MENU

Lucifer [S03 : E17] | ගිණි කෙළි සහ මළකෙළි!

අද අරගෙන ආවේ ඔයාලා මඟ බලාගෙන හිටපු ලුසිෆර් කතා මාලාවේ තුන්වෙනි සීසන් ඒකෙ 17 වැනි කොටසේ සිංහල උපසිරැසිය. වැඩි අතුරු කතා නැතුව මෙහි කතාව ගැන යමක් කිව්වොත් මේකෙදි පොප් ගායිකා ඇසාරාගේ ජීවිතය තර්ජනයට ලක්වෙන අන්දමේ සිදුවීමකට මුහුණ පානවා. එක දර්ශන වාරයකදී ඇසාරා වගේ ඇඳගෙන රංගනයේ යෙදුනු ආදේශක නර්තන ශිල්පිනියක් අධි බලැති ගිණිකෙලි ප්‍රහාරයකට ලක්ව අවසන් හුස්ම හෙළනවා. මේ සිදුවීම ගැන පරීක්ෂණය භාරවෙන්නේ ක්ලොයිට. මුලිකව මේ පරිෂණය ගැන තමයි අද කතාව. මේකෙදි ලුසිෆර් ක්ලොයිට එතරම් උදව් කරන්න කැමති නැහැ ඇයගේ ජීවිතය අවදානමේ හෙලන්න අකමැති නිසා. කෙසේ වෙතත් මේ පරීක්ෂණය ඉදිරියට යන අතරේ ඇසාරාව සුවපහසු ලෙස ආරක්ෂිතව තියාගන්න ලුසිෆර් උත්සහ කරනවා. මේ අතරේ ඇසාරා වෙත එවපු ට්විටර් පණිවුඩ කිහිපයක් නිසා ඇය ගැන පිස්සු වැටුණු රසිකයෙක් වෙත සැකය එල්ල වෙනවා. මේ විධියට පරීක්ෂණය වෙන හැටි අද කතාවෙන් බලන්න පුළුවන්. තමන්ට මැරෙන්න උදව් කරන්න ඉදිරිපත් නොවීම නිසාත් ඒබල්ට තමන්ව මරන්න බැරි වුණු නිසාත් පියර්ස් කලකිරීමට පත්වෙනවා. පියර්ස් නැවතත් විශ්වාස කරන්න ගන්නවා යතුර ක්ලෝයි කියල. මේ අතරේ ලින්ඩා, මේස් එක්ක තිබුණු ආරවුල සමථයකට පත් කරගන්න හදනවා. මේකට චාලට් වත් යොදාගන්න හදනවා, ආරවුල සමථයට පත් කරන්න. මේ ඔක්කොම එකට සමබන්ධ වෙලා කතාව යන හැටි අද කොටසින් බලාගන්න. දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 310MB |    

71F39A0BAA07F0B82BBE317FC06281160CF716A1

Direct Download

| HDTV | x264 | KILLERS | 310MB |    

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *