MENU

Lucifer [S03 : E12]| ලුසිෆර් නැවතත්…

මුලින්ම කියන්න තියෙන්නේ මේ කතාව දින සති මාස ගනන් නොදී ලුසිෆර් සිංහල සබ් ඩවුන්ලෝඩ් කරන බයිස්කෝප් ප්‍රේක්ශකයන් සුලු කාලෙකට අතරමං කරපු එකට සමාවෙන්න කියලා තමයි. නොහිතපු විදිහට වැඩ එකපිට එක වැටුනු නිසා කතාව කරන එක පස්සට ගියා. ලුසිෆර් කතාමාලාව අතහරින්නම බැරි නිසා තවත් සහෝදර සහෝදරියන් කීපදෙනෙකුගේ උදව් ඇතිව ලුසිෆර් කතාමාලාව තුන්වෙනි කතාසමයතෙක් සම්පූර්ණ කරන්න කතාකරගත්තා. හරි එහෙනම්  වැඩි කතාවක් නැතුව කතාවේ පොඩි සාරාංශයක් කියන්නම්.

ඔයාලා දන්නවා ඇති කතාවට අලුත් චරිතයක් ආවා. පියර්ස් කියලා එයා ආවේ පොලිස් අංශයට අලුත් ස්ථානමාරුවීමක් වෙලා ආව ලුතිනන් කෙනෙක් හැටියට. මුලු පොලිස් නිළධාරිවරුන්ගෙන්ම බොස් එයා.  ඒනිසා එතන වැඩකරගෙන හිටපු කවුරුත් එයා ගැන දන්නේ නැති නිසා වැඩිය එයත් එක්ක රාජකාරීවැඩකට හැර පෞද්ගලික කතාපස්සේ ගියේ නැහැ. පියර්ස් ආපුදවසේ ඉඳලා ක්ලෝයි පොඩ්ඩක් වෙනස් වෙලා කියලා තමයි ලුසිෆර් හිතන්නේ. වැඩකරන කවුරුත් එයාගැන දන්නේ නැතිනිසා ලුසිෆර්ම මෙයා ගැන හොරෙන්ම හොයනවා. කලින් කතාවේ අන්තිමට දැක්කා එයා කවුද කියලා දැනගන්නවා. පියර්ස් එහෙමත් නැත්තම් කේන් කියලා හඳුන්වන කෙනා දෙවියන් විසින් ලෝකෙට හඳුන්වාදීපු අමරීණය ඝාතකයෙක් ඝාතකයෙක් කියලා කිව්වට දඬුවම් දෙන්නෙක්. අවුරුදු දහස් ගනන් ජීවත් වෙලා ඉඳලා සදාකාලික මරණයක් බලාපොරොත්තුවෙන් පියර්ස් වැඩකරනවා කියලා ඔයාලට තේරුම් යන්න ඇති.ඒකට එයා විවිධ උත්සහයන් ගන්නවා ලුසිෆර් සහ ක්ලෝයී යොදාගෙන. මොකද පියර්ස් දන්නවා ලුසිෆර් කියන්නේ දිව්‍යමය කෙනෙක් කියලා. ඔක්කොම දෙවියන්ගේ පුතාලනේ ? ලුසිෆර් ක්ලෝයිවත් අනතුරේ දාලා මේ පියර්ස් කරන සෙල්ලමට කැමති නැහැ. එයා පොරොන්දුවක් වෙනවා එයාට සදාකාලික මරණයක් ලබාදෙන්න වගබලාගන්නවා කියලා. ඒදෙන්නගේ හුටපටය පැත්තකින් යද්දී අනෙක් පැත්තෙන් අපේ වෛද්‍යවරියයි ඇමෙනඩිලුයි අතරේ පුංචි පහේ සබදතාවයක් ගොඩනැංවිලා. ඒක කොච්චර බරපතලයිද කියනවා නම් මේ දෙන්නගේ යාලුකමට, මේස් ඊර්ෂ්‍යා කරන්න තරම් විදිහට සංකීර්ණවෙලා. මේස්ගේ පෘතුවියේ ඉන්න හොඳ යාලුවෙක් තමයි අපේ වෛද්‍යවරිය, අනික ඇමෙනඩිල් කියන්නේ දන්නකාලේ ඉඳන් අපායේ/දෙව්ලොවේ එකට හිටපු කෙනා. ඒ නිසා මෙයාගේ ඒ ඊර්ෂ්‍යාව ඒ දෙන්නට නොපෙන්නුවත්  හිත යටින් මෙයා ඉන්නේ තරහකින්. එහෙම තමයි කතාව මූලික හරය අද. ඊට අමතරව සුපුරුදු පරිදි පරීක්ශණයක් වැටෙනවා ක්ලෝයිට. ඒකට බලෙන්ම ලුසිෆර් උදව් කරන්න යනවා, මොකද පියර්ස්ගේ වැඩේට ක්ලෝයිගෙන් අනාගතයේ උදව්වක් ගන්න බලාපොරොත්තුවෙන්. එහෙනම් සුපුරුදු ආයෙමත් කතාව රසවිඳින්න කියලා ආරාධනා කරනවා. ඊලග කතාකීපයම උපසිරැසිකරුවක් කීපදෙනෙක්ම ඔයාලට අරගෙන ඒවී.

                               *-*ජය ශ්‍රී*-*

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 320MB |    

40333CAE0FEC014FEA8D7EB601E96ADF0462FCE1

Direct Download

| HDTV | x264 | SVA | 320MB |    

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *