MENU

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E22] | ලෝක විනාසය..

පහුගිය සුමානෙ මතකනෙ, ඔව් අන්තිමට ගෝස්ට් රයිඩර් ආපහු මතුවුනා. හැමෝම වගේ මාත් බලන් හිටියෙ ගෝස්ට් රයිඩර් ආපහු එනකන්. ඔයාලා දකින්න ඇතිනෙ එයිඩා සම්පූර්ණයෙන්ම මනුස්සයෙක් බවට පරිවර්තනය වෙලා. හැබැයි ඉතින් මෙයාට ලැබෙන දැනෙන සේරම හැගීම්, දැනීම් සියල්ලම අළුත්ම අත්දැකීමක්. අපිට නම් පොඩි කාලෙ ඉදලා ඒවා පුරුදු වුනාට එක පාරටම වැඩි මහල් පුද්ගලයෙකුට ඒ හැගීම් දැනීම් දැනෙන්න ගන්නකොට කොහෝමට තියෙයිද? ඔව් සමහර ඒවා පාලනය කරගන්න බැරිවෙනවා. තරහව, විරහ, කේන්තිය ඔය වගේ. එයිඩට වෙන්නෙත් ඒකමයි. ගෑණිට විරහව පාලනය කරගන්න බැරි වෙනවා. ඉතින් මිනි මරන්න පටන් ගන්නවා. ඒකටම හරියන්න අයිවනෝව් හාදයා මිනිහ වගේ බර ගානක් රොබෝලා හදලා. ඒ සේරම පාලනය කරන්නෙ මිනිහගෙම මොලෙන්.

එයිඩා නිකන්ම මනුස්සයෙක් වෙලා විතරක් නෙවෙයි. එක එක බලයනුත් තියෙනවා. ඒ කියන්නෙ ෆ්රේම්වර්ක් එකේදි එයිඩා මනුස්සයෙක් වෙන්න විතරක් නෙවෙයි එයාටම කියලා බලන් ලබා ගන්නත් වැඩ කරලා තියෙනවා. ඒ නිසා තමයි හයිඩ්‍රා එක ෆ්රේම්වර්ක් එකේ පිහිටුවලා ඉන්හියුමන්ලව දඩයම් කරන්න පටන්ගෙන තිබිලා තියෙන්නෙ. ඒ එයාලගෙ බලයන් ගන්න.. මැක් තවමත් ෆ්රේම්වර්ක් එකට වෙලා ඉන්නෙ. ඉතින් යෝ-යෝ ට මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් හැමෝටම හොරෙන් යෝ-යෝ ෆ්රේම්වර්ක් එකට ප්ලග් වෙනවා. දැන් ඉතින් ගෑණිටනම් මොකවත් හිතා ගන්න බැරුව ඇති. ඒ වගේම තමයි ෆ්රේම්වර්ක් කලබගෑනිය හින්දා ජෙෆ්රි මේස්ගෙ ජීවිතේ නැතිවෙනවා. ෆිට්ස් ඒකටනම් ඉන්නෙ ලොකු පසුතැවීමකින්.. ඉතින් තවත් මම කියන්න යන්නෙ නෑ. ඔය කිව්වෙ පහුගිය සුමානෙන් ටිකක්. මේ සතියෙ කොටස බලන්නකො. අනිවා ඉතින් ගෝස්ට් රයිඩර් වැඩට බැහැලා ඉදියි. නැතුව නේද? නිකමට ආවා නෙවෙයිනෙ. අනිවා කෝන්තර පිරිමහන්නනෙ. අපි බලමු එයිඩගෙ කතාවත් ගෝස්ට් රයිඩර්ම අවසන් කරාවිද කියලා.

මම මේක කියන්නම ඕන. ඔය හැමෝම දන්නව වගේ මේ කතා මාලාව ප්‍රණීත් චින්තක රණසිංහ අයියගෙ. එයා තමයි මේ සීසන් එකෙත් වැඩි බරක් ඇද්දෙ. කොහොම නුමුත් එයාට වැඩා රාජකාරි නිසා වෙන්නැති ගානට වෙලාවට දෙන්න බැරිවුනේ. නැත්නම් දන්නවනෙ සබ් මැෂිමක්.  ඉතින් මං මේකට පටලැවුනේ කොහොමද කිව්වොත්, මං විමාගෙන් ඉල්ලුවෙ වෙන සීරියස් එකක එකම එක කොටසක්. ඉතින් එතකොටත්, ඒක සම්පූර්ණයෙන්ම වෙන් කරගෙන බං, පුළුවන්නම් ශීල්ඩ් එකේ අළුතින් ආව කොටහා කරලා දියන් කිව්වා. ඉතින් ඒක කරලා දුන්නා. පස්සෙ අවසානයක් වෙනකන් කරන්න වුනා. නැත්නම් බලෙන් ඉල්ලගෙන කලා නෙවෙයි. ඉතින් පුළුවන් උපරිමයෙන් මම සබ් එක කලා.  ප්‍රණීත් අයියගෙ සබ් තරම්ම නම් හොදට තිබ්බද දන්නෙ නැ. මොකද ඉතින් එයාගෙ අමුතු වචන සෙට් එකත් එක්ක රහට කරනවනෙ. මමත් පෞද්ගලිකව කැමතිම උපසිරැසි කරුවෙක්. බලන පිරිසගෙන් අනිවා 25-35 ත් අතර පිරිසක් හැමදාම වගේ කොමෙන්ටුවක් දාලා සහය දුන්නා. ඔව් අනිවාර්යයෙන් බාගත කිරීම් 1300 පනිනවා. ඒත් අදහස් දැක්වීම අතින් නම් අන්තිමයි. ඒක කියන්නම ඕන. හැමදාම කොමෙන්ට් කරන පිරිස විතරයි. ඒ අයට බොහෝම ස්තූතියි මාත් එක්ක දිගටම හිටියට.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 165MB |    

7d9b9995ce4b232a07ac5af8b752f7ee80e727cf

| HDTV | x264 | KILLERS | 233MB |    

2db93b4bef9a392e9742f21f876bd3a00eadf359

| HDTV | x264 | 720p | 921MB |    

13f2421c2d41b1fed77837083dbf3e22373ac02f

| HDTV | x265 | 720p | 176MB |    

4b9dc99ceb17083d96649badd7d8328eb2eb18bc

Direct Download

| HDTV | x264 | 480p | 140MB |             

| HDTV | x264 | KILLERS | 230MB |     

| HDTV | x264 | 720p | 920MB |                 

| HDTV | x265 | 720p | 138MB |               

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E22] | ලෝක විනාසය..

  • subtitle එක තාම නෑනේ සහෝදරයා……waiting.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *