MENU

Lost in Space (2018) [S01 : E08] | අවසන් බලාපොරොත්තුව…

ඔන්න එහෙනම් හති දාගෙන අටවෙනි කතාංගය, දකින්න ඇතිනේ ගිය සුමානේදී කට්ටිය ඉන්න ග්‍රහ ලෝකෙන් හැමෝටම යන්න ඕනකරන ඉන්ධන ටික අරගෙන එනකොට මගදී වෙච්ච අවාසනාවන්ත අනතුරක් නිසාවෙන් දැන් ඉන්ධන තියෙන්නේ ටික දෙනෙක්ට විතරක් මේ ග්‍රහ ලෝකෙන් පිටවෙන්න. ඒ වගේම විජේ හරහා වික්ටර් දැනගන්නවා ඒ දැනගත්ත වහාම වික්ටර් තියෙන ඉන්ධන වලින් තමන්ගේ පවුල ඒ ග්‍රහ ලෝකෙන් ඉවත් කරගන්න තීරණය කරනවා. ඔය දේවල් වෙන අතරවාරයේ රොබින්සන් යුවල භුමිකම්පාවකට මුහුණ දීලා තාර වැලක් ඇතුලට වැටෙනවා වාහනෙත් එක්කම. මැරෙන්න ඔන්න මෙන්න ඉදල අන්තිම මොහොතේ දෙන්නත් එක්කම ගොඩ එනව. ඒ කරදරේ වැටුන නිසා ඒ දෙන්නගේ දුරස් බව අමනාපකම් අයින් වෙලා දෙන්න ආයේ ලං වෙනවා. ඒ වගේම අර හොර දොස්තර හැතිරි රොබෝගේ කෑලි එකතු කරලා ආයේ ඒ රොබෝට ජිවය දීලා රොබෝව එයාගේ පාලනයට ගන්නයි උත්සහ කලේ. ඒත් වැඩේ උනේ නැහැ. අන්තිමේ විල් වීඩියෝ රෙකෝඩ් එකක් කරපු එක බලනකොට හොද දොස්තර දැනගන්නව පිටසක්වල යානයක් තියෙනවා කියල. ඒ වගේම හොර දොස්තරයා පාපොච්චාරණයක් කරනවා ඒත් ඉතිං ප්‍රේක්ෂකයින්ගේ අනුකම්පාව නම් දිනාගන්න බැරිවෙයි මොන දේ කිව්වත්.

ඉතිං අද කතාව වෙන්නේ පිටත්වෙන්න යන ජුපිටර් යානයට ජෝන් ඇතුල් වෙනවා හොඳ වෙලාවට ඒ දෙන්නත් ඒ වෙනකොට කිට්ටුවට ඇවිල්ලා. ඒ වගේම දැන් හොර දොස්තරයට ඕනා අර පිටසක්වල යානය හොයාගන්න. එයා හිතනවා ඒ යානය එක්ක මොකක් හරි සම්බන්ධකමක් ඇති කියල රොබෝට ආයේ පන දෙන්න. එහෙමනම් බලමු අද මොකෝ වෙන්නේ කියල. තව කොටස් දෙකයි ඒ දෙකත් මේ සුමානෙම අරගෙන එන්නම්!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x265 | 720p | 2.2GB | Complete S01 |

4F5221BDD349927789F47B721423E8274A87162D

Direct Download    

| WEB-DL | x265 | 720p | 285MB |       

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *