MENU

Maigret: Night at the Crossroads (2017) | ආභරණ වෙළෙන්දාගේ මිනීමැරුමේ අභිරහස (18+)

ලෝක සාහිත්‍යයේ මෙතෙක් නිර්මාණය උන විශිෂ්ඨතම රහස් පරීක්ශකයා කවුද කියලා ඇහුවොත්… අනිවාර්යෙන්ම හුඟක් දෙනෙක් කියාවි සර් ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කියලා. මොකද ඒ තරමටම ෂර්ලොක් හෝල්ම්ස් චරිතය ලෝකේ පුරාම ප්‍රසිද්ධයි, ඒ වගේම තමයි අපේ ලේ නහර වලටම ඒ චරිතය කා වැදිලා තියෙන්නේ.

ලංකාවේ අපිට එතරම් හුරුපුරුදු නැතත් ලෝකේ පුරාම ප්‍රසිද්ධ තවත් එක් රහස් පරීක්ශකයෙක් තමයිහර්කියුල් පොරෝ කියන්නේ. මේ හර්කියුල් පොරෝ චරිතය නිර්මාණය වෙන්නේ තවත් එක් විශිෂ්ඨ අභිරහස් කතා නිර්මාණකාරියක් උනු අගතා ක්‍රිස්ටිගේ පෑන් තුඩින්. ඉදිරියෙදි නිකුත් වීමට තියෙන කියනMurder on the Orient Express චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙත් අගතා ක්‍රිස්ටිගේ එනමින්ම තියෙන, හර්කියුල් පොරෝ මූලික කර ගත්තු නව කතාවක්.

කවුරු මොනවා කිව්වත් මේ දෙන්නා තමයි දැනට මේ ලෝකේ බිහි උන විශිෂ්ඨතම රහස් පරීක්ශකවරු දෙන්නා. මං හිතන්නෙ නෑ අනාගතයෙදි උනත් ඒ තත්වය වෙනස් වෙයි කියලා. මේ දෙන්නට අමතරව නිර්මාණය උන වෙනත් රහස් පරීක්ශක චරිත තිබුනත්, මම හිතන විදියට ඒ කාටවත් බෑ මේ දෙන්නගේ ලඟටවත් එන්න. මෙන්න මේ කාරණාවෙදි සමහර අය මාත් එක්ක එකඟ නොවෙන්න පුළුවන්. ඒත් ඉතින් මගේ අදහස නම් ඒක තමයි.

ජූල්ස් මේග්‍රෙට්…. මං හිතන්නේ නෑ ඒ චරිතය ලංකාවේ අපේ අය අතර එතරම්ම ප්‍රසිද්ධයි කියලා. මම හිතන විදියට ෂර්ලොක් හෝම්ස් සහ හර්කියුල් පොරෝ දෙන්නා හා සම සමව නොවුනත් ඒ ලඟින් තියන්න පුළුවන් චරිතයක් තමයි ජූල්ස් මේග්‍රෙට් කියන්නේ. මේග්‍රෙට් නිර්මාණය වෙන්නේ බෙල්ජියන්ජාතික සාහිත්‍යකරුවෙක් උනු ජෝර්ජස් සිමෙනොන් විසින්. මේ චරිතේ පසුබිම ගැන කියනව නම් මේග්‍රෙට් කියන්නේ ප්‍රංශේ පැරිස් නුවර පොලිස් මූලස්ථානයේ ලොක්කා. ඔහුට විසඳන්න වෙන අපරාධ පදනම් කරගෙන තමයි කතා නිර්මාණය කරල තියෙන්නේ. වර්ශ 1931 සහ 1972 අතර කාලය තුල මේග්‍රෙට් පාදක කරගෙන නව කතා හැත්තෑ හයකුත්කෙටි කතා විසි අටකුත් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. ඒ හුඟක් කතා පාදක කරගෙන ටෙලි නාට්‍ය, චිත්‍රපටි, රේඩියෝ නාට්‍ය නිර්මානය වෙලත් තියෙනවා.

2016 දි බ්‍රිතාන්‍යයේ ITV කියන නාලිකාව විසින් මේග්‍රෙට් චරිතය පාදක කරගෙන අලුත් TV Series එකක් නිකුත් කරා. මේ series එකේ මේග්‍රෙට් චරිතය රඟපන්නේ අපි කවුරුත් දන්න මිස්ට බීන් එහෙම නැත්තන් රෝවන් ඇට්කින්සන්. එක සීසන් එකකට කතා දෙකක් බැගින් තියෙන විදියට මේ වෙනකොට සීසන් දෙකක් නිකුත් කරලා තියෙනවා.

Series 1(2016);
Maigret Sets a Trap
Maigret’s Dead Man

Series 2(2017);
Maigret’s Night at the Crossroads
Maigret in Montmartre

මේ අතරින් Maigret in Montmartre කියන එපිය තාම රිලීස් කරලා නෑ. මම හිතුවේ Series 1 එකේ එපිසොඩ් දෙකටම සිංහල සබ් බයිස්කෝප් සයිට් එකේ තියෙනවා කියලා. ඒත් මට සිංහල සබ් හොයා ගන්න පුළුවන් උනේ Maigret Sets a Trap එපියට විතරයි. ඉදිරියෙදි ඒ එපියටත් සබ් කරලා දෙන්න බලන්නම්.

අද මං සබ් කරලා අරගෙන ආවේ Maigret’s Night at the Crossroads කියන එපිය. මේ එපිය නිකුත් උනේ 2017 අප්‍රේල් 16 වෙනිදා. කොහොමත් මේ series එක අයිති වෙන්නේ Crime, Drama, Mystery genre එකට නේ. මේ එපිය අධ්‍යක්ශණය කරලා තියෙන්නේ Sarah Harding විසින්. රෝවන් ඇට්කින්සන් ඇරුනම Ben Caplan, Katherine Kanter, Robin Weaver, WandaOpalinska, Tom Wlaschiha, Mia Jexen, Shaun Dingwall, Leo Staar, Kevin McNally ඇතුළු නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. මේ එපියෙ IMDb අගය 7.5.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 700MB |  

2387c7744d3d027819fe3e113b5710ec51281165

Direct Download

| WEB-DL | x264 | FUM | 700MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

6 thoughts on “Maigret: Night at the Crossroads (2017) | ආභරණ වෙළෙන්දාගේ මිනීමැරුමේ අභිරහස (18+)

  • Sulakshana Thilakarathna

    ලබාදෙන සිංහල උපසිරැසියටත් එහි පිටපතටත් උපසිරැසි කරුට මෙන්ම බයිස්කෝප් වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලයටත් හද පිරි ප්‍රණාමය වේවා!!!

    Reply
  • Alpha001

    Machan Oya torrent link eken search wenneh oyah ep ekh nmeh.
    [Maigret.Sets.A.Trap.HDTV.XviD-FUM] oyah ep ekah.

    Reply
    • tharidu16

      ekata kalin dunna Bro

      Reply
  • Maigret’s Dead Man ekatath sub denna bro.jaya wewa..

    Reply
  • tharidu16

    කමෙන්ට්ස් නොදැම්මට අධෛර්මත් වෙන්න එපා. ටොරන්ට් වලට වඩා මෙහෙම බාගන්න එක, වැඩිය කම්පියුටර් නොදන්න අයට වාසියක්. ඒ වගේම් ඩවුන්ඩ්ලෝඩ් මැනේජර් හරහා හරි ස්ප්‍රීඩ්. ගොඩාාාක් ස්තුතියි. පිං ඔබලා හැමදොනාටම.

    Reply
  • හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි..
    රහස් පරීක්ෂක චිත්‍රපටි නියමයි.
    ජයවේවා..
    දිගටම උපසිරැසි දෙන්න.
    තෙරුවන් සරණයි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *