මේ යානය කඩා වැටෙන්නේ අයිස් මිදෙන විලකට කිව්වොත් ඔබ හිතාවි මොනතරම් අවාසනාවක්ද කියල නමුත් එතනින් එය නතර වෙන්නේ නැහැ, ඒ විතරක්නම් මැදෑ… තමන්ගෙ දුවක් අයිස් අතර හිරවුණා. කොරේ පිටට මරේ කියන්නහේ ඒකට විසදුමක් හොයාගන්න ගිය වෙලෙ තමන්ගෙ බාල පුතත් අනතුරක් හේතුවෙන් මග හැරෙනවා. හැබයි ඉතිං පුතාව මගහැරෙන එකෙන් තමයි කතාව වෙනස් වෙන්නෙ ගන්නෙ මොකද ඒ අනතුරින් පස්සෙ ඔහුට හමුවන පිටසක්වල තාක්ශණයෙන් යුතු රොබෝවා නොහිටින්න.. කොටින්ම කිව්වොත් පුතාට වෙන ඒ හදිසි අනතුර නොවෙන්න මුලු රොබින්සන් පවුලම විතරක් නෙමෙ. මෙ වෙනකොට ඉතුරුවෙලා ඉන්න සමස්ත මානව වර්ගයාගෙම ඉරණම ඛේදාන්තයකින් නිම වෙනවා. ඉතිං අද පටං මෙලෙසින් දිග හැරෙන්නේ පිටසක්වල ලොවක අනතුරකට ලක්ව අසීරුවෙන් දිවි ගලවාගන්නා රොබින්සන් පවුල එම ග්‍රහ ලොවෙ වෙසෙන අරුම පුදුම දැවැන්‍ත සත්වයින්ගේත්, අරුම පුදුම ස්භාවික ව්‍යාසනයන්ගේත් අභියෝගයන්ට මුහුන දී සමස්ථ මිනිස් වර්ගයාවම ගලවාගැනීමේ අරුම පුදුම අන්දරයයි..

එහෙනම් මීලග කොටසින් ඔබ හමුවෙන්නම් ඉක්මනින්, අතරමන් වෙන්න කැමති ඔබත් ඔබේ අදහස් දක්වා යන්න මේ Adventure, Drama, Sci-Fi කාණ්ඩ නියෝජනය කරනා Netflix ආයතනයේ අලුත්ම ටෙලි කතා මාලාවට. ඔබ සැමට ජය වේවා !!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x265 | 720p | 2.2GB | Complete S01 |

4F5221BDD349927789F47B721423E8274A87162D

Direct Download    

| WEB-DL | x265 | 720p | 280MB |       

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Lost in Space (2018) [S01 : E01]| නව ලෝකයකට පිය මැනීම…

  • ගම්ලත්

    මේක බාගන්න බැහැනේ.. openload 1 වැඩ නැහැ. අනිත් එකේ file එක නැහැ

    Reply
  • Thilanka Jaya

    meke weda nane.. weda karana 1k diyallako. complete seassion 1 tama.
    kage laga hari tiyanawa nam link 1 danna me mail 1t a
    [email protected]

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *