MENU

Lucifer [S03 : E11]| ත්‍රෝබැක් ලුසිෆර්

ලුසිෆර් කතාමාලාවේ මිඩ් සීසන් ෆිනාලේ එකෙන් පස්සේ පොඩි නිවාඩුවක් ඔෆීශියල් විදිහට තිබුනට සබ් ගේනකොට නම් එහෙම එකක් තිබුනේ නැහැ. කතාමාලාවලට උපසිරැසි ගේන්න නවත්තපු නිසා පොඩි විවේකයක් ලැබුනු වෙලාවේ සහෝදර උපසිරැසිකරුවන් දෙදෙනෙක් අල්ලගෙන ලුසිෆර් ගොඩදාගත්තේ බොහොම අමාරුවෙන්. ඒකට රවිඳු රුක්ශාන් සහෝදරයටයි, නිලිපුල් සහෝදරයටයි විශේශ ස්තූතියක් පිරිණමන්න කැමැතියි. මෙතෙක් විකාශණය උන ලුසිෆර් කොටස් ඒ කියන්නේ පළමු එපියේ සිට දසවන එපිය දක්වා වල තිබුනු කොටස්වල සමාන්‍යෙන් සිදුවන සුපුරුදු පරීක්සශනයට අමතරව “සිනමෑන්” කියලා චරිතයක් වටා ගෙතුන කතාවකුත් එහෙන් මෙහෙන් ගියා ඔයාලට මතක ඇති. සිනමෑන් කවුද කියලා හොයාගන්න උත්සහ කරනවා කියලා ලුසිෆර් පරීක්ශකතුමියට නොකිව්ව අවසානයේදී පරීක්ශකතුමියටත් කියන්න සිද්ධ උනා. හිතුවේ නැති විදිහට ලොස්ඇන්ජිලීස් පොලිස් අංශයට මාරුවීමක් හම්බුන අලුත් ලුතිනන්වරයත් මේ සිනමෑන් හොයන්න ලුසිෆර් එක්ක එකතු උනා. මුලදි ඒ ඇයි කියලා ලුසිෆර්ට හොයාගන්න බැරිඋනත් ඒක අවසානයේදී දැනගන්නවා. කවුරුත් විශ්වාස නොකරපු විදිහට සිනමෑන් කියන්නේ අලුතින් මාරුවීමක් ලබාගෙන ආපු ලුතිනන්වරයා කියලා.

අද කතාව පැත්තට ගියොත් කතාව ටිකක් විශේශයි මොකද වෙනදා ගිය රටාවට නෙවෙයි අද කතාව යන්නේ, මාතෘකාව දැම්මා මගේ ලුසිෆර් මුල සිට යන සිද්ධියක් තියෙන්නේ. ඒ කියන්නේ එයා කොහොමද ලොස්ඇන්ජිලීස් වලට ආවේ ඇමෙනඩිල් ඇයි එයාව මුලදි අපායට ගෙනියන්න හදන්නේ, ඇයි ලුසිෆර්ට ලොස්ඇන්ජිලීස් නගරයේ ඉන්න ආසවක් ඇති උනේ ඔය කතාවලට උත්‍තර හොයාගන්න පුලුවන් වෙනවා, එතකොට අපේ පරීක්ෂකතුමිය ඒ කාලේ සාමාන්‍යයෙන් ඔෆිසර් කෙනෙක්. එතකොට ඒ කාලේ ඩෑන් එක්ක තමයි යාලුවෙලා හිටියේ. ඩෑන්ට ඕනි එයාවත් තමන් වගේ පරීක්ෂකවරයෙක් කරන්න.ඒ නිසා එයාගේ උදව්වට ක්ලෝයිවත් එකතු කරගන්නවා. ඔහොම‍යි අද කතාව යන්නේ. ලුසිෆර් බැලුවේ නැතිකෙනෙක්ට අද එපිය බැලුවොත් ඊළඟ එපිය බලලා මුලු සීසන් දෙකම බැලුවා වගේ ඉන්න පුලුවන් ?. ඊලග කතාව එන්නේ ජනවාරි 19. එහෙනම් ඊලග උපසිරැසියෙන් මුණගැහෙමු.

*-* ජය ශ්‍රී *-*

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 328MB |    

D20B2B330EF02726AAC064FAFFC74F2A236CD280

Direct Download

| HDTV | x265 | 720p | 255MB |  

   

| HDTV | x264 | SVA | 328MB |    

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “Lucifer [S03 : E11]| ත්‍රෝබැක් ලුසිෆර්

  • ADe lucifer ithuru sub tika diyallako den godak kal bn ithuru tika balanna widihak nethiwa

    Reply
  • NEthnam sub tika download karaganna widihak kiyahanko

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *