MENU

Lost in Space (2018) [S01 : E05] | සුපුරුදු අමුත්තෙක්….

ඔන්න එහෙනම් සමිරගෙන් පස්සේ බැට්න් එක මං ගත්තා මේ මාසය ඇතුලට ඉතුරු සියල්ලටම උපසිරසි ලබා දීලා ඉවරයක් කරන්න ගොඩක් උත්සහ කරනවා. වැඩ ටික ඉවර කරලදාලා අද හවස ගෙදර ආව ගමන් සබ් එක කරන්න ගත්තේ අදම දෙන්න ඔනවුණ නිසා මේ කොටස. ඉතිං මේ වෙනකම් කතාව බලපු අයට ටෙරානෝවා, ද 100 වගේ කතා මතක් වෙන්න ඇති නේද? ඒ කතාවලට හුරු පුරුදු පරිසරයක්. කතා පසුබිමක් තමා මේ කතාවෙත් ගලාගෙන යන්නේ. මම සමීරට මේක දෙමු බන් කියනකොට කිව්ව එක කාරණයක් තමයි අර කතා දෙකට කැමති උදවිය වෙනුවෙන් මේකත් දෙමු කියන එක. ඉතිං ඉක්මනට සබ් ටික කරලා දාන්න ඉන්ධන වශයෙන් ඉතිං බලන, බාගත කරන අයගේ අදහස් තමා ඕන කරන්නේ. වොකින් ඩේඩ් සහ අනෙක් හැම කතාවකින්ම නිදහස් වෙලා ඉන්න නිසා විවේකයෙන් ඉන්න ලැබෙන හැම තප්පරයක්ම ෆිල්ම් එකක්වත් නොබලා මේ වෙනුවන් පමණක් යොදවන්න තීරණය කලා. බලමු පිදෙන හැටියට අපිට ලැබෙන විදිය කොහොමද කියල ? එහෙමනම් කතාව ගැන සමීර කියපු විදියටම පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

ඉතින් සමීර කලින් කිව්වා වගේ මේ කතාව ආරම්භ වෙන්නේ 2046 අපේ පෘථිවිය දිහාට එන උල්කාෂ්මයක් හේතුවෙන් ලෝක වාසීන් දක්ෂතා තියන උදවිය එක්කාසු කරගෙන මේ ලෝකය හැර යනවා, එහෙම යන 24 වැනි කණ්ඩායමේ එක පවුලක් වුන රොබින්සන් පවුල තමයි මේ කතාවේ මුලික වුනේ. ඉතින් අපි දැක්කා රෙසලුට් මව් යානයට එල්ල වුන ප්‍රහාරයක් නිසාවෙන් එකේ මගින් තමුන්ට වෙන්වුන ජුපිටර් යානා යොදාගෙන මව් යානය හැර යන හැටි. ඉතින් පෙර වාසනාවකට රොබින්සන් පවුල කඩා වැටෙන්නේ පෘථිවියට බොහොම ආසන්න පරිසරය තත්වයක් තියන ලෝකයකට. මේක ඔවුන්ගේ සිතියම්වල පවා සටහන් නැති ලෝකයක්.

මේ ලෝකයේ ආරම්භයම ඔවුනට කරදරයක්, අම්මාගේ කකුල කැඩෙනවා. සීතලෙන් මිදෙන්නට බැටරියක් ගේන්න යන ලොකු දුව ජූඩි විලේ වතුර ගල් වීම නිසාවෙන් හිර වෙනවා. ඇයව ගලවා ගැනීමට මැග්නීසියම් ගේන්නට පියා එක්ක ගිය විල් ඇද වැටෙන්නේ මෙතෙක් නොදුටු වෙනමම පරිසරයකට. මේ අතරේ ජූඩි බේරා ගැනීමේ මෙහෙයුමට දෛවය හරස් වෙන්නේ නොහිතු වැස්සක් ඇද හැලීම නිසාවෙන්. මේ ඔක්කොම අස්සේ පෙනීට සිද්ධ වෙනවා මවගේ කකුලේ පීඩනය මුදා හරින්නට සැත්කමක් කරන්නට. නමුත් ඒ ඇයගේ කැමැත්තෙන් නෙමෙයි මොකද මේ වැඩ සඳහා දක්ෂයා වෙන්නේ හිමේ හිරව ඉන්න ජූඩි. නමුත් ඒ වැඩේ කොහොම හරි ගොඩ ගිය හැටි මතක ඇති නේ. මේ ඔක්කොම අස්සේ විල් නව මිතුරෙක් හඳුනා ගන්නවා, එයාගෙන් ලැබුන දායකත්වයත් අමතක නැතුව ඇති කියලා හිතනවා. ඒ ප්‍රධාන පවුලේ කතාව, මේ ඔක්කොම අස්සේ අපි දැක්කා හොර දොස්තර ස්මිත් නෝනාගේ ආගමනය, ඒ වගේම එයා රොබින්සන් පවුල රොබෝ ගැන නොදන්නා යමක් දන්නා බවත් දකින්න ලැබෙන්න ඇති

ඉතිං දැන් වෙන දේ ගැන කියනවනම් මේ වෙනකොට රොබින්සන් පවුලේ කට්ටිය අනිත් ජුපිටර් යානා තියෙන කට්ටියත් එක්ක එකතුවෙලා ඉන්නේ වික්ටර් තමා ඒ අයගේ නායකයා. ඉතිං දැන් රෙසලුට් යානය. එහෙම නැත්නම් ජුපිටර් යානාවල මව් යානය තවම අභ්‍යවකාශයේ අද මේ කට්ටියගේ ලැහැස්තිය පොලවේ ඉඳල අභ්‍යවකාශයේ තියෙන මව් යානයට තමන් ජිවත් වෙනවා කියල පණිවුඩයක් යවන එක. ඉතිං සියලුම සන්නිවේදනය සබධතා බිඳ වැටිලාතියෙන වෙලාවේ මේ වැඩේ කොහොමද වෙන්නේ කියල බලාගන්න පුළුවන් අද. ඒ වගේම අද මේ පිරිස අතරට අමුත්තා එනවා. බලමු ආවට පස්සේ මොකෝ වෙන්නේ කියල, ඊළඟ කොටසින් ඉක්මනටම හමුවෙමු !

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x265 | 720p | 2.2GB | Complete S01 |

4F5221BDD349927789F47B721423E8274A87162D

Direct Download    

| WEB-DL | x265 | 720p | 260MB |       

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Lost in Space (2018) [S01 : E05] | සුපුරුදු අමුත්තෙක්….

  • Lost in Space (2018) Me film eka download karaganna lesi link ekak ewannako

    Reply
    • Dilan Ranga

      ලින්ක් තමයි දිලා තියෙන්නෙ..

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *