MENU

Lost in Space (2018) [S01 : E02]| විශ්වයේ රහස් සහ මිතුරන්ගේ රහස්….

විශ්වයේ තනිවුන පවුලේ කතාව බලන්න ඇති ඔබත් ආරම්භයක් ගන්න ඇති කියලා හිතනවා, තවත් සමහරෙක් අපි හැම කොටසක් වෙනුවෙන්ම උපසිරස ලබා දෙනකම් බලා ඉන්නවා වගේ හැඟීමක් මට දැනුනේ. ඔන්න ඒ උදවියට සුභ ආරංචියක් තියනවා, කතාවේ උපසිරස අයිතිකාරයා විමාට අනුව මේක මේ මාසේ ඉක්මනින්ම සියලුම කොටස් ඔබ වෙත ලබා දී අවසාන කරනවා කියලයි කියන්නේ.

ඉතින් මුල් කොටස බලන්න ඇති කියල හිතනවා මතක නැති උදවිය ඉන්නවා නම් පොඩ්ඩක් මතක් කරන්නම්කො… මොකද මම මුල් කොටසේ ලිපියෙන් වැඩ කරුණු කාරනා හිතා මතාම ලබා දුන්නේ නැහැ… ඉතින් මේ කතාව ආරම්භ වෙන්නේ 2046 අපේ පෘථිවිය දිහාට එන උල්කාෂ්මයක් හේතුවෙන් ලෝක වාසීන් දක්ෂතා තියන උදවිය එක්කාසු කරගෙන මේ ලෝකය හැර යනවා, එහෙම යන 24 වැනි කණ්ඩායමේ එක පවුලක් වුන රෝබිසන් පවුල තමයි මේ කතාවේ මුලික වුනේ… ඉතින් අපි දැක්කා රෙසලුට් මව් යානයට එල්ල වුන ප්‍රහාරයක් නිසාවෙන් එකේ මගින් තමුන්ට වෙන්වුන ජුපිටර් යානා යොදාගෙන මව් යානය හැර යන හැටි. ඉතින් පෙර වාසනාවකට රොබින්සන් පවුල කඩා වැටෙන්නේ පෘථිවියට බොහොම ආසන්න පරිසරයක් තියන ලෝකයකට. මේක ඔවුන්ගේ සිතියම්වල පවා සටහන් නැති ලෝකයක්.

මේ ලෝකයේ ආරම්භයම ඔවුනට කරදරයක්, අම්මාගේ කකුල කැඩෙනවා. සීතලෙන් මිදෙන්නට බැටරියක් ගේන්න යන ලොකු දුව ජූඩි විලේ වතුර ගල් වීම නිසාවෙන් හිර වෙනවා. ඇයව ගලවා ගැනීමට මැග්නීසියම් ගේන්නට පියා එකක් ගිය විල් ඇද වැටෙන්නේ මෙතෙක් නොදුටු වෙනමම පරිසරයකට. මේ අතරේ ජූඩි බේරා ගැනීමේ මෙහෙයුමට දෛවය හරස් වෙන්නේ නොහිතු වැස්සක් ඇද හැලීම නිසාවෙන්. මේ ඔක්කොම අස්සේ පෙනීට සිද්ධ වෙනවා මවගේ කකුලේ පීඩනය මුදා හරින්නට සැත්කමක් කරන්නට… නමුත් ඒ ඇයගේ කැමැත්තෙන් නෙමෙයි මොකද මේ වැඩ සඳහා දක්ෂයා වෙන්නේ හිමේ හිරව ඉන්න ජූඩි… නමුත් ඒ වැඩේ කොහොම හරි ගොඩ ගිය හැටි මතක ඇති නේ… මේ ඔක්කොම අස්සේ විල් නව මිතුරෙක් හඳුනා ගන්නවා, එයාගෙන් ලැබුන දායකත්වයත් අමතක නැතුව ඇති කියලා හිතනවා….

ඒ ප්‍රධාන පවුලේ කතාව, මේ ඔක්කොම අස්සේ අපි දැක්කා හොර දොස්තර ස්මිත් නෝනාගේ ආගමනය, ඒ වගේම එයා රොබින්සන් පවුල නොදන්නා යමක් දන්නා බවත් දකින්න ලැබෙන්න ඇති. ඉතින් එහෙමයි මුල් කොටස අවසාන වුනේ….

අද එතැන් සිට… මේ වෙනකොට රෝබෝ ගැන රොබින්සන් පවුලේ උදවිය එක එක මතවල… ඔය ඔක්කොම අස්සේ අපි අද දකිනවා හොර දොස්තර ස්මිත් නෝනා හා එයාගේ යානයට වුන දෙය…. ඒකෙන් දිවිගලවා ගත්තවුන් හා ඔවුන්ගේ ඉරණම… මේ ඔක්කොම එකක් පුංචි රොබින්සන් හා දෙමව්පියන් යනවා සවාරියක් ඒ වෙලේ ඔවුන් රෝබෝ යානය එහෙමත් බලන්න යනවා… ඒ වෙලේ රොබින්සන් නෝනා බොහොම පුදුම වෙනවා පෘථිවි වාසීන්ගේ දැනුම ගැන, මේ එක්කම දෙකොනකින් රහස් එහෙමත් හෙළි වෙනවා….

මේ ඔක්කොම ටික එහෙම මේ කොටසින් බලාගන්න ඔබට භාරයි… මම යනවා මට තව එක කොටසයි තියෙන්නේ ඔබ වෙත ගෙන එන්න ඉන් පසු ඔබ කතාවේ නියම අයිතිකරුවට භාරයි… එහෙනම් ඊලග කොටසත් එකක් ඉක්මනින් හමුවෙමු. ඔබ සැමට ජය වේවා !!!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x265 | 720p | 2.2GB | Complete S01 |

4F5221BDD349927789F47B721423E8274A87162D

Direct Download    

| WEB-DL | x265 | 720p | 336MB |       

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Lost in Space (2018) [S01 : E02]| විශ්වයේ රහස් සහ මිතුරන්ගේ රහස්….

  • අලුත් tv series akak හොය හොයා හිටියේ… මේක පට්ටනෙ…. දිගටම sub aka danada bro… sub එකට thanks….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *