MENU

Lost in Space (2018) [S01 : E04] | පවුලේ සවාරිය….

 

හොඳයි එහෙනම් මේ සුදානම Lost In Space කතා මාලාවේ මම ඔබ වෙත ගෙන එන අවසාන උපසිරස ඔබ අතට පත් කිරීමට. විමාගේ ආරාධානාවක් මත ඔබ වෙත ගෙන එන්නට ආරම්භ කරපු මේ වැඩේ කොහොම හරි දවසකට එකක් කොටාගෙන ඔබ වෙත ගෙන එන්නට හැකි වුනා, යන්තම් දැන් පොඩි විවේකයක් ගන්න හැකි මට. මෙතනින් එහා කොටස් ටික විමා ඔබ වෙත අරගෙන එයි. නමුත් මේක කියන්න ඕන අපි හැමෝම අපේ වැඩ තියාගෙන මේ දේ කරන්නේ ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් බලා ඉන්න ඊලග කොටස හෙටම ලැබුනේ නැහැ කියලා බැනලා කමෙන්ට් කරන්න, විද්‍යුත් ලිපි එවන්න නම් පටන් ගන්න එපා….

හරි එහෙනම් අද කොටස ගැන කියනන් කලින් තුන්වැනි කොටස ගැන පොඩ්ඩක් මතකය අවදි කරගෙන ඉම්මු. කලින් කොටස සිට් කොම් එකක බොට්ල් එපිසෝඩ් එකක් වගේ ජුපිටර් යානය ඇතුලෙම තමයි ගත වුනේ අවසාන මිනිත්තු කිහිපය වෙනකම්ම. කතාව ගලා ගියේ යානය හිර වෙලා තිබ්බ අයිස් තට්ටුවේ සිදුවන හදිසි කඩා වැටීමක් නිසා යානය එහි හිර වීම හා ඉන් ගැලවෙන්නට රොබින්සන් පවුලේ උදවිය දරන වෑයම එකක්. මේකට හේතුව වුනේ කලින් කොටසේ රොබින්සන් නෝනා හා මහත්තයා ගලවා ගන්න පෙනී කරපු දේ කියලත් පොඩි කතාවක් යනවා, නමුත් මේ ඔක්කොම වෙනස් වෙන්නේ යානයේ එන්ජිමේ දෝෂයක් එකක්, ඒක බලන්න ගියාම තමයි ඔවුනට පසක් වෙන්නේ යානයේ ඉන්ධන මට්ටම පහල යාමක් සිද්ධ වෙන බව…. ඒ දෝෂය නිරාකරණය කරගෙන යනකොට කොරේ පිටට මරේ කියන්නා වගේ රොබින්සන් පවුල දැනගන්නවා ඔවුන්ගේ යානයේ ඔවුන් තනි නැති බව. ඒ යොදා ආදන් වැනි යානයේ ඉන්ධන මත යැපෙන ජීවින් පිරිසක් නිසාවෙන් මොවුන්ගෙන් බොහොම කරදර එල්ල වුනත්, ජෝන් ගේ නිර්භීත කම, මොරීන්ගේ දැනුම හා ජූඩිගේ තැනට සුදුසු නුවන එකක් මොවුන් කොහොම හරි යානය මුදවා ගන්න සමත් වෙනවා. නමුත් ඔය ඔක්කොම අස්සේ හොර දොස්තර කරන්න හැදුව දෙයත් අමතක නැතුව ඇති, නමුත් දෛවයේ සරදමකට වගේ ඇයට සිද්ධ වෙනවා විල් එකක් බඩු ගබඩා කරන කාමරයක හිරවෙලා මේ සියල්ල යම් තරමකට හෝ අවසාන වෙන තෙක් ඉන්න. නමුත් විල්ගේ ලපටි සිත නොමග යවා එතනින් ගැලවෙන ඇයගේ සිත ආයේ වෙනස් වෙන හේතුව නම් අභිරහසක්… කොහොම නමුත් විල් හා රෝබෝ අතර සම්බන්ධය තවත් වැඩි වෙන බව අපි දැක්කා….

එහෙනම් අද කොටස, දැන් යානය වෙනමම තැනක, කට්ටියත් බොහොම සතුටෙන්, ඔවුන්ගේ සුදානම යානය නිවසක් හැටියට සුදානම් කරන්නට හැකි ක්‍රියා පටිපාටියක් ක්‍රියාත්මක කිරීමට. නමුත් මේ වැඩේ භාර වෙන්නේ පෙනී හා විල් හට මොකද මව, පියා ජුඩිත් සමග යනවා අනික් ජුපිටර් යානයක දිවිගලවා ගත්ත මිතුරන් පිරිසක් බලන්න. මේ යන ගමනේ දී ඔවුන් තවත් ජුපිටර් යානා ගැන දැනගන්නවා වගේම ඩොන් නම් පුද්ගලයෙකුත් හඳුනා ගන්නවා. මේ එකක්ම මව්පිය පිරිස හා ළමයින් වෙන වෙනම ලෝක ගවේෂණය එකක් තමයි අද කතාව ගලා යන්නේ…. නමුත් මේ ඔක්කොම ඇතුලේ ජූඩි රහසක් දැනගැනීම, ඒ රහස නිසා කිහිප දෙනෙකුගේ හිත් රිදීම සිද්ධ වෙන හැටි. හොර දොස්තරගේ යටි උපාය වගේ ගොඩක් දේ බලාගන්නට හැකි… වැඩි කතා ඕන නැහැ එහෙනම් ඔබම බලාගන්නකෝ මොකද වෙන්නේ කියල…

එහෙනම් ඊලග කොටසත් එකක් විමා සහෝ ඔබ හමුවට එයි, එතෙක් මම සමු ගන්නවා, වෙනත් උපසිරසක් එකක් නැවත හමුවෙමු. එහෙනම් ඔබ සැමට ජය වේවා !!!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x265 | 720p | 2.2GB | Complete S01 |

4F5221BDD349927789F47B721423E8274A87162D

Direct Download    

| WEB-DL | x265 | 720p | 269MB |       

   

| WEB-DL | x264 | 720p | 470MB |       

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Lost in Space (2018) [S01 : E04] | පවුලේ සවාරිය….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *