MENU

Lucifer [S03 : E07] | සැබෑ යක්ශයා!

මේ ඔයාලට ගෙනාවේ ලුසිෆර් කතාමාලාවේ හත්වන කොටස. ලුසිෆර් තෙවන කතාමාලාවේ කොටස් ටික ඉක්මනට ඔයාලට දෙන්න ඕනි නිසා මේක අපේ රවිඳු රුක්ශාන් මලයට කියලා තමයි උපසිරැසිය කරවගත්තේ. ඒ ගැන ස්තුතිය පුදකරන ගමන්ම හැරෙමු අද කතාවේ පැත්තට. කාලෙකට කලින් අසනීප වෙලා සිහිය නැතිවෙලා හිටපු කෙනෙක්ට අද ආපහු සිහිය එනවා. ඒ මිස්ට ගෙටි. කවුද කියලා නම් දන්නේ නැතුව ඇති ඔයාලා. එයා තමයි මනෝවෛද්‍යවරිය ඩොක්ට ලින්ඩාගේ හිටපු ස්වාමිපුරුෂයා. හිටපු කියලා කිව්වට දෙන්නා නීත්‍යානුකූලව දික්කසාදයකට ගිහින් නැහැ. පුවත්පත් මාධ්‍යවේදියෙක් විදිහට වැඩ කරපු ස්වාමිපුරුෂයයි මෙයයි අතර ආරවුලක් ගිහින් තමයි දික්කසාද වෙන්න හදන්නේ. ඩොක්ට ලින්ඩට මේ සම්බන්ධය ඉක්මනට ඉවරයක් කරන්න ඕනි කමක් තියෙනවා. මේ ස්වාමිපුරුෂයා සුවවෙලා රෝහලෙන් ඉවත්වෙලා ලින්ඩව බලන්න එද්දී ලුසිෆර් සුපුරුදු එයාගේ වැඩේ නිරතවෙලා ඉන්නවා. වැඩේ කිව්වේ එයාගේ කතාවාරයේ. මේ අමුතු හයේ හතරේ හාදයා ගැන එච්චර ඇල්ලුව නැති ගෙට් මෙයා ගැන හොයන්න පටන් ගන්නවා. සාධාරණ සැකයක් එනවා ගෙට් නැති ටිකට ලින්ඩා මෙයත් එක්ක සම්බන්ධකමක් පටන් ගෙනදෝ කියලා. ඒ නිසා ලුසිෆර් ගැන හොයන්න මෙයා පටන් ගන්නවා. ඒගැන අඟවන්නේ නැතුව මෙයා මාධ්‍යවේදීයක් නිසා ඒ බලයත් පාවිච්චි කරලා ක්ලෝයිටත් කොකා පෙන්නලා ක්ලෝයි, ලුසිෆරුයි එදාට ලැබිලා තියෙන පරීක්ෂකණය කරන විදිහ අධ්‍යනය කරනවා. අපරාධය විසඳද්දී මතුවන කුතුහලය දනවන සිද්දීන් නිසා ලුසිෆර් ගැන හෙවිල්ලට තියෙන ආසාව තවත් වැඩි වෙනවා. ඕනවටා ඕනිම දෙයක් ඕනිම නෑ නිසා මෙයා දකිනවා ලුසිෆර් කියන්නේ ඇත්තටම කවුද, තමන් මේ පැටලෙන්නේ එසේමේසේ හාදයෙක් එක්ක නෙවෙයි කියලත්..අන්තිමේදී ලුසිෆර් මරන්න පවා සැළසුම් කරනවා අපේ ගෙට් මහත්තයා. එහෙම තමයි අද කතාව වෙන්නේ. මේ කතාවත් බලමු එහෙනම්. ඩවුන්ලෝඩ් කරන ගමන් උපසිරැසි කරන්න උදව් උන රවිදු රුක්ශාන් මලයටත් ස්තූතියි කරගෙන යන්න.

 *-* ජය ශ්‍රී *-*

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 312MB |    

9F12BEAECFC004EEAADFC06277F2031BA3101AE6

| HDTV | 720p | MkvCage | 330MB |    

4D31040C3C4204C4FDFB7AA158FDFD9BE4850F3B

Direct Download

| HDTV | x264 | SVA | 312MB |  

   

| HDTV | 720p | MkvCage | 330MB |    

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *