MENU

Lucifer [S03 : E13] | මරණය අපව වෙන් කරන තුරු…

කොහොමද ලුසිෆර් රසික රසිකාවියනි. ඔන්න එහෙමනම් මග නැවතිලා ලුසිෆර් කතාවේ තවත් එපියකට මම උපසිරසි ගෙනාවා. මේක කලේ යසිරු සහෝගෙ ඉල්ලීම මත. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.

ලුසිෆර් සෑහෙන වෙහෙස මහන්සියක් දරනවා ලුතිනන්ව ඒ කියන්නෙ කේන්ව මරණ විදිහක් ගැන හොයාගන්න. ඇත්තටම ඉතින් ලුසිෆර් මෙහෙම කරන්නෙ කේන් ගැන තියෙන ආදරේකට හිතවත්කමකට එහෙමනම් නෙවෙයි. ලුසිෆර්ගෙ මූලික අභිප්‍රාය වෙන්නෙ තමන්ගෙ පියාණන් වෙන දෙවියන්ගෙන් පලිගන්න එක. දන්නවනේ ඉතින් ඒක වෙනුවෙන් ලුසිෆර් ඕනෙම දෙයක් කරන්න ලෑස්තිපිට ඉන්නෙ කියලා. ඉතින් ඒකට ක්‍රමයක් හොය හොයා ඉන්දැද්දී මේස් ලුසිෆර්ට පොඩි අදහසක් දෙනවා. ඒ තමයි කේන්ගේ දුර්වලකම හොයාගන්න කියන එක.

ඉතින් ඔන්න ඔය දේවල් ඒ විදිහට වෙද්දී අදත් අපරාධයක් විසදන්න සිද්දවෙනවා. නාගරික ප්‍රදේශයකදී දර කපන මැෂිමකට දාලා විද්‍යා ගුරුවරියක්ව හරිම අමානුෂික විදිහට ඝාතනය කෙරෙනවා. ඉතින් මේක විසදන වැඩේ බාරගන්නේ ක්ලෝයි. ලුසිෆර්ට ඕන කරලා තියෙන්නෙ කොහොමින්හරි ලුතිනන්වත් මේකට සම්බන්ධ කරගන්නමයි. ලුසිෆර් අන්තිමේ ඒ කාර්යයත් ඉතාමත් මැනවින් ඉෂ්ට සිද්ද කරගන්නවා කිව්වොත් නිවැරදියි. ඉතින් මේ නිසාම ලුතිනන්ට සිද්ද වෙනවා මේ මිනීමැරුමේ සුලමුල හොයාගන්නට ලුසිෆර් සමගින් රහසිගතව ඒ මියගිය කාන්තාව වාසය කළ ප්‍රදේශයේ පදිංචියට යන්න.

ක්ලෝයිගේ සහ ලුතිනන්ගේ අභිප්‍රාය හුදෙක්ම ඝාතකයා අල්ලාගැනීම වුවත් ලුසිෆර්ගෙ අරමුණ වෙන්නේ කේන්ගේ දුර්වලකම හොයාගන්න එක. ඉතින් අපි බලමුකෝ මිනීමරුවවත් අල්ලාගෙන ලුසිෆර්ගේ සැගවුණු අභිප්‍රායත් ඉෂ්ට සිද්ද කරගන්න හැකිවේවිද නැතිද කියලා. එහෙමනම් මෙතෙකින් මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 320MB |    

62507BC168173823896B3CC5CB2DA3D08163891C

Direct Download

| HDTV | x264 | SVA | 320MB |    

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *